Search here...
TOP
එදිනෙදා ජීවිත​ය දරුවන්ගේ සෞඛ්‍යය

ඔබේ දරුවාට රාත්‍රී කාලයේ වැසිකිළි භාවිතය (Potty training) හුරුකරනා ආකාරය

දරුවා කුඩා කළ සිටම වැසිකිළි පුහුණුව කිරීම දෙමවුපියන් මුහුණ දෙන තරමක් ගැටළුකාරී අවස්ථාවක්. විශේෂයෙන් බාධාවකින් තොරව රාත්රී කාලයේ දරුවා සහ දෙමවුපියන් යන දෙපාර්ශවයටම සුව නින්දක් ලැබීමටද එය රුකුළක්. එසේනම් දරුවාට Potty training සිදුකරන්නේ කෙසේදැයි ඔබටත් ගැටළුවක් ඇති.  

 

රාත්රී කාලයේ පොටි ට්රේනින් සිදුකරන්නේ කෙසේද?

 

දිවා කාලයේ පොටි හාවිතය හුරු කිරීමත් රාත්රී කාලයේ පොටි භාවිතය හුරු කිරීමත් කාරණා දෙකක්. දරුවා ඇතැම් විට දිවා කාලයේ පොටිය ඉතා කැමැත්තෙන් භාවිතා කිරීම මත රාත්රී කාලයේ පොටිය කැමැත්තෙන් භාවිතා කරයි යන්න බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා රාත්රී කාලයේ පොටි භාවිතය ගැන පුරුදු කිරීමට පෙර පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුයි

 

දරුවා පොටි භාවිතයසූදානම්ද?

පළමුවෙන්ම දරුවාට රාත්රී කාලයේ පොටි භාවිතය හුරු කිරීමට පෙර දරුවා එයට සූදානම්දැයි බැලිය යුතුයි. දරුවා උදෑසන අවදිවන විට ඩයපරය හෝ රාත්රී ඇඳුම තෙමී නැතිවීම එයට වඩා හොඳ සළකුණක්

 

දෛනික පිළිවෙතක් අනුගමනය කරන්න

 

රාත්රී කාලයේ වැසිකිලි හුරු කිරීම දිවා කාලයට වඩා සරලයි සහ පහසුයි. ඔබ කළ යුත්තේ ඔබේ දරුවා නින්දට යාමට පෙර නාන කාමරය වෙත රැගෙන යාමයි. ඇතැම් විට දරුවා එය ප්රතික්ශේප කළත් ඔබ එයට උනන්දු කළ යුතුයි. එමෙන්ම රාත්රී කාලයේදි ඔවුන්ට මුත්රා පිටකිරීමට අවශ් විය හැකි බැවින් සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටිය යුතු බවට දරුවාට දැනුම් දෙන්න. එවැනි අවස්ථාවකදි ඇඳෙන් බැස නාන කාමරයට යා යුතු බව පවසන්න. දරුවාගේ කාමරයට යාබදව ඇති නාන කාමරයේ හෝ කොරිඩෝවේ විදුලි පහන් රාත්රී කාලයේදි දල්වා තබන්න. නැතිනම් දරුවාගේ කාමරයේ ආරක්ෂිත බඳුනක් ඔබට තැබිය හැකියි සහ රාත්රී කාලයේ එය භාවිතා කරන ආකාරය හුරු කරන්න

 

ඔබට කැමති නම් දරුවා රාත්රීයේ මැද දී අවදි කළ හැකියි

 

ඇතැම් දෙමවුපියන් තම දරුවාට රාත්රී කාලයේ වැසිකිලි පුහුණුව හුරු කිරීමට සෑම දිනකම රාත්රී කාලයේ එකම වේලාවකට අවදි කිරීමත්, නාන කාමරයට රැගෙන යාමත් හුරු කරනවා. මෙය ඔබට ඔබගේ කැමැත්ත මත සිදුකළ හැකි අතර අනිවාර්යෙන් රාත්රී කාලයේ දරුවා අවදි කළ යුතු නැහැ. දරුවා මුලු රාත්රීය පුරාම මුත්රා පිට කිරීමට යාමෙන් වැළකී සිටිනවා නම් ඔබට දින කිහිපයක් එය අධීක්ෂණය කළ බැලිය හැකියි

 

රාත්රී කාලයේ දියර වර්ග ලබාදීම සීමා කළ යුතුද?

 

බොහෝ දෙමවුපියන් රාත්රී ආහාරයෙන් පසු දරුවාට ජලය හෝ වෙනත් දියර වර්ග ලබාදීමෙන් වැළකී සිටිනවා. ඔවුන් තම දරුවාට නින්දට යන විට වතුර උගුරක්වත් ලබාදෙන්නේ නැහැ. නමුත් ඇතැම් දෙමවුපියන් නින්දට යන විට දරුවාට වතුර බීමට ඉඩ හරිනවා. වෛද්යවරුන්ට අනුව රාත්රී කාලයේ ජලය සහ අනෙකුත් දියර වර්ග අධික ලෙස සීමා කිරීමට අවශ් නැහැ. නමුත් උදරය පිරී තිබීම මත දරුවා නින්දට යොමු නොවේ නම් ඔබට රාත්රී කාලයේ දියර වර්ග ලබාදීම අඩුකළ හැකියි

 

ඇඳ තෙමීම වැළැක්වීමේ උපක්රම

හොඳින් නින්ද යන මධ්යම රාත්රීයේදි දරුවා ඇඳ තෙමුවහොත් ඇඳ රෙදි මාරු කිරීමට සිදුවීම ඉතා කරදකාරී අවස්ථාවක් නේද? ඔබ මුලින්ම රාත්රියේදී දරුවාට වැසිකිළි භාවිතය හුරු කිරීම ආරම්භ කිරීමත් සමග ටික දිනක් ගතවන තෙක් තෙතමනය උරාගත නොහැකි ප්ලාස්ටික් හෝ පොලිතීන් රෙද්දක් වැනි යමක් ඇඳට දැමිය හැකියි. මධ්යම රාත්රියේ දරුවා ඇඳ තෙමුවහොත් ඔබට ඒ ප්ලාස්ටික් ආවරණය ඉවත් කිරීම පමණක් කළ හැකියි

 

අපේක්ෂාවන් සකස් කරන්න

 

බොහෝ දිනයන්හි උදෑසන තෙත් ඇඳ ඇතිරිලි සහ ඇයි එසේ වූයේ කියා පැවසීමට මතක නැති දරුවා දුටුවිට ඔබට යම් අපේක්ෂාභංගත්වයක් ඇතිවිය හැකියි. කෙසේ නමුත් ඔබ දරුවාගේ මවයි. ඒ නිසා දරුවාට නිසි පරිදි වැසිකිළි භාවිතය හුරු කරවීම ඔබ ඉවසීමෙන් සහ කාරුණිකව සිදුකළ යුතුයි. දරුවන් ක්රමයෙන් වැඩෙන විට රාත්රියේ ඇඳ තෙමීම ඔවුන් සිදුකරන්නෙ නැහැ. නමුත් දිගින් දිගටම ක්රමයෙන් වයසින් වැඩෙන විට පවා දරුවා රාත්රී කාලයේ ඇඳ තෙමීම සිදුකරනවා නම් ඔබ දරුවාගේ වෛද්යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි

 

 

«

»