වැදෑමහ අවහිරවීමට හේතු, එහි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර

ගැබිණි මවුවරුන් සියයකින් එක් අයෙකු පමණ වැදෑමහ අවහිර වීමේ තත්ත්වයට මුහුණදෙනවා. එමගින් ගර්භණී තත්ත්වයේදී සැලකිය යුතු බලපෑමක් එල්ල කරන අතර මාතෘ සහ මළ දරු උපත් සඳහා සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල කරනු ලබනවා

 

මවක් වීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් ඔබ මේ වැදෑමහ අවහිර වීමේ තත්ත්වය ගැන අවධානයෙන් පසුවීමෙන් ක්ෂණික ප්රතිකාර කරා යොමුවීමටත් එමගින් දරුවාට සහ මවට වන අවදානම අඩුකර ගැනීමත්හැකිවනවා

 

වැදෑමහ අවහිර යනු කුමක්ද? What Is Placental Abruption?

වැදෑමහ අවහිර වීම යනු දරු ප්රසූතියට පෙර වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් වෙන් වීමයි. මෙය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් වෙන්වන අතර බොහෝ විට ගර්භණී සමයේ සති 20 පසු වූ විට ඇතිවිය හැකි බරපතල සංකූලතාවයක්. කළලයට අවශ් ඔක්සිජන් සැපයුම සහ පෝෂ් පදාර්ථ ලැබීම මෙමගින් අඩාල වන අතර දරුවාගේ සහ මවගේ ජීවිත සඳහා අවදානමක් ඇතිකරනු ලබනවා

 

වැදැමහ අවහිරවීමට බලපාන හේතු සහ අවදානම් සාධක?

වැදෑමහ අවහිර වීමේ තත්ත්වයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ. ආසන්න හේතුවක් ලෙස ගර්භණී සමයේ මුල් අවදියේදි ගර්භාෂයට සහ වැදෑමහට රුධිරය සැපයීම අක්රමවත් වීම සැලකෙන අතර ඊට අමතරව පහත සාධක මගින් බලපෑමක් එල්ලවන බව පැවසෙනවා

 

ගැබ් ගැනීමෙන් පසුව සහ පෙර ඇතිවන අධික රුධිර පීඩන තත්ත්වයන්

– amniotic sac හා සම්බන්ධ ගැටළු

මවගේ වයස ( විශේෂයෙන් වයස අවුරුදු 20 පෙර සහ වයස අවුරුදු 35 පසු වන ගැබ්ගැනීම්)

පෙකණි වැල කෙටි වීම

– Preeclampsia හෙවත් රුධිර පීඩනය ඉහළ යාම

– Thrombophilia හෙවත් අසමාන ලෙස රුධිර කැටි ගැසීම් තත්ත්වය

පෙර දරු ප්රසූතිය සිසේරියන් සැත්මක් මගින් සිදුකළ අවස්ථාවලදි

ගර්භණී අවදියේදී හදිසි වැටීම, අනතුරු හෝ හදිසියේ උදරයට ඇතිවන කම්පන තත්ත්වයන් හේතුවෙන්

නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් කුස තුළ සිටින අවස්ථාවලදී

අන්තර් ර්භාෂ ආසාදන තත්ත්වයන් 

මව දුම්පානය කරනවා නම් වැදෑමහ අවහිර වීමේ අවදානම 99%ක් පමණ වෙනවා

කොකේන් භාවිතය

 

වැදෑමහ අවහිර වීමට බලපාන ඉහත සාධක වලින් කිහිපයක් ඔබගේ පාලනයෙන් තොරවන කාරණා නමුත් දුම්පානය සහ මත්ද්රව් භාවිතය, හැකිතාක් අනතුරු වළක්වා ගැනීම, නිසි වෛද් පර්යේෂණ සඳහා යොමුවීම වැනි දේ සිදු කිරීම මගින් අවදානම අඩුකර ගැනීමට උත්සාහ කළ යුතු වනවා

 

වැදෑමහ අවහිර වීමේ ලක්ෂණ මොනවාද?

  1. යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
  2. අතගාන විට සහ වෙනත් විට දැනෙන උදරයේ වේදනාව
  3. පිටුපස කොඳු ඇටපෙල පහත ප්රදේශයේ වේදනාව (Lower back pain) 
  4. කළලය තුළ සිදුවන වෙනස්වීම ( හෘද ස්පන්දනය අසාමාන් වීම )
  5. ගර්භාෂයේ නිරන්තර හැකිලීම

 

ගර්භණී සමයේ කොඳු ඇට පෙළෙහි පහත ප්රදේශයේ වේදනාව, අපහසුව සාමාන් තත්ත්වයන් වන අතර යම් නමුත් මෙම රෝග ලක්ෂණ දිගින් දිගටම පවතී නම් හෝ අසාමාන් සංවේදනයක් ඇතිවිට ඉක්මණින් වෛද් උපදෙස් කරා යොමු වීම වැදගත් වනවා

 

වැදෑමහ අවහිර වීමේ තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?

