දරුවන්ට මඩ සමඟ සෙල්ලම් කිරීමෙන් අත්විය හැකි පුදුමාකාර ප්‍රයෝජන

කුඩා දරුවන් මඩ අතගෑමට සහ මඩෙහි සෙල්ලම් කිරීමට දැඩිව ප්රිය කලත් මව්පියන් එයට දැඩි ලෙස විරෝධය පානවා. එය බොහෝවිට දරුවාට මඩ අතගෑමෙන් විෂබීජ ශරීරගත වීම සහ ආසාදන ඇතිවේය යන භීතිකාව නිසා සිදුවන්නක්

නමුත් ඔබ දන්නවාද මඩ අතගෑමෙන් සහ මඩෙහි සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් දරුවාට අත්වන ප්රයෝජනත් තිබෙන බව? විශේෂයෙන් මුල් ළමාවිය ගත කරන දරුවන්ට මඩ සමග සෙල්ලම් කිරීමට ඉඩ හැරීම ඔවුන්ගේ සංවර්ධනයබෙහෙවින් ඉවහල් වෙනවා. 

 

මඩ සමග සෙල්ලම් කිරීම යනු කුමක්ද?

Chalit Saphaphak/Stocksy United

මඩ කියූ පමණින් ඔබට සිතට අප්රසන්න හැඟීමක් පැමිණියත් මඩ සමග සෙල්ලම් කිරීම යනු දරුවා මිදුලේ / මුහුදු වෙරළේ ආදි ඕනෑම තැනක වැලි මාලිගා සෑදීම, කෝම්පිට්ටු සෑදීම හෝ වැලි දැමූ සෙල්ලම් පීඨිකාවක සෙල්ලම් කිරීම වැනි ඕනෑම දෙයක් හැඳින්විය හැකියි. එසේ නොමැති නම් තෙතමනය සහිත මඩ ආශ්රයෙන් යම් යම් නිර්මාණ සැකසීම ආදියද හැඳින්විය හැකියි. මඩ සමග සෙල්ලම් කිරීමෙන් දරුවා විනෝදයට පත්වන අතරම එමගින් දරුවාගේ නිර්මාණශීලි හැකියාවද වර්ධනය වෙනවා. 

 

මඩේ සෙල්ලම් කිරීම දරුවාට ආරක්ෂිතයිද?

මඩ සමග සෙල්ලම් කිරීම ආරක්ෂිත බවට සනාථ කළ හැක්කේ ඔබ දරුවාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේ නම් සහ ආරක්ෂිත වටපිටාවක දරුවාට මඩ සමග සෙල්ලම් කිරීමට ඉඩ හරින්නේ නම් පමණයි. විශේෂයෙන් අධ්යනයන්ගෙන් හෙළිව ඇති ආකාරයට ගොවිපළවල් ආශ්රිතව සහ ගම්මානවල එළිමහනේ හැදී වැඩෙන මඩෙහි සෙල්ලම් කරන දරුවන් ඇදුම රෝගය වැනි ආසාත්මිකතා වැළඳීමේ ප්රවණතාවය අඩු බවයි. දරුවන් කුඩාවියේදිම ක්ෂුද්ර ජීවින්නිරවාරණය වීම තුළින් ඔවුන්ගේ ප්රතිශක්තිය වර්ධනය වන අතර බාහිර පරිසරයඅනුවර්තනය වීමද සිදුවනවා

 

දරුවන්ට මඩෙහි සෙල්ලම් කිරීමට ඉඩ හරින විට පහත කරුණු සම්බන්ධවද සැලකිලිමත් විය යුතු වෙනවා

කුණු, දුහුවිලි වැනි අපිරිසිදු දේ ඔවුන්ගේ නාසය, ඇස් සහ මුඛයට ඇතුල් නොවීමට ඉඩ සැලසීම

විෂ සහිත අපද්රව් බැහැර කරන ස්ථානයක් නොවන ආරක්ෂාකාරි පරිසරයක දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ හැරිය යුතුයි

ඔවුන් මඩෙහි හෝ එළිමහනේ සෙල්ලම් කිරීමෙන් පසු හොඳින් සබන් හෝ වෙනත් විෂබීජනාශයක් යොදා අත් පිරිසිදු කිරීම හෝ දරුවා සේදීම.

