තනිකඩ මවක් හෝ පියෙක් සමඟ දරුවන් හැදී වැඩීමේ ධනාත්මක බලපෑම් 5ක් 

තනිකඩ මවක් හෝ පියෙක් ලෙස දරුවෙකු ඇති දැඩි කිරීම ඉතා ආතතියට පත් වෙන්න පුළුවන් කරුණක්. තනි දෙමාපියෙකු ලෙස, ඔයාට කාර්යයන් කිහිපයක් හසුරුවා ගත යුතු අතර දරුවාගේ යහපත වෙනුවෙන් තීරණ කිහිපයක්ම ගන්න වෙනවා. තනිකඩ දෙමව්පියන් සාමාන්‍යයෙන් අත්විඳින විශේෂ අභියෝග කළමනාකරණය කිරීමට, ඔයාගේ කුඩා දරුවාට සහයෝගය දැක්වීමට හා පෝෂණය කිරීමට ඔයාට ඵලදායී ක්‍රම අවශ්‍ය වෙනවා. තනි දෙමාපිය පුහුණුව සහ කුඩා දරුවා සමග ඔයාගේ ජීවිතය පහසු සහ විනෝදජනක කර ගත හැකි ආකාරය ගැන දැන ගැනීමට මේ ලිපිය කියවන්න.

බොහෝ විට, තනි මාපිය පවුල්ව​ල ඍණාත්මක බලපෑම් පෙනෙන්නට තිබුණත් දරුවෙකු ඇති දැඩි කිරීම කෙරෙහි ධනාත්මක බලපෑම් කිහිපයක්ද ඇත.

 

1. ශක්තිමත් මව්-දරු සහ පිය-දරු බැඳීම

ඔයාගේ කුඩා දරුවා සමඟ ගුණාත්මක කාලය ගත කිරීමෙන් ඔබ දෙදෙනා අතර අද්විතීය බැඳීමක් ඇති කරයි. දරුවා තුළ ඔයා ගැන ඇති වැදගත්කම ගැන අවබෝධ කරගෙන එය අඩුවක් නොකර රැකගන්න උත්සහ කරන්න.

බැඳීම ශක්තිමත් නැතැයි ඔයා සිතන්නේ නම්, දරුවාට ඇසෙන්නට කතන්දර කියවීම, එකට චිත්‍රපට නැරඹීම, දරුවාගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රීඩා කිරීම වැනි දේවල් ක්‍රියාත්මක කිරීමෙන් දරුවා සමඟ ගැවසෙන කාලය වැඩි කරන්න උත්සාහ කරන්න.

ඔයා සමඟ දරුවාගේ සම්බන්ධතාවය කිසිදින අවසන් නොවන අතර, ඔවුන් වැඩිහිටියන් වූ පසුත් එය එලෙසම රැකෙන බව වටාහාගන්න. 

 

2. එක්‍ රොක් වීමේ ශක්තිමත් හැඟීම

තනිකඩ දෙමව්පියන්ට උදව් කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙනව. බොහෝ අවස්ථාවන්හීදී, පවුලේ අනෙකුත් සාමාජිකයන් දරුවාගේ ජීවිතයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇත. තම පවුලෙන් වෙන්ව ජීවත් වෙන තනිකඩ දෙමාපියෙක් නම් පවුලේ උත්සව සහ අනෙකුත් කටයුතු වලට හැකිතරම් සහභාගි වීමෙන්ද දරුවන් ප්ලේ ගෲප් වලට යොමු කිරීමෙන්ද දරුවන් හුදෙකලාව වැඩීම මගහැරගන්න පුළුවන්.

 

3. වගකීම් බෙදා ගන්න

තනිකඩ දෙමව්පියන් විසින් ඇති දැඩි කරන ලද දරුවන්ට වගකීම් ලබාදීමෙන් සම්පූර්ණ පවුල් පද්ධතියට ඔවුන්ගේ දායකත්වය ලබාගන්න අවශ්‍ය වෙනව. මේ විදිහට දරුවන්ට පවුල වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වයේ වටිනාකම වටහා ගත හැකි අතර ඔවුන් කරන කියන වැඩවලින් සතුටක් ලැබෙනවා. කොහොම වුණත් හැමවිටම දරුවාට දරුවා සහ ඔබ යන දෙදෙනාගේ වගකීම් වල ස්වභාවය වැටහෙන ආකාරයට කටයුතු කරන්න. ඒ සඳහා දරුවාගේ වයසට සුදුසු වගකීම් පමණක් භාර දෙන්න. නුසුදුසු වයසේදී අනවශ්‍ය වගකීම් දැරීම දරුවාට නුසුදුසුයි.

ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම ගැන දරුවන්ට ප්‍රශංසා කරන්න. පොඩි පොඩි දේවල් වලට උදව් ලබා දෙන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින්න

 

4. පරිණතභාවය

දරුවන් තම දෙමව්පියන් වෙහෙස මහන්සි වී වැඩ කරන බව දන්නා නිසා දරුවන් දෙමාපියන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඉගෙන ගන්නවා. මීට අමතරව, දරුවන්ගේ ජීවිතයේ බලාපොරොත්තු සුන්වීම් කළමනාකරණය කිරීමට ද ඉගෙන ගන්නවා. දරුවන්ට මෙම කුසලතා දියුණු කර ගැනීමට නම්, ඔවුන්ට ඔයාගේ මග පෙන්වීම අවශ්‍ය කරනවා. ඒ නිසා ඔයා දරුවා සමග  සහයෝගීතාවයක් ඇති කර ගන්න.

දරුවා කළකිරී සිටින බව ඔයා දුටුවහොත්, සහයෝගය, සංවේදනය සහ දිරිගැන්වීම සමඟ ප්‍රතිචාර දක්වන්න. මෙම අත්දැකීම් ළමයින්ට යහපත් වැඩිහිටියන් බවට පත්වීමට උපකාරී වෙනවා.

 

5. දෙමාපිය භූමිකාව නිරූපණය

තනිකඩ මවක් ළඟ හෝ පියෙක් ළඟ හැදී වැඩුණු දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගේ ජීවිතයේ ඔවුන්ට ඇති වැදගත්කම අවබෝධ කරගන්නවා. පවුලේ අවශ්‍යතා සමඟ ඔවුන්ගේ අවශ්‍යතා සමබර කර ගැනීමට දරුවන්ට කියාදෙන්න. අනෙක් අයගේ අවශ්‍යතා ද සලකා බැලීමට ඔවුන්ව පුරුදු කරන්න.