Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ඔබේ නව යොවුන් දරුවාගේ මුහුණේ සම රැළි වැටී ඇත්ද? ඔබත් ඒ ගැන කරදරයෙන් සිටිනවාද?

නව යොවුන් දරුවන්ගේ සමේ ගැටළු ඉතාම සංවේදීයි. යෞවනයේ එළිපත්තේ සිටින ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍ය සහ පෞර්ෂයට ඔවුන්ගේ පෙනුම බෙහෙවින් බලපානවා. මේ නිසා ඔබේ දරුවාගේ සමේ සෞඛ්‍ය ගැන මවක ලෙස ඔබත් සැලකිලිමත් වෙනවා ඇති. එහෙනම් මේ ලිපිය ඔබට ඉතාම වැදගත්.

 

නවයොවුන්වියේ සිටින දරුවන්ගේ සම රැළි වැටීමට බලපාන හේතු

 

හිරු එළියට නිරාවරණය වීම

හිරු ආලේපන භාවිතා නොකර දිගු කළක් හිරු එළියට නිරාවරණය වීම යොවුන් වියේ පසුවන දරුවන්ගේ සම රැළිවැටීමට හේතුවක්. 

 

අධික සීනි පරිභෝජනය

අධික සීනි පරිභෝජනය සමේ වයසට යාමේ ක්රියාවලිය වේගවත්කරන බව අධ්යනවලින් හෙළි වී තිබෙනවා. සීනි සහ ප්රෝටීන හෝ ලිපිඩ අතර රසායනික ප්රතික්රියාවක් ලෙස සීනි සිරුර තුළදී ග්ලූකෝස් බවට පරිවර්තනය වීම සිදුවන අතර එමගින් සමේ ඇදෙන සුලුතාවයට (skin’s elasticity) හානි සිදුවෙනවා

 

අධික ආතතිය

විවිධ හේතූන් මත නව යොවුන් දරුවන් ආතතියට පත්වන අතර එමගින් ආතති හෝමෝනය වන කෝටිසෝල් හෝමෝන මට්ටම වැඩිකරනු ලබනවා. එහි බලපෑමෙන් සම වයසට වඩා වියපත් පෙනුමක් සහ සම රැළි වැටීමට හේතු විය හැකියි

 

ප්රමාණවත් නින්දක් නොලැබීම

දෛනිකව ප්රමාණවත් නින්දක් නොලැබීම ප්රතිශක්තිකරණ ක්රියාකාරිත්වයටත්, ස්වභාවික කොලජන් නිෂ්පාදනයටත් බලපෑම් එල්ල කරනු ලබනවා. සමවැදගත් පෝෂකයක් වන කොලජන් නොමැතිවීම සම රැලි වැටීම, වයස්ගත වීම වේගවත් කිරීම වැනි බලපෑම් එල්ල කරනවා

 

දුම්පානය හෝ දුම් පානයට නිරාවරණය වීම

දුම්කොළ දුමාරයේ ඇති සංයෝග කොලජන් නිෂ්පාදනය අඩාල කිරීමෙන් සමේ රැලි වැටීම වැනි වයස්ගත වීමේ සලකුණු වේගවත් කරනු ලබනවා. එමෙන්ම සිගරට් දුම්වල ඇති නිකොටින් රුධිරවාහිනි හකුළුවන ( සංකෝචනය) කරන අතර ප්රමාණවත් තරම් ඔක්සිජන් සමේ ස්ථර වෙත ළඟාවීම වළක්වන අතර එය සම එල්ලාවැටීම, රැළි වැටීම සහ වයස්ගත පෙනුමක් ලැබීමට හේතුවක්

 

නුසුදුසු මුහුණේ ඉරියව්

 

ඇස් ගැසීම, ඇහිබැම එසවීම සහ තොල් මේ අත පෙරළීම වැනි විවිධ ඉරියව් දිගුකාලීනව සිදුකිරීම සමඅහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකියි

 

පරිසර දූෂණයට නිරාවරණය

 