 

මඩෙහි සෙල්ලම් කිරීමෙන් දරුවාට අත්වන ප්රතිලාභ

1. දරුවා සතුටට පත් වීම – Makes children happy

මඩ අත ගෑමට ඉඩ හැරීම, එළිමහනේ හෝ මුහුදු වෙරළේ කාලය ගත කිරීමට ඉඩ හැරීමෙන් දරුවාට ක්රියාශීලි බවක් ගෙනදෙන අතරම ස්වභාව දහම සමග ඔවුන්ගේ සබඳතාවයද වර්ධනය වෙනවා. විශේෂයෙන් පසෙහි ඇති M. vaccae නමැති බැක්ටීරියාව මොළයේ සෙරටොනින් නමැති හෝමෝනය නිපදවීමට බලපාන නියුරෝන උත්තේජනය කරන බවට පර්යේෂකයන් සොයාගෙන ඇති අතර එමගින් ඔවුන්ගේ යහපත් හැඟීම් වැඩිදියුණු කරනු ලබනවා

 

2. ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි – Improves immunity

මඩෙහි සෙල්ලම් කිරීම, තෙත මඩ ආශ්රයෙන් නිර්මාණ සෑදීම වැනි දේ දරුවාට විනෝදයක් ගෙන දෙන අතරම හිතකරද වෙනවා. ඉතා අධික ලෙස සංවේදි සහ ඉතා පිරිසිදු පරිසරයන්හි ඇතිදැඩි වන දරුවන් ඉක්මණින් විවිධ ආසාදන වලට ගොදුරු වන අතර බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද් ජීවීන් සහිත පරිසරයන් හි සෙල්ලම් කිරීමට ඉඩහරින දරුවන් ලෙඩරෝග වලින් ආරක්ෂා වන අතර ඔවුන්ගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා මෙන්ම අසාත්මිකතා, ඇදුම, තරබාරුව සහ වෙනත් බෝ නොවන රෝග වලට ගොදුරු වීමෙන්ද ආරක්ෂා වෙනවා. 

 

3. දරුවාට ක්‍රියාශීලි ජීවන රටාවක් හිමිවීම – Makes your child active

දරුවන් එළිමහනේ සෙල්ලම් කරන විට සහ මඩ අතගාන විට වලවල් හෑරීමට, යම් යම් දේ සෑදීමට, විසි කිරීමට, වාඩි වීමට සහ සිටගෙන සිටීමට තම අත් සහ කකුල් භාවිතා කරනවා. එමගින් ඔවුන්ගේ නිර්මාණාත්මක සහ කාර්මික කුසලතා වර්ධනය වන අතර අලස කමින් තොර ක්රියාශීලි දිවියක් ගත කිරීමට කුඩා කල සිටම හුරුවනවා

 

4. නිර්මාණාත්මක කුසලතා වර්ධනය – Improves creativity

 සීමා මායිම් නීති රීති නොමැති එළිමහන් මඩ ක්රීඩා දරුවන්ගේ පරිකල්පනය සහ නිර්මාණශීලි හැඟීම් වර්ධනයට ඉවහල් වෙනවා. දරුවාට තමා කැමති දේ නිර්මාණයට නිදහස ලැබෙන අතර මඩ සමග ක්රීඩාව ඔවුන්ගේ බොහෝ ඉන්ද්රියයන්පෙනීම, ශ්රවණය, සුවඳ සහ ස්පර්ශය සමග සම්බන්ධ වීමෙන් බහුකාර් සංවේදනය ඉගෙනුමට උපකාරි වෙනවා. 

 

5. දරුවාට සුන්දර ළමාකාලයක් ලබාදීමට උපකාර වෙනවා – Creates fond childhood memories

කුඩාකල සිටම දරුවන්ට මඩේ සෙල්ලම් කිරීම, ගෙවතු වගාවට, වළවල් හෑරීම,මඩ ආශ්රයෙන් යම් යම් නිර්මාණයේ යෙදීමට ඉඩදීම තුලින් ඔවුන්තුල මිත් සබඳතා වර්ධනයට ඉඩකඩ ලැබෙන අතර සුන්දර මතක අනාගතය කරා ගෙන යාමට එය උපකාරි වෙනවා. 

