දෙමවුපියන් ලෙස ආරක්ෂාකාරි ඉරියව්වක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් විය යුතු කාරණා

කුඩා දරුවකු සිටින මවක හෝ පියකු නම් බොහෝ විට ඔබට ඔවුන්ගේ අලියා හෝ අශ්වයා වීමට සිදුවනවා. “අම්මි මාව අලියා පිටේ ගෙනියන්න”  නැතිනම්තාත්ති අශ්වයා වෙන්නආදි ලෙස ඉදිරිපත් වන සුරතල් ආයාචනයන් ඔබ කෙසේවත් ඉවතලන්නේ නැහැ නේද? නමුත් ඔබගෙ මෙවැනි හැසිරීම් නැතිනම් නිරූපණයන් ඔබගේ සිරුරේ නියමිත ඉරියව් කෙරෙහි ඇතිකරන බලපෑම සම්බන්ධයෙන් ඔබ කෙදිනක හෝ සිතා තිබෙනවාද?

එසවීම, කරතබාගෙන යාම හෝ ක්රීඩා කිරීම තුළ නිරන්තරව ඇතිවන වේදනාව මගහැරගෙන ක්රියාකිරීමෙන් හොඳ පුරුදු පවත්වාගෙන යාම සහ යහපත් ඉරියව්වක් සහිත වීමෙන් ඔබට දරුවා සමග ආරක්ෂාකාරිව ක්රියාකාරකම් හි නිරත විය හැකියි

 

වැරදි ඉරියව් සහිතව කටයුතු කිරීම ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරනවාද?

කාලයක් පුරා වැරදි ඉරියව් රටාවක් පවත්වාගෙන යාම ඔබේ සමස්ත සෞඛ්යයට හා ශක්තියට අහිතකර ලෙස බලපානු ලබනවා. භෞත චිකිත්සකවරුන්ට අනුව වැරදි ඉරියව් පවත්වා ගෙන යෑමෙන් ශරීරය පීඩාවට පත්වනවාඔවුන්ට අනුවදුර්වල ඉරියව් හේතුවෙන් ඔබේ සන්ධි සහ මාංශ පේශි ආතතියට හා පීඩාවට පත්වනවා. එමෙන්ම ඔබේ සන්ධි අධික ලෙස ගෙවී යාමට හා ඉරීමට එය හේතු විය හැකියි“. 

එමෙන්ම දීර්ඝකාලීනව ඔබට බලපෑම් එල්ල කළ හැකි scoliosis, carpal tunnel syndrome රෝග තත්ත්වයන් සහ බෙල්ලේ වේදනාව, හිසරදය සහ TMJ (Temporomandibular joint syndrome) වැනි කෙටිකාලීනව ඔබ පීඩාවට පත්විය හැකි රෝග තත්ත්වයන් ඇතිවීමට දුර්වල ඉරියව් හේතු වනවා

 

දුර්වල ඉරියව් සහිතව දෙමවුපියන් එදිනෙදා නිරත වන කාර්යයන් කිහිපයක්

 

දරුවන් වඩාගැනීම සහ සෙල්ලම් කිරීම

කුඩා දරුවකු වඩා ගැනීම ඔබට සැහැල්ලු ක්රියාකාරමක් ලෙස සැලකිය හැකියිනමුත් දරුවා තොටිල්ලෙන් ගැනීම, ස්ට්රෝලරයට දැමීම වැනි දේඔබ නිරතුරුව සිරුර නැමීම සිදුකරනවා. දරුවන් ක්රමයෙන් වර්ධනය වන අතර ඔබ ගැන තැකීමකින් තොරව නිරතුරුව දරුවා ඔසවාගෙන පඩි නැගීම, තොටිල්ලෙන්, වාහනයෙන් පිටතට ගැනීම, සෙල්ලම් උපකරණ මත තැබීම වැනි දේ සිදුකරනු ලබනවා. ඊට අමතරව ඔබ දරුවා ශරීරයේ පැත්තට සිටින සේ වඩාගෙන නොයෙකුත් කටයුතු වල නිරත වීමෙන් කොඳු ඇට පෙළ ආශ්රිතව ගැටළු සහ ආබාධයන් වලට මුහුණ දිය හැකියි

 