ගර්භණී සමයේ ඇතිවන හදිසි රුධිර වහනයන්, අපහසුතා සහ වේදනාව පදනම් කරගෙන වෛද්යවරුන් විසින් රෝග විනිශ්චයන් සිදුකරන අතර වැදෑමහ අවහිරවීම සම්බන්ධයෙන් තහවුරු කර ගැනිමට පහත පරිදි පරීක්ෂණ කරනු ලබනවා

ශාරිරික පරීක්ෂාව 

රුධිර පරීක්ෂාව

– භෲණ හෘද ස්පන්දන වේගය මැන බැලීම

යෝනි මාර්ගය ආශ්රිත අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය

 

වැදෑමහ අවහිර වීමේන් මව සහ දරුවා තුළ වන සංකූලතා

වැදෑමහේ සුලු ප්රමාණයක් හෝ කොටසක් අවහිර වීමෙන් දැඩි සංකූලතා ඇති නොවන නමුත් වැදෑමහ සම්පූර්ණයෙන්ම අවහිර වුවහොත් මව සහ දරුවා තුළ සංකූලතා ඇතිවිය හැකියි

 

මව තුළ දැකිය හැකිවන සංකූලතා

අධික රුධිර වහනය සහ කම්පනය

රුධිර කැටි ගැසීමේ අවදානම

අධික රුධිර වහනය වීමෙන් සිදුවන මාතෘ මරණ

බාහිරව රුධිරය ලබාදීමට සිදුවීම

වකුගඩු, අක්මාව සහ මොලයේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්රිත බිඳ වැටීම

 

එමෙන්ම පාලනය කිරීමට අසමත් වන අධික රුධිර වහනයකදී කුස තුළ සිටින දරුවාටද පහත පරිදි සංකූලතා ඇතිවිය හැකියි

දරුවාගේ වර්ධනය අඩපණ වීම

කළලයට අවශ් ඔක්සිජන් සැපයුම අඩාල වී මොළයට සහ ජීවිතයට එල්ල කරනු ලබන අවදානම

නොමේරු දරු උපත්

වැදෑමහ අවහිරවීමෙන් පසුව ඉපදෙන දරුවා තුළ පසුකාලිනව ගැටළු ඇතිවීම. ( උදාහරණ ලෙස අධ්යාපනයට දුර්වල වීම)

 

මෙම අවදානමින් මිදීමට හැකි එකම ක්රමය වන්නේ හැකිතාක් දුරට වැදෑමහ අවහිර වීමේ අවදානම ඇතිවීම පාලනය කර ගැනීමයි

 

වැදෑමහ අවහිර වීමේ තත්ත්වය පාලනය කළ හැක්කේ කෙසේද?

දුම්පානය, මත්ද්රව් සහ මත්පැන් පානයෙන් වැළකීම

නිසි වෛද් අනුමැතියකින් තොරව ඖෂධ ලබාගැනීමෙන් වැළකීම

ඔබට ගර්භණීභාවයට පෙර රුධිර පීඩනය වැඩිවීම සම්බන්ධ රෝග ඉතිහාසයක් තිබේ නම් ගැන සැලකිලිමත් වීම

රුධිර පීඩන මට්ටම ස්ථාවරව තබා ගැනීමට හැකිතාක් උත්සාහ කිරීම

හදිසි අනතුරු සහ කම්පන ඇතිවීම වළක්වා ගැනීමට හැකිතාක් උත්සාහ දැරීම (උදාහරණ ලෙස ප්රවේසමින් ඇවිදීම, වාහනයක් ගමන් කරන විට ආසන ආරක්ෂක පටි පැළඳීම)

පෙර ගර්භණී තත්ත්වයකදි වැදෑමහ සම්බන්ධ ගැටළු තිබුනේ නම් සම්බන්ධයෙන් වෛද්යවරයා දැනුවත් කිරීම

වෛද් උපදෙස් පරිදි සෞඛ් සම්පන්න ආහාර වේලක් ගැනීම

සුවදායි නින්දක් ලබා ගැනීම

 

එමෙන්ම ඔබ ගර්භණී කාන්තාවක් නම් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමත් වැදගත් වනවා

– බර ඉසිලීමෙන් වළකින්න

උදරය වෙහෙසවන ව්‍යායාම් කිරීමෙන් වළකින්න. වෛද් උපදෙස් අනුව සුදුසු ව්‍යායාමයන්හි නිරත වන්න

ඇතැම් විට ගර්භණී සමයේ ලිංගික ක්රියාකාරකම් හි නිරත වීමෙන් වැදෑමහ අවහිර වීමේ අවදානම් ඇති කරනු ලබනවා. එමනිසා වෛද් උපදෙස් අනුව කටයුතු කරන්න

ඔබ මවක් වීමේ අපේක්ෂාවෙන් පසුවනවා නම් මෙම වැදෑමහ අවහිරවීම ගැන අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ. සෞඛ් සම්පන්න ජීවිතයක් ගත කිරීම මෙවැනි බොහෝ ගැටළු සඳහා විසඳුම වනවා. නමුත් ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ නම් ගර්භණීභාවයට පෙර වෛද්යවරයකු හමුව වී ඔබගේ ශරීරය පරීක්ෂා කර ගැනීම මගින් බොහෝ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.