Search here...
TOP
පෝෂණ​ය

ඉතාලි රසට කන්න ආස පොඩ්ඩොන්ට ටූනා දාලා පාස්තා හදමු

ඉතාලි කෑම බහුතරයක් ඉතින් එච්චර සැර නැති චීස් රසට තියෙන කෑමනෙ. පොඩ්ඩොන්ට නම් කියාපු කෑම තමා මේ. අද අපි අරන් ආවෙ පොඩ්ඩොන්ට වගේම ලොක්කොන්ටත් කන්න පුළුවන් රසම රස පාස්තා රෙසිපි එකක්.

 

පෙන්නෙ පාස්තා විත් ටූනා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙන්නේ පාස්තා කෝප්ප 1
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. කපාගත් ලීක්ස් කඳ කොටස කෝප්ප 3/4
  4. චොප්කරගත් සුදුළූණු බික් 2
  5. බේබි ස්පිනෑච් කෝප්ප 3
  6. ටූනා ග්‍රෑම් 200
  7. සැලඩ් ඩ්‍රසින් මේස හැඳි 3
  8. කපාගත් තක්කාලි ගෙඩි 3-4
  9. ගම්මිරිස්කුඩු
  10.  පාමසාන් චීස් ටිකක්

 

 

  • පෙන්නේ පාස්තා ටික වතුර දාලා තම්බගන්න. පෙරලා හොඳට සෝදගන්න.
  • පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික දාලා තෙම්පරාද කරගන්න. ටිකකින් ලීක්ස් ටික දාගන්න. පෑන් එක ඕෆ් කරලා නිවිති ටික දාගෙන පෑන් එකේ රස්නෙන් යන්තම් තැම්බෙන්න අරින්න.
  • පාස්තා එකට සාදාගත් එළවළු මිශ්‍රණය දාගන්න. ඊළඟට ටූනා සහ සැලඩ් ඩ්‍රසින් එක කලවම් කරගන්න.
  • තක්කාලි පොඩියට කපලා මේකට දාගන්න. උඩින් ගම්මිරිස්කුඩු ටික දාලා කලවම් කරගන්න.

 

«

»