පොඩ්ඩොන්ගෙ මූණට හිනාවක් ගේන ස්නැක් එකක් හදමුද?

හවස් වරුවෙ සෙල්ලම් කරල නටල අම්මේ බඩගිනියි කියාගෙන ගෙට ගොඩ වෙන පොඩ්ඩොන්ට කන්න රසවත් කෑම හදන්න අම්මල ආසයිනෙ. එහෙම හවසක ස්නැක් එකට නැත්නම් පවුලේ කට්ටිය එකතු වෙලා ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවක කන්න පුළුවන් රසවත්ම ස්නැක් එකක් තමයි අද අරගෙන ආවෙ. පොටෑටො ස්මයිලීස්. නම වගේම පොඩ්ඩොන්ගෙ මූණට හිනාවක් ගේන කෑමක් තමයි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බා පොඩිකරගත් අල ගෙඩි දෙකක්
  2. ග්‍රේට් කරගත් චීස් මේස හැන්දක්
  3. බිස්කට් කුඩු මේස හැන්දක්
  4. කෝන් පිටි තේ හැන්දක්
  5. ගම්මිරිස් කුඩු
  6. ලුණු කුඩු
  7. බැදගැනීමට තෙල්

 

සාදාගන්නා ආකාරය

  • ඉහත සියළුම දේවල් භාජනයකට දාල හොඳින් අනාගන්න.
  • හොඳින් වසා පැය බාගයක් පමණ ශීතකරණයක තියන්න.
  • ඉන් පස්සෙ කෝන් පිටි ඉහගත්ත ලෑල්ලක මිශ්‍රණය තුනී කරගෙන පොඩි අච්චුවකින් රවුම් කපාගන්න.
  • බීම බටේකින් ඇසුත්, හැන්දකින් කටත් ලකුණු කරගෙන ස්මයිලි ෆේස් එකක හැඩය හදාගන්න.
  • ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.