Search here...
TOP
පෝෂණ​ය

උදේ කෑමකට රසම රසට තෝසෙ එක්ක පොල් චට්නි හදන්නෙ මෙහෙමයි

තෝසයක් එක්ක පොල් චට්නි කියන්නෙ ඉතින් උදේකට බඩපිරෙන්න කියාපු කෑමක්. ඔන්න අද අපි අරන් ආවෙ තෝසෙ වගේම රසට පොල් චට්නියකුත් හදාගන්න හැටි. 

 

තෝසෙ සමඟ පොල් චට්නි

තෝසේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. උළුඳු ග්‍රෑම් 150
  2. සහල් ග්‍රෑම් 500
  3. ලුණු ස්වල්පයක්
  4. වතුර කෝප්ප 1ක්
  5. සීනි තේ හැඳි 1ක්
  6. හීල් බත් මිටක්

 

  • උළුඳු සහ සහල් එකට දාලා රැයක් පොඟවා ගන්න. 
  • පොඟවා ගත් සහල් හා උළුඳු වලට වතුර කෝප්පයක් මිශ්‍ර කර බ්ලෙන්ඩරයට දාලා හොඳින් අඹරා ගන්න. මේකටම හීල් බත් ටිකත් දාල ආයෙ බ්ලෙන්ඩ් කරගන්න.
  • එහෙම අඹරා ගත් මිශ්‍රණය භාජනයකට දාලා පැය 6ක් විතර වහලා තියන්න.
  • හදාගත් මිශ්‍රණයට වතුර කෝප්ප 1/4ක්, රස අනුව ලුණු හා සීනි දාලා හොඳින් කලවම් කරන්න.
  • ඊට පස්සෙ රත් කරගත් තෝසේ තැටියට අවශ්‍ය ප්‍රමාණයට තෝසේ මිශ්‍රණය දාගෙන තුනී කරගන්න.
  • තැටිය මත වූ තෝසේ එකට තෙල් බිංදු හතරක් හෝ පහක් එක් කර හොඳින් පිසගන්න.
  • පසුව තෝසේ එක අනිත්පස හරවා එලෙසින්ම පිසගන්න.

පොල් චට්නි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොල් කප් 2
  2. සුදුළූණු බික් 2
  3. අමුමිරිස් කරල් 5
  4. බී ළූණු  ගෙඩි 1
  5. කරපිංචා
  6. අබ
  7. වියළි මිරිස් කරල් 2
  8. එළවළු තෙල් මේස හැදි 2
  9. රස අනුව ලුණු
  10. දෙහි යුෂ

 

  • ගා ගත් පොල් වලට සුදුළූණු, අමුමිරිස්, බී ළූණු දාලා රස අනුව දෙහි යුෂ එකතු කරගන්න.
  • ඉන්පසු එම මිශ්‍රණය බ්ලෙන්ඩරයට දාලා හොඳින් මිශ්‍ර කරගන්න.
  • වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් දාලා තෙල් රත්වූ පසු වියළි මිරිස්, කරපිංචා දාලා හොඳින් තෙම්පරාදු කර කලින් හදාගත්ත පොල් මිශ්‍රණය ද එක් කර හොඳින් කලවම් කර ළිපෙන් බා ගන්න.

 

«

»