එක එක රටවල් වල ළමයි අතර ප්‍රසිද්ධ ළමා සෙල්ලම් 10ක්

දරුවන් සෑමවිටම ක්රියාශීලීව සිටීමටයි ප්රිය කරන්නේ. එකම සෙල්ලමන් හි නිරත වීමෙන් දරුවාට ඇතිවන ඒකාකාරී බවෙන් මිදීමට උදව් කිරීමට ඔබටත් අවශ් නම් ලොව විවිධ රටවල දරුවන් නියලෙන සෙල්ලමන් හඳුන්වා දීමෙන් ඒකාකාරී බවෙන් මිදීමටත් දරුවාට අලුත් අත්දැකීම් ලබාදීමටත් ඔබට හැකියි

 

කෝර්, කෝර් ලා ගුරාකා / Corre, Corre la Guaraca

රට : චිලී

අවශ් ද්රව්තරමක ප්රමාණයෙන් යුතු ලේන්සුවක්

සෙල්ලමඅවශ් ක්රීඩකයන් : ළමුන් 5ක් හෝ ඊට වැඩි ප්රමාණයක්

 

සෙල්ලම කරන ආකාරය 

  • ළමුන් සියලු දෙනා රවුමක සේ වාඩිවී සිටින අතර එක් ලමයකු ලේන්සුව වනමින් රවුමෙන් පිටත ගමන් කරයි
  • වාඩි වී සිටින ළමුන්ට ලේන්සුව අතැති ළමයා දෙස බැලීම තහනම් අතර වාඩිවී සිටින ළමුන් Corre, Corre la Guaraca ලෙස තාලයකට ගායනා කරයි
  • රවුමෙන් පිටත ගමන් කරමින් සිටින ළමයා වාඩිවි සිටින ළමයකු තෝරා ලේන්සුව ඔහුගේ හෝ ඇයගේ පිටුපස තබා සම්පූර්ණ රවුම වටේට දිව යා යුතුයි
  • යම්හෙයකින් රවුම වටේ දිවීමට පෙර ලේන්සුව තැබූ ළමයා ඔහුව අල්ලා ගත හොත් ඔහු තරඟයෙන් ඉවත් වේ. එසේ නොමැතිව ඔහු සම්පුර්ණ රවුම දිව ගියහොත් ඔවුන් නැවත සෙල්ලමේ යෙදෙන අතර මෙවර ලේන්සුව අතැතිව ගමන් කළ යුත්තේ කලින් වාඩිවි සිටි ළමයායි

 

 

Agalmata (Statue)

රට : ග්රීසිය 

සෙල්ලම සදහා අවශ් ක්රීඩකයන් : 4ක් පමණ

වයස් සීමාව :අවුරුදු 4 හෝ ඊට වැඩි 

 

සෙල්ලම කරන ආකාරය :

 

  • එක් ළමයකු ක්රීඩා පිටිය මැද සිටුවා ඇස් රෙදිපටියකින් ආවරණය කර එකේ සිට දහය දක්වා හෝ ඊට වැඩි ගණනක් ගණන් කිරීමට පවසන්න
  • අනෙක් ළමුන් ක්රීඩා පිටිය වටා විසිර යා යුතු අතර ඔවුන්ට ඇවිදීම හෝ දිවීම කළ හැකියි
  • ගණන් කරමින් සිටින ළමයා ගණන් කිරීම නවතා “Agalmata!” (Agalmata යනු ග්රීක භාශාවෙන් ප්රතිමාව යන්නයි) යැයි කියූ සැනින් ක්රීඩා පිටියේ දිවයන් අනෙක් ළමුන් නොසෙල්වී පිළිමයක් සේ සිටිය යුතුයි. මෙහීදි ඔවුන්ට ඔවුන් දැකඇති විවිධ ප්රතිමා ඉරියව් අනුකරණය කර ගැකියි
  • පසුව ගණන් කෙරූ ළමයා විසින් පිළිම බවට පත්ව සිටින ළමුන් හෙලවීමට හෝ සිනස්සවීමට උත්සාහ කරන අතර ජයග්රාහකයා වෙන්නේ එසේ නොසෙල්වී දිගු වේලාවක් සිටීමට හැකි වූ ළමයායි. දරුවන් තුළ සමබරතාවය පුරුදු කිරීමට මෙම සෙල්ලම ඉතාමත් සුදුසු වෙනවා. 

