Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ඔබටත් දරු ප්‍රසූතියෙන් පසුව රාත්‍රී කාලයේදි අධික ලෙස දහඩිය දමනවාද?

රාත්රී කාලයේ දහඩිය දැමීම උණුසුම් කාළගුණයක් සහිත විට පමණක් සිදුවන්නක් නෙවෙයි. එයට විවිධ හේතූන් බලපෑ හැකියි. විවිධ අසනීප තත්ත්වයන් හේතුවෙන්, ආර්තවහරණය සිදුවන කාලසීමාවේදි සහ විවිධ වූ හෝමෝන වෙනස්වීම් සිදුවන ගර්භණී සමයේදි ආදී විවිධ හේතූන් දහඩිය දැමීමට හේතුවිය හැකියි. විශේෂයෙන් ගර්භණීසමය තුළ ඇතිවන මෙම රාත්රි කාලයේ අධික ලෙස දහඩිය දමන තත්ත්වය ඇතැම් අවස්ථාවල දරු ප්රසූතියෙන් පසුවද කාන්තාවන් තුළ දැකිය හැකි වෙනවා

දරු ප්රසූතියෙන් පසුව රාත්රි කාලයේ දහඩිය දැමීම සිදුවන්නේ ගර්භණී හෝමෝන වන ප්රොජෙස්ටරෝන් සහ එස්ටජන් මට්ටමේ වෙනස්වීම් හේතුවෙන්. එය දරු ප්රසූතියෙන් දින කිහිපයක සිට සති 6 පමණ කාලයක් තිබිය හැකියි. එමගින් කිසිදු බරපතල තත්ත්වයක් ඇති නොවන අතර දිගින් දිගටම රාත්රි කාලයේ අධික ලෙස දැමීම සිදුවනවා නම් වෛද් ප්‍රතිකාර ලබාගත යුතුයි

 

ප්රසූතියෙන් පසු රාත්රි කාලයේ දහඩිය දැමීමට හේතූ

 

හෝමෝන වෙනස්වීම :Progesterone සහ estrogen යනු ගර්භණී සමයවැදගත්ම හෝමෝන දෙකක් වන අතර ගර්භණී සමයේදී මෙම හෝමෝන අධික ලෙස මුදා හැරීම සහ දරු ප්රසූතියෙන් පසු ඒවායේ හදිසි අඩුවීම හේතුවෙන් සිරුර තුළ හෝමෝන අසමතුලිතතාවයක් ඇතිවනවා. ඒ හේතුවෙන් රාත්රි කාලයේ අධික ලෙස දහඩිය දැමිය හැකියි

 

අධි රුධිර පීඩනය : ගර්භණී සමයේදි බොහෝ කාන්තාවන් අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අතර එවැනි කාන්තාවන් තුළ අනෙකුත් දරුවන් ප්රසූත කළ කාන්තාවන්ට රාත්රි කාලයේ දහඩිය දැමීම දැකිය හැකියි

 

තරල එක්රැස් වීම : ගර්භණී සමයේදි සිරුර තුළ තරලය එක්රැස් වන අතර එය නිරෝගි ගැබ් ගැනීමකට වැදගත්. නමුත් ප්රසූතියෙන් පසුව එසේ රැස් වූ තරලය දහඩිය ලෙස සිරුරෙන් පිටවනවා

 

ආර්තවහරණ ක්රියාවලිය ආරම්භය : කාන්තාවන්ට ඔවුන්ගේ වයස අවුරුදු 30 හෝ 40 දී ආර්තවහරණය ආරම්භ විය හැකි අතර මෙම කාල සීමාව තුළ ඔසප් චක්රයේ වෙනසක් ඇති නොවන අතර ගැබ් ගැනීම්ද සිදුවිය හැකියි. නමුත් හෝමෝන වල බලපෑම හේතුවෙන් රාත්රි කාලයට දහඩිය දැමීම සිදුවේ

 

ගැබ් ගැනීමට පෙර ඇතිවූ ගැටළු : පර්යේෂණවලට අනුව පූර්ව ගර්භණී සමයේදී අධික බරක් සහිත වීම අධික දහඩිය දැමීමට හේතු වන බවත් ඇතැම් අවස්ථාවල එය ප්රසූතියෙන් පසුවද දැකිය හැකි වීමට හේතුවනවා

 

දරු ප්රසූතියෙන් පසු කොපමණ කාලයක් රාත්රියේ දහඩිය දැමීම තිබිය හැකිද?

දරු ප්රසූතියෙන් පසුව රාත්රී දහඩිය දැමීම දින කිහිපයක සිට සති 6ක් පමණ කාලයක් තිබිය හැකියි. ඇතැම් අවස්ථාවල විවිධ රෝග ලක්ෂණ සමග දරු ප්රසූතියෙන් පසු වසරක් දක්වා පැවතිය හැකිය. දිගටම පවතින්නේ නම් වෛද් උපදෙස් ලබාගත යුතුයි

 

රාත්රි කාලයේ දහඩිය දැමීමත් සමග දැකිය හැකි ලක්ෂණ

 

අධික දහඩිය සමග ඇතැම් විට හෘද ස්පන්දන වේගය වැඩි වීම

දහඩිය වල තියුණු ගන්ධයක් නිකුත්වීම

කරකැවිල්ල සහ වෙහෙස දැනීම

වෙනත් රෝගයක් හේතුවෙන් දහඩිය දමනවා නම් ඇතැම් විට උණ තත්ත්වයක්ද ඇතිවීම

 

පසු ප්රසව දහඩිය දැමීමකරනු ලබන ප්‍රතිකාර

 

හෝමෝන ප්‍රතිකාර

හෝමෝන නොවන ප්‍රතිකාර

කටු චික්ත්සාව

ශාකසාර ආශ්රිත ආයුර්වේද ප්‍රතිකාර

 

ප්රසූතියෙන් පසු ඇතිවන දහඩිය දැමීම පාලනය කරන ආකාරය

සිරුර වේලීමෙන් වළක්වා ගැනීමට සිසිල් ජලය බහුලව පානය කරන්න. ඊට අමතරව නැවුම් පළතුරු ආහාරයට එක්කර ගන්න

කාමරය සිසිල්ව තබා ගැනීමට ජනෙල් විවෘත කර විදුලි පංකාවක් හෝ වායුසමීකරණ යන්ත්රයක් භාවිතා කරන්න.

සැහැල්ලු ඇඳුම් තෝරාගන්න

නිතර දහඩිය ඇතිවන බෙල්ල වැනි ප්රදේශ තෙත රෙදි කඩකින් පිස දමන්න

පශ්චාත් ප්රසව මානසික අවපීඩනය හා ආතතියෙන් පෙළෙන කාන්තාවන්ටද දහඩිය දමන අතර ආතතිය කළමනාකරණය කිරීම සඳහා පොත් කියවීම හෝ සංගීතයට සවන් දීම වැනි ක්රියාවල නිරත වන්න

ඇතැම් ආහාර ද්රව් නිසා රාත්රී කාලයේ දහඩිය දමන අතර එවැනි ආහාර හඳුනාගෙන ඒවායෙන් වැළකීම සුදුසු වෙනවා

 

වෛද් ප්‍රතිකාර ලබාගත යුත්තේ කවර අවස්ථාවලදීද?

 

උණ, ශරීරයේ වේදනාව, කරකැවිල්ල, කාංසාව, බර අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ දිගින් දිගටම පවතින්නේ නම් හෝ වෙනත් අසනීප තත්ත්වයන් සමග දහඩිය දැමීම දිගටම පවතින් විට වෛද් ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා

 

 

«

»