විෂ සහිත පරිසරයට නිරාවරණය වීමෙන් සමේහි ඔක්සිකාරක ආතති (oxidative stress) ස්වභාවය වැඩිකරනු ලබන අතර එය සම රැළි වැටීම, අවපැහැ වීම ආදියට බලපායි. එමෙන්ම දිගුකලක් වායු දූෂණයට නිරාවරණය වීමෙන් සමේ ඇදෙන සුලුභාවය සහ කොලජන් කෙරෙහි බලපෑම් එල්ල කර සම රැළි වැටීම් වේගවත් කරනු ලබනවා

 

වියළි සම 

 

සමට අවශ් පෝෂණය සහ තෙතමනය නොමැති වීමෙන් සම වියළීම සිදුවන අතර සම හැකිළී යාමට එය හේතුවනවා. සම හැකිළීමේදි සම රැළිවැටිම,සම වයස්ගත වීම දැකිය හැකියි

 

ජල පරිභෝජනය අඩුවීම

 

සමේ ක්රියාකාරිත්වයප්රමාණවත් පරිදි දියර වර්ග ලැබීම අනිවාර් වන අතර එයට අවම වශයෙන් ජලය ලීටර් දෙකක්වත් දිනකට පානය කළ යුතුයි. එසේ නොමැති නම් සම අධික ලෙස වියළීම සහ රැළි වැටීම සිදුවීම නොවැළැක්විය හැක

 

නව යොවුන් දරුවන්ගේ සම රැළි වැටීමඔබට නිවසේදි කළ හැකි ප්රතිකාර

 

මුහුණේ සම සම්බාහනය

 

ඔලිව් තෙල්, පොල් තෙල් හෝ ආමන්ඩ් තෙල් භාවිතා කර මුහුණේ සම හොඳින් සම්භාහනය කිරීම මගින් සමට අවශ් තෙතමනය සහ රුධිර සංසරණය වේගවත් කිරීම සිදුකළ හැකියි. මද උණුසුම් ජලයෙන් සම පිරිසිදුකර සමේ සිදුරු හොඳින් විවර වන ලෙස වාෂ්පයෙන් හුමාලය අල්ලා පසුව සම්භාහනය ආරම්භ කළ යුතුයි. දරුවාට සංවේදි සමක් තිබේ නම් සියුම්ව අඩු පීඩනයකින් සම්භාහනය සිදුකළ යුතුයි

 

මී පැණි ආලේප කිරීම

 

මී පැණිවල අඩංගු ප්රති ඔක්සිකාරක මගින් සමේ මැරුණු සෛල ඉවත් කිරීම, සමේ ඉරිතලාගිය ස්වභාවය අඩු කිරීම, රැළි වැටුණු ස්වභාවය ඉවත් කිරීමට උපකාරී වෙනවා. ස්වභාවික මී පැණි මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඔබට අවශ් නම් කිරි, යෝගට්, කොළ ඇපල් හෝ කෙසෙල් සමග මී පැණි මිශ් කර ආලේප කළ හැකියි

 

 

කෝමාරිකා ආලේපය

සමේ කොලජන් නිපදවීම වේගවත් කළ හැකි සාධක කෝමාරිකා වල අඩංගු වන අතර සමේ නම්යශිලිත්වය වැඩිකිරීමත් සහ සම තද කිරීමත් සිදුකරයි. කෝමාරිකා ජෙල් මුහුණේ ආලේප කර හොඳින් සම්භාහනය කර විනාඩි 15ක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. රැළි ඉවත් වන තෙක් දිනපතා සිදුකරන්න

 

බිත්තර සුදුමද මාස්ක්

 

ක්ෂුද් පෝෂක සහ ප්රෝටීන වලින් පොහොසත් බිත්තර සුදුමද මුහුණේ සමමත ආලේප කිරීමෙන් සමේ රැළි වැටුණු ස්වභාවය ඉවත් කිරීමට හැකි වෙනවා. බිත්තර සුදු මදය කහ මදයෙන් වෙන් කර හොඳින් විස්ක් කර බුරුසුවක් ආධාරයෙන් මුහුණේ සමේ ආලේප කරන්න. විනාඩි 15ක් 20ක් තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න

 

විටමින් සී අඩංගු ආලේපන ගල්වන්න

 