 

 

Oonch Neech

රට : පකිස්ථානය

අවශ් ළමුන් ගණන : අවූරුදු 5 හෝ ඊට වැඩි ළමුන් 4ක් හෝ ඊට වැඩි

අවශ් ද්රව් : ගස්, බංකු, ගල්, කණු වැනි බාධක සහිත එළිමහන් පරිසරයක්

 

සෙල්ලම කරන ආකාරය :

 

  • එක් දරුවකු සෙල්ලම සිදුකරන අතර ඔහු හෝ ඇය Oonch (ඉහළ) හෝ Neech (පහළ) ලෙස පවසයි
  • සෙල්ලම සිදුකරන්නා Oonch (ඉහළ) ලෙස පැවසුව හොත් එවිට පැවසෙන්නේ භූමිය අනාරක්ෂිත වන අතර ඉක්මණින් උස් ස්ථානයකට නැගිය යුතුයි; එසේ නොමැතිව Neech (පහළ) ලෙස පැවසුවහොත් ඉක්මණින් පහතට පැමිණිය යුතුයි. සෙල්ලම කරන්නා පවසන දෙයට හොඳින් ඇහුම්කන් දී ඉහළ පහළද යන්න ඉක්මණින් තෝරා ගත යුතුයි
  • සෙල්ලම සිදුකරන්නා Oonch (ඉහල) ලෙස පැවසූවිට උස් ස්ථනයට නොගිය හොත් ඔහු හෝ ඇයව සෙල්ලම මෙහෙයවන්නා විසින් අල්ලා ගනු ලබන අතර ඊළඟ වතාවේ සෙල්ලම මෙහෙය වීමට එසේ හසුවූ දරුවාට සිදුවනවා

මෙය දරුවන්ට ඉතා විනෝදජනක සෙල්ලමක් වන අතර ශක්තිය දහනය කළ හැකි හොද ව්යායාමයක්

 

 

Pilolo

රටඝානාව

අවශ් ළමුන් ගණන – 6 

වයස් සීමාවඅවුරුදු 4 හෝ ඊට වැඩි

අවශ් ද්රව්කෝටු හෝ ගල් හෝ කාසි

 

සෙල්ලම කරන ආකාරය :

 

  • පළමුවෙන් සෙල්ලමනායකයකු සහ වේලා සටහන්කරුවකු සහ තරඟය අවසන් කරන සීමාව සටහන් කරන්න
  • අන් ක්රීඩකයන්ට ඉවත හැරෙන සේ පවසා නායකයා විසින් කෝටු හෝ කාසි සඟවාපිලෝලෝලෙස පවසනවා. ( එහි තේරුමසොයන්නයන්නයි)
  • නායකයා පිලෝලෝ ලෙස පැවසූ විගස අනෙකුත් ක්රීඩයන් සැගවූ දෑ සොයා අවසන් සීමාව වෙත පැමිණිය යුතු අතර වේලා සටහන්කරු අවසන් කරන ස්ථානයේ සිට කාලය ගණන් කරනු ලබයි
  • සැඟවූ කාසිය හෝ කෝටුව සොයා ගන්නා තරඟකරු අවසන් කිරීමේ සීමාව වෙත දිව යායුතුයි අතර ඔහුට හෝ ඇයට එක් ලකුණක් හිමිවනවා
  • නැවත නායකයකු සහ වේලා සටහන්කරුවකු පත්කර ක්රීඩා කළ හැකි අතර වැඩිම ලකුණු ලබන්නා ජයග්රාහකයා වෙනවා. 

