Search here...
TOP
පෝෂණ​ය

නත්තල් මේසෙට ක්‍රිස්මස් ස්නැක්ස් රෙසිපි – 3

ඔන්න පොරොන්දු වුණ විදියටම අදත් අරන් ආවෙ නත්තල් මේසෙට තියන්න පුළුවන් තවත් රස කෑමක්. මේකට නම් පොඩ්ඩො වගේම නත්තලට ගෙදරට එන හැමෝම කැමති වේවි. බලන්නකො එහෙනම් හදලම.

 

පොටෑටෝ ඇන්ඩ් සොසේජ් බයිට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩාවට කපාගත් සොසේජස් කප් 1
  2. පාන් පිටි කප් 1
  3. තම්බා පොඩි කරගත් අල කප් 1
  4. කපාගත් චෙඩාර් චීස් කප් 1/2
  5. බිත්තර 2
  6. අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක්
  7. පාන් කුඩු

 

  • ෆ්‍රෙශ් මිල්ක්, බිත්තර 1ක් සහ පාන් කුඩු හැර අනෙක් සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. 
  • මිශ්‍රණයට කුඩා බෝල හදාගැනීමට තරම් ෆ්‍රෙශ් මිල්ක් එක් කරගන්න.
  • මිශ්‍රණයෙන් කුඩා බෝල හදා, බිත්තර සාරු වල දවටා, පාන් කුඩු තවරා ගන්න. විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා ගැඹුරු තෙලේ බැදගන්න.

 

«

»