විටමින් C සමට ඉතා සුදුසු ප්රතිඔක්සිකාරකයක් වන අතර කොලජන් නිපදවීමට උපකාරී වෙනවා. ඒ නිසා විටමින් සී අඩංගු ක්රීම් වර්ගයක් මුහුණේ සමමත ආලේපය මගින් රැළිවැටුණු ස්වභාවය ඉවත් කිරීමට හැකියි. රාත්රි නින්දට යාමට පෙර මුහුණ හොඳින් පිරිසිදුකර ක්රීම් වර්ගය මුහුණේ සමමත ආලේප කරන්න

 

සම රැලි වැටීමප්රතිකාර ක්රම

වෛද් ප්රතිකාර

රැළි ඉවත් කිරීම අරමුණු කරගත් සෙරම් සහ ක්රීම් භාවිතය මෙහිදි බහුලව සිදුකරන අතර ඒවායේ hyaluronic acid සහ විටමින් C හෝ රෙටිනෝල් (විටමින් A) ඒවායේ බොහෝ දුරට අඩංගුයි. වෛද් නිර්දේශය මත මෙවැනි ක්ර්රිම් ඖෂධ හලකින් මිලට ගත හැකියි

 

රූපලාවන් ප්‍රතිකාර

බොහෝ යොවුන් වියේ ඇතිවන ප්‍රතිකාර වලට රූපලාවන් ප්‍රතිකාර එතරම් නිර්දේශ නොකළද ඔබට අවශ් නම් චර්ම රෝග විශේෂඥයකු හෝ ප්ලාස්ටික් ශල් වෛද්යවරයකු හෝ පළපුරුදු රූපලාවන් උපදේශකයකු මගින් දරුවාප්‍රතිකාර ලබා ගත හැකියි. එවිට පහත සඳහන් ප්රතිකාර ක්රමයක් ඔවුන් භාවිතා කරනු ලබනවා

ලේසර් ප්‍රතිකාර

ඩර්මබේශන් (Dermabrasion)

– Chemical peel නමැති ක්රමය

– Photodynamic therapy

– Micro needling

 

දරුවාගේ සම රැළි වැටීම වළක්වා ගත හැකි ක්රම

 

සූර්යාලෝකයෙන් සම ආරක්ෂා කරන්න

සමට සුදුසු හිරු කිරණ මගින් ආරක්ෂාව සපයන ආලේපනයක් දරුවාලබාදෙන්න. එය නිසි පරිදි භාවිතයට උපදෙස් ලබාදෙන්න

 

සමබර ආහාර වේලක් ලබාදෙන්න

සමට හිතකර විටමින් A, C සහ E සහිත ආහාර දෛනික ආහාර වේලට එක්කරන්න. සීනි සහ කාබෝහයිඩ්රේට් පරිභෝජනය අඩුකර ජලය වැඩිපුර භාවිතයට උනන්දු කරන්න

 

ව්යායාම සහ භාවනා ක්රම වලට දිරි ගන්වන්න

 දිනපතා යෝගා සහ භාවනාව ප්රගුණ කිරීම ආතතියෙන් මිදීමට සහ ශරීරය ප්රබෝධමත් කිරීමට උපකාරී වන අතර ව්යායාම කිරීම මගින් ආතතිය හෝමෝනය වන කෝටිසෝල් මට්ටම අඩු කර සතුටු හෝමෝනය වන එන්ඩොර්ෆින් හෝමෝනය නිපදවීම වේගවත් කරනු ලබනවා. එය දරුවාට යහපත් මනෝභාවයන් ඇති කිරීමත් සහය වෙනවා. ප්රමාණවත් නින්දක් ලැබීමට දිරිගන්වන්න

 

සමේ ගැටළු බොහෝ විට නව යොවුන්වියේ දරුවන්ට ඉමහත් මානසික පීඩා ගෙන එනවා. ඔවුන් බොහෝ විට ඒ වයසේ සිදුවන හෝමෝන වෙනස් වීමටද මුහුණ දෙමින් සිටින බැවින් වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. මවක ලෙස ඔවුන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට උපකාර කළ යුතු අතර දැඩිව පවතින චර්ම රෝග සම්බන්ධයෙන් අවස්ථාව අනුව චර්ම රෝග විශේෂඥ උපදෙස් ලබාගත යුතුයි

 

«

»