 

 

Kongki Noli

රට :කොරියානු ජනරජය

අවශ් ළමුන් ගණන – 2ක් හෝ ඊට වැඩි

අවශ් ද්රව්කුඩා ගල් 5ක් හෝ කුඩා කඩදාසි ගුලි

 

සෙල්ලම සිදුකරන ආකාරය : 

  • සෙල්ලම මුලින් සිදුකරන ළමයා ගල් හෝ කඩදාසි බෝල 5 අතට ගෙන මුලින් බිමට විසිරුවා හැරිය යුතුයි
  • පසුව 2ක් බෝලයක්/ ගලක් උඩ දමා එය බිමට වැටීමට පෙර බිම තිබෙන බෝලයක්/ගලක් අතට ගැනීමට උත්සාහ කළ යුතුයි
  • එසේ බෝල එකින් එක උඩ දමමින් බෝල / ගල් 5 අතට ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි
  • බෝල 5 අතට ගත් පසු එම බෝල හෝ ගල් 5 උඩ දමා අතේ පිටි අල්ලට එම බෝල 5 ඇල්ලීමට උත්සාහ කළ යුතුයි
  • නැවත් සියල්ල උඩ දමා එක් අතට (අල්ලට) ගැනීමට උත්සාහ කළ යුතුයි
  • එසේ තරඟකරු අල්ලන බෝල සංඛ්යාව ඔහුගේ හෝ ඇයගේ ලකුණු සංඛ්යාවයි
  • අල්ලා ගැනීමට නොහැකි වුවහොත් ඊළඟ තරඟකරුගේ වාරයයි

 

 

Pass the Parcel

රට : එක්සත් රාජධානිය

අවශ් ළමුන් ගණනඅවුරුදු 4 හෝ ඊට වැඩි ළමුන් 5ක් හෝ ඊට වැඩි

අවශ් ද්රව්රැපින් කිහිපයක් සහිතව පාර්සල් කරන ලද කුඩා ත්යාගයක්, සංගීතය වාදනය කළ හැකි කුඩා රේඩියෝවක් හෝ ජංගම දුරකතනයක්

 

සෙල්ලම සිදුකරන ආකාරය : 

 

සෙල්ලම ආරම්භයට පෙර වැඩිහිටියකු විසින් කුඩා චොකලට් එකක් හෝ සෙල්ලම් බඩුවක් හෝ නැතිනම් දරුවන් සතුටු වන ඕනෑම දෙයක් ‍රැපින් කිහිපයක් සහිතව පාර්සල් කර දිය යුතුයි. දරුවාට පහසුවෙන් ඉවත් කළ හැකි රැපින් විය යුතු අතර විවිධ වර්ණයන්ගෙන් යුතු කඩදාසි භාවිතය වඩාත් සුදුසු වෙනවා. 

 

  • ළමුන් රවුමක් සේ වාඩිවි හෝ සිටගෙන සිටිය යුතුයි
  • සංගීත ඛණ්ඩයක් වාදනය කර අතරතුර පාර්සලය එකිනෙකා අතට මාරු කිරීමට උපදෙස් දෙන්න
  • පෙර නොදන්වා එක්වරම සංගීත ඛණ්ඩය නතර කරන්න. එවිට පාර්සලය අතේ ඇති ළමයාට එක් රැපින් එකක් ඉවත් කළ හැකියි
  • සංගීත ඛණ්ඩය නැවත නැවත නතර කරමින් වාදනය කරමින් අවසන් රැපින් එක ඉවත් වන තෙක්ම ක්රීඩා කළ යුතුයි
  • අවසාන රැපින් එක ඉවත් කිරීමට ලැබෙන දරුවා තරඟයේ ජයග්රාහකයා වෙනවා. 
  • මෙම සෙල්ලම දරුවන්ගේ උපන්දින සාද වැනි අවස්ථා වලටද පහසුවෙන් එක්කර ගැනීමට ඔබට හැකියි. අවශ් වන්නේ දරුවන් ප්රියකරන යමක් පාර්සල් කර දීමයි

 

 

Semut, Orang, Gajah

රට : සුමාත්රා දූපත් 

අවශ් ළමුන් ගණනඅවුරුදු 3 හෝ ඊට වැඩි ළමුන් දෙදෙනෙක්

 

සෙල්ලම සිදුකරන ආකාරය : 

 

පළමුවෙන් Gajah, Orang, Semut යන වචන 3 හි අර්ථය දැන ගැනීම වැදගත්

Gajah – අලියා ( මෙම වචනය කියූ විට තම මහපට ඇඟිල්ල එසවිය යුතුයි. )