දරුවන් වඩාගැනීම සහ සෙල්ලම් කිරීම ආරක්ෂිතව සිදුකිරීමට හැකි ක්රම

දරුවා ඔසවාගෙන යන ආකාරය ගැන සැලකිලිමත් වන්න. බර වස්තුවක් එසවීම සහ චලනය කිරීමනිශ්චිත ඉරියව්වක් ඇති අතර ඔබ එය දරුවා එසවීමේදී ආදේශ කොටගත යුතුයි

ඔබේ උසට සමාන මට්ටමේ ළදරු උපකරණ මිලදී ගන්න, එවිට නිතර දරුවා බිම තැබීමට හෝ රැගෙන යාමට පහත් වීමෙන්, නැවීමෙන් වැළකිය හැකියි

ළදරුවා ඔබේ උකුලේ තබාගැනීම හැකිතාක් සීමා කරන්න. දරුවා ඔබගේ සිරුරේ ඉදිරියෙන් රඳවා රැගෙන යාමට උත්සාහ කරන්න

 

වාහනය තුළ තබන විට සහ පිටතට ගන්නා විට

දරුවන් සිටින විට ඔබට නොයෙකුත් කාර්යයන් වලට නිවසින් බැහැර යාමට සිදුවනවා. සෑමවිටම දරුවාට අවශ් දේවල්, නැතිනම් නිවසට අවශ් දේවල් ආදිය වාහනයෙන් තැන්පත් කිරීම, පිටතට ගැනීම, එසවීම ආදි කටයුතු, බරකින් යුතු බෑග ආදිය ඔසවාගෙන පැමිණීම ආදිය සිදුකරනු ලබනවා

 

ආරක්ෂිතව පැටවීම සහ බෑම සඳහා උපදෙස්

ඔබ කොපමණ ප්රමාණයක බරක් අපහසුවකින් තොරව රැගෙන යනවාද යන්න පිළිබඳව විමසිලිමත් වන්න. එමෙන්ම වාහනයේ ඇති ද්රව් සියල්ල එකවර ඔසවාගෙන පැමිණෙනවාට වඩා වාර කිහිපයක් ගොස් එය රැගෙන එන්න. එයට යම් කාලයක් වැය වුනත් එමගින් ශරීරයට වන බලපෑම අවම කරගත හැකියි

ළදරු කාර් ආසනය දෙඅතින්ම ඔසවාගෙන යාමට උත්සාහ කරන්න. එමගින් ශරීරයේ එක් පසකට, උරහිස්, අත් සහ ඉණ පෙදෙසට අනවශ් බරක් එල්ලවීම පාලනය කරගත හැකියි

දරුවාට අවශ් ළදරු ආසනය වැනි දේ මිලට ගන්නා විට එය ළදරු කරත්තයක් බවට පත්කළ හැකි ආදි ලෙස ඒකාබද්ධ කොට ඇති උපකරණයක් මිලට ගැනීම වැනි දේ ගැන සැලකිලිමත් වන්න

 

නිවසේ කටයුතු කිරීමේදී

නිවසක නොයෙකුත් කටයුතු හි නිරතවීමට ඔබට සිදුවන අතර ඉනුත් අපහසු කාර්යය වන්නේ දරුවන් නිතර නිතර අපිළිවෙල කරන සාලය, ළදරු කාමර වැනි දේ අස්පස් කිරීමයි. ඔවුන් බිමදමන සෙල්ලම් බඩු වැනි දේ ඇහිඳීමකිහිප පහත්වීමට ඔබට සිදුවන අතර දවස අවසාන වනවිට ඔබගේ පිටුපස පෙදෙසට මහත් වෙහෙසක් දැනීම ඉතා සාමාන් තත්ත්වයක්

 

නිවසේ කටයුතු වලට යොදාගත හැකි උපක්රම 

ඔබට නිවසේ නිරන්තරයෙන් පිරිසිදු සහ පිළිවෙලට තබාගැනීමට අත්යවශ් නොවන කොටසක් දරුවන්ට සෙල්ලම් කිරීමවෙන්කර දෙන්න. හැකි නම් වෙනම සෙල්ලම් කාමරයක් තබාගන්න. එවිට දිනකට වරක් ඔබට එය අස්කිරීමට හැකියි

