Search here...
TOP
පෝෂණ​ය

පොඩ්ඩන්ට රසට ඉස්සො පරාටා ව්‍රැප්

පොඩ්ඩන්ගෙ ලන්ච් බොක්ස් එකට උදේ කෑමට ලේසියෙන් හදන්න පුලුවන් රස ගුණ පරාටා ව්‍රැප් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඉස්සො
කෝන් පිටි
මැයෝ
ස්වීට්-චිලී සෝස්
සිහින්ව කපාගත් කැමති එළවළු/කොළ වර්ග (ග්‍රේට් කරගත් කැරට්සි,සිහින්ව කපාගත් ගෝවා,කොත්තමල්ලි කොල,සලාද කොල)
ලුණු
ගම්මිරිස්
ෆ්‍රයි කරන්න තෙල්
පරාටා

  • පරාටා ටික දෙපැත්ත දාලා කුක් කරගන්න.
  • මැයෝ, ස්වීට්-චිලී සෝස්, ලුණු, ගම්මිරිස් කැමති ප්‍රමාණ වලින් එකතු කරලා මික්ස් එකක් සාදා ගන්න. එය පසෙකින් තියන්න.
  • ඉස්සො ටිකට ලුණු ටිකක් එකතු කරලා අතගාල පැත්තකින් තියන්න.
  • කෝන් පිටි වලට ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණට එකතු කර මික්ස් කරන්න.
  • ගැඹුරු තෙලේ බැදීමට තෙල් රත් වෙන්න තියන්න.
  • ඉස්සො ටික කෝන්පිටි මික්ස් එකේ තවරලා ඉස්සො ටික බැදගන්න.
  • බැදගත් ඉස්සො ටික මැයෝ මික්ස් එකට දාලා මික්ස් කරන්න.
  • පරාටා මැදින් මැයෝ තැවරූ ඉස්සො සහ කපාගත් එළවළු තියලා පැරාටා එක රෝල් කරන්න.

«

»