අව් රශ්මියෙන් ඔබේ ළදරුවා රැකගන්නේ මෙහෙමයි

ළදරුවෙකුගේ සම වැඩිහිටියෙකුට වඩා සියුම් හා තුනී වන අතර අව් රශ්මිය පහසුවෙන් පිළිස්සුම් ඇති කරනවා. හිරු එළිය නිසා තමන්ට ඇතිවන පිළිස්සීම් හෝ සම මත ඇති වන දැවිල්ල ගැන ළදරුවන්ට අවබෝධයක් නැති නිසාත්, ඒ ගැන කීමට හෝ හිරු එළියෙන් ආරක්ෂා වීමට ළදරුවන්ට හැකියාව නැති නිසාත් වැඩිහිටි අනුදැනුමකින් තොරව ළදරුවන් හිරු එළියේ තැබීම සුදුසු නැහැ. ළදරුවන්ට නිසි ලෙස ඇඳුම් ඇන්දවීමට සහ සන්ස්ක්‍රීන් ආලේප කිරීමට වග බලා ගන්න.

එය නවත්වන්නේ කෙසේද?

අව් රශ්මිය නිසා ඇතිවන පිළිස්සීම් ඇතිවීමට පෙර එය නවත්වන්නේ කෙසේදැයි ඉගෙන ගෙන ඔබේ දරුවා සතුටින්, ආරක්ෂිතව හා සිනහවෙන් තබන්න:

  • මාස 6 ට අඩු ළදරුවන් හිරුඑළියට සෘජුව හෝ වක්‍රව නිරාවරණය කිරීම සුදුසු නැහැ. විශේෂයෙන්, උදේ 10 ත් 2 ත් අතර කාලයේදී සූර්ය කිරණ ශක්තිමත් නිසා ළදරුවන් මේ කාලය තුළ හිරු එළියට නිරාවරණය කිරීමෙන් වළකින්න.
  • ළදරුවන් හැකි තරම් සෙවණෙහි තබා ගන්න. නිදසුනක් වශයෙන්, ගසක් යට, කුඩයක් හෝ කැනොපියක් මගින් සෙවණ සලසන්න. 
  • සැහැල්ලු කපු, දිගු අත් සහ දිගු කලිසම් සහ මුහුණ හිරුගෙන් ආවරණය වන තොප්පියක් ළදරුවන්ට පළඳන්න.
  • මාස හයට අඩු ළදරුවන්ටත් ඇඳුම් සහ තොප්පි මගින් අනාවරණය නොවු ප්‍රදේශවලට සන්ස්ක්‍රීන් ආලේප කළ හැකියි. (ළදරු සමට සුදුසු සන්ස්ක්‍රීන් වර්ගයක් වෛද්‍ය උපදෙස් මත ලබාගන්න.) මුහුණ, අත් පිටුපස, බෙල්ලේ පිටුපස, කන් සහ පාද ඇතුළුව ළදරුවෙකුගේ සමේ නිරාවරණය වන සියලුම ප්‍රදේශ ආවරණය කිරීමට මතක තබා ගන්න.
  • පිටතට යාමට පෙර මිනිත්තු 15 සිට 30ට පෙර අලේප කරන්න. කිසිම සන්ස්ක්‍රීන් එකක් සම්පූර්ණයෙන්ම ජලයට ඔරොත්තු නොදෙන බවත් මතක තබා ගන්න. ඒවගේම සන්ස්ක්‍රීන් සෑම පැය එකහමාරක් හෝ දෙකකට වරක් නැවත ආලේප කළ යුතුයි.