 

6. දරුවාට ප්‍රමාණවත් පරිදි විටමින් D ලැබීම – Helps your child get Vitamin D

එළිමහනේ ක්රීඩාවට ඉඩ හැරීම යනු දරුවා හිරු එළියට හොඳින් නිරාවරණය වීමයි. හිරු එළියට නිරාවරණය වීමෙන් දරුවාට ප්රමාණවත් පරිදි විටමින් D ලැබෙන අතර හොඳ ප්රතිශක්තිකරණ පද්ධතියක් සහ අස්ථි සෞඛ්යයක් සඳහා අත්යවශ් සාධයක් වන්නේ විටමින් D . ඊට අමතරව ඇතැම් වසංගත රෝග විද්යාත්මක අධ්යයනවලට අනුව විටමින් D නිසි පරිදි ලැබීම පිළිකා, මානසික අවපීඩනය, හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග ඇතිකරන සාධක සමග සටන් කිරීමටද උපකාරි වෙනවා. 

 

දරුවන්ට මඩ ක්රීඩාවේ නිරතවීමට ලබාදිය හැකි ආකාර

1 . චිත්‍ර ඇඳීම – මඩ වලින් චිත් ඇඳීමට ඉඩදීමෙන් දරුවාට නිර්මාණාත්මක කුසලතා සහ විනොදය වැඩි කරනු ලබනවා

2. මුර්ති නිර්මාණය – දරුවාට ඕනෑම වස්තුවක් සෑදීමමඩ ආශ්රයෙන් හැකියාව තිබෙනවා. ඔවුන් ප්රිය කරන මිනිස් රූප, ගෘහ භාණ්ඩ ආදිය ඔවුන්ට මඩ මගින් නිර්මානය කළ හැකියි

3. ගොඩනැගිලි සෑදීම – ගොඩනැගිලි සහ මාලිගා ඉදි කිරීමට මඩ භාවිතා කළ හැකි අතර ඔවුන්ගේ මනසේ ඇතිවන ඇතැම් දේ එමගින් එළි දැක්විය හැකියි

4. පරිසරය ගවේෂණයට ඉඩදීම – දරුවා එළිමහනට රැගෙන යන්න. අවට පරිසරය ගහ කොළ ඇල දොල සතුන් ආදි දේ ගැන දරුවාගේ උනන්දුවක් ඇතිවන ආකාරයට කතා කරන්න. පස සහ එහි සිටින ජීවින් ගැන දරුවා සමග කතා කරන්න. මඩ භාවිතයෙන් දරුවාට කළ හැකි ක්රියාකාරකම් ගැන පවසන්න. එමගින් ඔබට දරුවාඅවට පරිසරය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කළ හැකියි

5. නිර්මාණයට දිරිය දෙන්න – දරුවා මඩ සමග සෙල්ලම් කිරීම ප්රිය කරනවා නම් දරුවාට යම් යම් නිර්මාණ අත් හදා බැලිය හැකි ඔබ සතුව ඇති ටින් හෝ වෙනත් මෝල්ඩ් ලබාදෙන්න. විවිධ දේ නිර්මාණයට ඉඩහසර ලබාදෙන්න

සාර්ථක මවක හෝ පියකු වීම යනු දරුවා රැකබලා ගැනීම පමණක් නොවේ. ඔහු හෝ ඇයට අනාගතයේ ශක්තිමත් පුද්ගලයකු ලෙස වර්ධනය වීමටත් තමා ජීවත්වන අවට පරිසරය සමග සංවේදි වන නිර්මාණශීලි හදවතක් ඇත්තෙකු ලෙස දරුවා ගොඩනැගීමත් ඔබගේ වගකීමක්. එයට ඔබට අනුගමනය කළ හැකි එක් පහසු ක්රමයක් වන්නේ දෛනිකව යම් කාල වේලාවක් දරුවාට ආරක්ෂාකාරිව එළිමහනේ ක්රියාශිලි වීමට අවස්ථාව ලබාදීමයි

 

දරුවාට ලැබෙන ප්‍රතිලාභ ගැන දැන් ඔබ දැනුවත්. එසේ නම් බිය නොවී පළමු පියවර තබන්න. දරුවා එළිමහනට යොමුකරන්න. ඇති තරම් මඩෙහි සෙල්ලම් කිරීමෙන් ප්‍රීති වීමට ඉඩ හරින්න. මතක ඇතුව දරුවාගේ දෑත් සහ දෙපා හොඳින් පිරිසිදු කරන්න. එවිට ඔබ බියවන විෂබීජ සහ බැක්ටීරියා වලින් ප්‍රමාණවත් ආරක්ෂාවක් දරුවාට ලැබේවි.