දරුවාට තමාට අවශ් සෙල්ලම් බඩුව රැගෙන සෙල්ලම් කොට නැවත එය තිබූ ස්ථානයෙහිම තැබීමට හුරු කරවන්න. දරුවාට වයස මාස 18 පසුවූ විට ඔබට මෙවැනි ක්රම දරුවාට ඉගැන්විය හැකියි

 

රෙදි සෝදනවිට

එකතුවීමට නොදී ඇඳුම් නිතර නිතර සෝදන්න

ඔබගේ කිළුටු ඇඳුම් කූඩයඅනවශ් පරිදි රෙදි පටවා රැගෙන ඒමෙන් ඔබගේ දෙඅත් සහ පිටුපසඅනවශ් පීඩනයක් එල්ලවන බැවින් එකවර කිළුටු කූඩය ඔසවා පැමිණීමෙන් වළකින්න

ඔබට ඔසවාගෙන පැමිණි හැකි ප්රමාණයෙන් කූඩයක් මිලට ගන්න

රෙදි ඔසවාගෙන යාමේදි නියමිත පරිදි ශරීරයේ එක්පසකට බර එල්ල නොවන සේ ශරීරයේ ඉදිරිපසට යොමුවන පරිදි රෙදි ගෙනයන්න

 

ඔබගේ ඉරියව් ශක්තිමත් කිරීමට භාවිතා කළ හැකි ක්රම

  • මාංශ පේශි ශක්තිමත් කළ හැකි ව්යායාම් හි නිරත වන්න
  • ඉරියව්ව නිවැරදි කළ හැකි පටියක් වැනි උපකරණ වෙළඳපොලේ ඇති අතර එය ඔබේ ශරීරය ස්වාභාවික තත්ත්වයකට ගෙන ඒමට ආධාරකයක් ලෙස ක්රියා කරයි. එමනිසා එවැන්නක් තෝරාගත හැකියි
  • රාජකාරි ස්ථානයේදි පරිඝනකය ආදි තිරයන් දෙස බලා කටයුතු කිරීමේදී සෑමවිටම නිවැරදි ඉරියව්වක් පවත්වාගෙන යන්න
  • විශේෂයෙන් ආසනය තෝරාගැනීමේදි ඔබගේ පිටුපස (කොඳු ඇටපෙළට) සදහා පහසු ආරක්ෂිත ඉරියව්වක් පවත්වාගත හැකි ආසනයක් තෝරාගන්න
  • පිටුපස, බෙල්ල සහ උරහිස් වේදනාවෙන් පෙළෙන්නේ නම් කශේරු සන්ධි රෝග චිකිත්සකයකු ( Chiropractor) මුණගැසී උපදෙස් ලබාගත හැකියි. පුහුණුව ලත් වෘත්තිකයන් විසින් සිදු කරනු ලබන ව්යායාම් මගින් ඔබේ ඉරියව්ව සමබර කර ගැනීමට සහ ඔබේ ශරීරය නිසි ලෙස පෙළගස්වා ගැනීමට හැකියි

 

බොහෝ දෙමවුපියන් දරුවන් කුඩා කාලයේ දි සහ දෛනික කටයුතුවල නිරතවීමේදී තම ඉරියව් ගැන එතරම් තැකීමක් සිදුකරන්නේ නැහැ. ඔවුන් ඕනෑම වේලාවක දරුවා ඔසවාගෙන යාම, බර එසවීම ආදි කටයුතුවල නිරත වනවා. නමුත් දිගුකාලීනව මෙසේ ඔබගේ ඉරියව් වලට එල්ලවන බලපෑම හේතුවෙන් ක්රමයෙන් කාලය ගතවත්ම ඔබ විවිධ මාංශපේශීන් සම්බන්ධ ආබාධයන්ට ගොදුරුවිය හැකියි

 

එමනිසා සෑමවිටම දෙමවුපියන් ලෙස ඔබගේ ශරීර සෞඛ් සහ නිවැරදි ඉරියව් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමෙන් ඔබට දරුවාගේ කටයුතු, නිවසේ දෛනික කටයුතු සහ රාජකාරි කටයුතු වල පහසුවෙන් නිරත විය හැකියි