අලුත් මව්වරුන් සඳහා ඉක්මන් හා පහසු රූපලාවන්‍ය උපදෙස් -1 කොට​ස

පුංචි දරුවෙක් එක්ක ජීවිතය ගෙවන්න පටන් ගනිද්දී ඒක හිතපු තරම් පහසු දෙයක් නෙමෙයි කියලා ඒ අත්දැකීම ලබපු අම්මලා හොඳටම දන්නවා. දරුවාගේ වැඩ කටයුතු සහ නිවසේ වැඩ කටයුතු එක්ක ජීවිතය කාර්‍යබහුල වුණාම ඔබට ඔබ ගැන හිතන්නවත් වෙලාවක් නෑ. ඒ නිසාම දරුවන් බිහි කළාට පස්සේ ගොඩක් අම්මලාට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය, රූප ස්වභාවය ගැන හිතන එක පවා අමතක වෙනවා. ඒත් ඒක එහෙම වෙන්න දෙන්න එපා. දරුවාගේ වැඩ කටයුතු කරන ගමන්ම ඔබේ කායික මානසික සුවතාවය වෙනුවෙන් ද කාලය යොදවන්න. දරුවන් ලැබුණාට පස්සෙත් ලස්සනට ඉන්න උත්සහ කරන්න. එතකොට ඔබට ජීවිතය ගැන ආතතියක් ඇති වෙන්නේ නෑ. ඒ සඳහා මේ පහසු උපදෙස් ද ඔබට උදව් වෙයි…

 

Brow brush එකක් සහ Gel භාවිතා කරන්න

බැලූ බැල්මට ඇහි බැමි දෙක පිළිවෙලට පේන එක ඔබේ පෙනුමට වැදගත් නිසා අපිළිවෙලට වැවිලා තියන ඇහි බැමි නිසි ආකාරයට හැඩ ගස්වා ගන්න එක වැදගත්. නිතරම සැලෝන් වලට ගිහින් ඇහිබැමි ගලවන එක කරන්න අමාරු නිසා ඒ සඳහාම නිපදවූ ජෙල් නිෂ්පාදනයක් මිලදී ගන්න. ඊට පස්සේ අයිබ්‍රෝව් බ්‍රශ් එකකින් පීරගන්න. මේ ආකාරයෙන් ඔබට ඒක තනි අතකින් වුණත් කරන්න පුළුවන්.

 

මුහුණ පිරිසිදු කරන්​න Facial Cleansing Brush එකක් භාවිතා කරන්න 

නැවතත් ඔබට එක අතකින් කරන්න පුළුවන් දෙයක් මේ. මෙම බැටරි බලයෙන් ක්‍රියා කරන බුරුසු​ව මගින්ද ඔබේ සම පැහැපත් කර ගන්න පුළුවන්. ඔබේ සමට ද දරුවාගේ සම වගේම දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුළුවන්.

 

Cooling Eye Gel භාවිතා කරන්න

ඔබට ඔබ වෙනුවෙන් වෙන් කරන්න තියෙන්නේ අඩු කාලයක් නම්, ඇස් වටා ආලේප කරන්න පුළුවන් මෙම සිසිල්කාර​ක ජෙල් භාවිතා කිරීමෙන් ඇස් වටා ඉදිමීම සහ ඇස් වටා තියන අඳුරු කව ඉවත් කර ගන්න පුළුවන්. 

 

ස්වභාවික ​කෙඳි සහි​ත හෙයාර් බ්‍රෂ් එකක් භාවිතා කරන්න 

වියළි ෂැම්පූ වර්ග හෝ හිස කෙස් ජෙල් භාවිතා කරනකොට ස්වාභාවික කෙඳි අඩංගු හිස කෙස් බුරුසුවකින් කොණ්ඩය පීරන්න. එවි​ට ඔබට සුපිරි සහ ඉක්මන් විලාසිතාවන් රැසක් කොණ්ඩයට ලබා දෙන්න පුළුවන්. ඒවායේ අඩංගු ස්වාභාවික කෙඳි නිසා ඔබේ හිසකෙස් හැලීමද අව​ම වෙනවා.

 

සන්ස්ක්‍රීන් එකක් ආලේප කරගන්න

පස්සේ කාලයේදී ඇති වෙන්න පුළුවන් හයිපර්පිග්මන්ටේෂන් වලට එරෙහිව සටන් කිරීම සඳහා සන්ස්ක්‍රීන් ක්‍රීම් එකක් අනිවාර්‍යෙන්ම ආලේප කරන්න වග බලා ගන්න.

 

Eye Drops භාවිතා කරන්න

ඔබ දින දෙකක් පුරා නිදාගෙන තියෙන්නේ පැය තුනක් පමණයි කියලා කවුරුවත් දැනගන්න ඕනේ නෑ. ඉතින් ඇස් රතු පැහැයට හැරවෙන එක වළක්වාගන්න සුදුසු අයි ඩ්‍රොප් එකක් භාවිතා කරලා බලන්න.

 

Headband එකක් භාවිතා කරන්න

ඔබ නිවසින් පිටත් වෙලා යද්දී හෙඩ් බෑන්ඩ් එකක් භාවිතා කළාම නිතරම පීර පීර ඉන්නවාට වඩා හිසකෙස් අපිළිවෙල වෙන එක වළක්වාගන්න පුළුවන්. එතකොට ඔබ ප්‍රසන්න ආකාරයෙන් ඉන්න උත්සාහ කරන බවත් අනෙක් අයට පේනවා. ඔබේ මනසේ ඉටු කර ගන්න අවශ්‍ය ඕනේ තරම් වැඩ කටයුතු තියෙන නිසා කොණ්ඩයෙන් ඒවාට බාධා වෙන්නේ නෑ.