Search here...
TOP
පෝෂණ​ය

හවස තේ වේලට පොඩ්ඩොන්ට දෙන්න සොසේජ් ඇන්ඩ් පොටෑටෝ මෆින්ස්

පොඩ්ඩො කියන්නෙ කොයි වෙලාවෙත් මොනවම හරි කන්න හොයන කට්ටියක්නෙ. ඔන්න අද ගෙනාව හවස තේ වෙලාවට හරි උදේ කෑමකට හරි හදන්න පුළුවන් රස කෑමක්. ගෙදරම සොසේජස් හදන හැටි අපි කියල තියෙන නිසා පොඩ්ඩොන්ට සොසේජස් දෙන්න බයවෙන්න ඕන නෑ ඔන්න. 

 

පොටෑටෝ ඇන්ඩ් සොසේජ් මෆින්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුඩාවට කපාගත් සොසේජස් කප් 1
  2. පාන් පිටි කප් 1
  3. තම්බා පොඩි කරගත් අල කප් 1
  4. කපාගත් චෙඩාර් චීස් කප් 1/2
  5. බිත්තර 2
  6. අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක්

 

 

  • ෆ්‍රෙශ් මිල්ක්  හැර අනෙක් සියල්ලම එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට අවශ්‍ය පමණ ෆ්‍රෙශ් මිල්ක් එක් කරගන්න. 
  • තෙල් තවරාගත් මෆින් ට්‍රේ එකකට පුරවා සෙල්සියස් 180ට විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

 

«

»