Orang – මිනිසා ( මෙම වචනය කියූ විට තම වෙදගිල්ල හරස් අතට දිගුකළ යුතුයි. )

Semut – කුහුඹියා ( මෙම වචනය කියූවිට සුළැගිල්ල හරස් අතට දිගුකළ යුතුයි. )

 

  • දරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලා සිටිය යුතු අතර Gajah, Orang, Semut කියා අවසානයේ ඔවුන් ඉහත ඇඟිලි සංඥාවලින් ඔවුන් කැමති එක් සංඥාවක් පෙන්විය යුතුයි
  • උදාහරණ ලෙස A ළමයා අලියා පෙන්වන්නේ නම් සහ B ළමයා මිනිසා පෙන්වන්නේ නම් A ළමයා ජයගනී මන්ද අලියා මිනිසාට පහර දී බිම දාන නිසා. එසේ නොමැතිව A ළමයා කුහුඹියා පෙන්වා B ළමයා මිනිසා පෙන්වන්නේ නම් මිනිසාට කුහුඹියා බිමදා පහසුවෙන් මැරිය හැකි බැවින් B ළමයා ජයගනී. එසේ නැතිනම් A ළමයා කුහුඹියා පෙන්වා B ළමයා අලියා පෙන්වන්නේ නම් කුහුඹියා අලියාගේ කණට රිංගා අලියාට පහරදෙන බැවින් A ළමයා ජයගනී
  • නමුත් දෙදෙනාම සමාන ඇඟිලි සංඥා පෙන්වන්නේ නම් තරඟය නැවත ආරම්භ කළ යුතුයි
  • වැඩි වාර ගණනක් ජය ගන්නා ජයග්රාහකයා වෙයි

 

 

Skippyroo Kangaroo

රට : ඔස්ට්රේලියාව

අවශ් ළමුන් ගණන : ළමුන් 25 ක් පමණ හෝ අවම 6ක් පමණ

වයස අවුරුදු 3 හෝ ඊට වැඩි

 

මෙම සෙල්ලම ඕස්ට්රේලියාවේ බොහෝ ළදරු පාසල් වල භාවිතා කරන අතර එමගින් දරුවන්ට එකිනෙකා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා

 

සෙල්ලම සිදුකරන ආකාරය : 

 

  • ළමයින් රවුමක් ආකාරයට වාඩි විය යුතුයි
  • වැඩිහිටියකු විසින් එක් ළමයකුට රවුම මැදට යන ලෙස පවසන අතර ඔහු හෝ ඇය පළමු Skippyroo, kangaroo ලෙස හඳුන්වනවා
  • රවුම මැදට යන ළමයා ඇස් වසාගෙන ඉදිරියට නැඹුරු වී සිටින විට රවුමේ අනෙක් ළමුන් “Skippyroo, kangaroo, dozing in the midday sun, comes a hunter, run, run, run. ” ලෙස තාලයට ගායනා කරනවා
  • ගායනය අතරතුර වැඩිහිටියා විසින් රවුමේ එක් ළමයකු පෙන්වාබලන්න Skippyroo, kangaroo ඔබව අල්ලා ගත්තේ කවුරුදැයි බලන්න ලෙස පවසනවා
  • එවිට රවුම මැද සිටින Skippyroo, kangaroo හඳුන්වන ළමයාට එසේ පෙන්වන ළමයාගේ නම නිවැරදිව පැවසිය හැකි වුවහොත් වෙනත් කෙනෙකුට Skippyroo, kangaroo විය හැකියි
  • හඳුනාගත නොහැකි වුවහොත් නැවත වාරයක් තරඟ කළ යුතුයි

 

 

Go-Go-Im

රට : ඊශ්රායලය

අවශ් ළමුන් ගණන : ළමුන් දෙදෙනෙකු හෝ ඊට වැඩි

වයස අවුරුදු 5 හෝ ඊට වැඩි

අවශ් ද්රව් : ඊශ්රායල් ළමුන්ඇප්රිකොට් ඇට ලබාදෙන අතර ඔබට පහසු එවැනි ඇට හෝ කුඩා ගල් ගත හැකි. නමුත් දරුවා ඒවා ගිල දමනවාදැයි සැලකිලිමත් විය යුතුයි

