හවස තේ වෙලාවට කන්න වට්ටක්කා වලින් රස කෑමක්

හැමදාම උයල කන වට්ටක්කා වලින් මේ වගේ රස කැවිල්ලක් හදන්න පුළුවන් කියල දැනන් හිටියෙ නැති අම්මලාටමයි මේ රෙසිපි එක. වට්ටක්කා කියන්නෙ ඉතින් රසයෙන් වගේම ගුණයෙනුත් වැඩි එළවළුවක්නෙ. බලන්නකො මෙහෙම හදලම පොඩ්ඩො රස කර කර කන්නෙ නැද්ද කියලා. 

 

වට්ටක්කා ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා පොඩි කරගත් වට්ටක්කා ග්‍රෑම් 500
  2. සීනි ග්‍රෑම් 250
  3. වැනිලා ටිකක්
  4. ගාගත් පොල් කෝප්ප 1

 

 

  • වට්ටක්කා ටික භාජනයකට දාගෙන සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා ඒකට සීනි ටිකත් දාගන්න. 
  • සීනි ටික දියවේගෙන එනකොට පොල් ටිකත් දාගෙන හොඳට කලවම් කරන්න.  
  • වට්ටක්කා කෑලි තියෙනවා නම් හැන්දෙන් පොඩි කර කර කලවම් කරන්න. වැනිලා ටිකත් දාගන්න.
  • මේක ටිකක් ඇලෙන ගතිය වැඩි මිශ්‍රණයක්. මිශ්‍රණය ගුලියක් වගේ වෙනකොට බටර් ගාපු තැටියකට දාලා බටර් ගාපු පැතලි හැන්දකින් තුනී කරගන්න. 
  • කෑලි කපන්නෙ නැතුව පිහියකින් ඉරි ඇදලා තියාගන්න. හොඳට නිවුනම වෙන් කරගන්න.