ඊට අමතරව සෑම ළමයකුටම සපත්තු පෙට්ටියක්

 

සෙල්ලම සිදුකරන ආකාරය : 

 

  • සෑම පෙට්ටියකම උඩ පියනේ විවිධ ප්රමාණයන් 6කින් සිදුරු 6ක් කැපිය යුතුයි
  • කුඩාම සිදුර ඔබ ගනු ලබන ගල් හෝ ඇටයට වඩා යම් තරමක් විශාල විය යුතු අතර අන් සිදුරු ඊට අනුපාතිකව ක්රමයෙන් විශාල විය යුතුයි
  • එක් එක් සිදුරකට අගයක් නියම කළ යුතුයි. ( උදාහරණ ලෙස විශාල සිදුරට 1, කුඩාම සිදුරට 100 ආදි ලෙස 1, 2, 5, 10, 50,100 සිදුරු 6 නම් කළ හැකියි. )
  • පෙට්ටියට අඩි 5ක් පමණ ඈතින් සිටගෙන ක්රීඩා කරන ළමයකු අනෙක් ළමයකුගේ පෙට්ටියට තම ගල් හෝ ඇට දැමීමට උත්සාහ කළ යුතුයි. ඔහු එම පෙට්ටියට දැමුවේ නම් සහ දැමූ සිදුරේ අගය අනුව ක්‍රීඩකයාට හිමිවිය යුතු Go-Go ගණන තීරණය කරනවා. පෙට්ටියට දැමීමට නොහැකි වුවහොත් ඔහුගේ Go-Go එකක් අහිමි වේ
  • වාර ගණන අඩු කිරීමට කුඩා සිදුරුපහළ අගයන් ලබාදිය හැකියි
  • එමෙන්ම දරුවන්ට තම පෙට්ටි අලංකාර ලෙස පාට කර, රූප අලවා අලංකාර කර ගැනීමටද හැකියි

 

 

Egg Jousting

රටආර්මේනියාව

අවශ් ළමුන් ගණන : ළමුන් දෙදෙනෙක්

වයස අවුරුදු 3 හෝ ඊට වැඩි

අවශ් ද්රව් : කටුව ඉවත් නොකරන ලද තැම්බූ බිත්තර . එක් එක් පාට ගල්වන ලද බිත්තර එක් ක්රීඩකයාට එක බැගින් අවශ් වෙනවා. 

 

ක්‍රීඩා කරන ආකාරය :

 

  • දරුවන් දෙදෙනා මුහුණට මුහුණලා සිටගෙන එක් අතකින් පමණක් බිත්තරය අල්වා බිත්තර දෙකෙහි කෙළවරල් දෙක එකිනෙකට තට්ටු කරන්න
  • සාමාන්යයෙන් හොඳින් තම්බන ලද බිත්තර කටුව ඉක්මණින් බිඳී නොයන අතර දරුවන්ට කිහිප වරක් උත්සාහ කළයුතු වෙනවා. 
  • එක් අයෙකු අනෙකාගේ බිත්තරකටුව හොඳින් ඉරිතලා යනලෙස කුඩු කළ හොත් එය ඔහුට හිමිවනවා

විවිධ රටවල සෙල්ලම් ඔබගේ දරුවන්ට හඳුන්වා දීම මගින් දරුවන්ට විනෝදය සහ දැනුම ලබාගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම මේ එක් එක් ක්රිඩාව අපට ගැලපෙන ලෙස විවිධ වෙනස්කම් වලට භාජනය කර පවුලේ විනෝද හමුවලදී හෝ දරුවන්ගේ උපන්දින සාදවලදී යොදාගැනීමෙන් ඔබට ඔවුන් ඉතා සතුටට පත් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් සෑමවිටම වැඩිහිටි ඔබගේ අධීක්ෂණය යටතේ ක්රීඩා කිරීමට ඉඩ ලබාදිය යුතුයි. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වීම වැදගත්.