කුස තුළ සිටින දරුවාගේ ප්‍රථම අත් පා පහර විඳීම

කුස තුළ සිටින දරුවාගේ ප්රථම අත් පා පහර විඳීම කුමන ආකාරයේ හැඟීමක් ඔබට ගෙන දුන්නාද? Quickening යනුවෙන් හැඳින්වෙන්නේ කුස තුළ සිටින දරු පැටියාගේ ඔබට සංවේදනය වූ පළමු අත් හෝ පා පහරයි. ඔබ ගර්භණී වී ඇතැයි තහවුරු කරගැනීමවෛද් හමුවීමගිය පසු වෛද්යවරයා විසින් ඔබගේ අවසාන ඔසප් දින සිට ඉදිරියට සති 40ක් එක්කර දරු ප්රසූතිය සිදුවන කාල නිර්ණය කරනු ලබනවා. එය දින කිහිපයක් ඉදිරියට හෝ පසුපසට වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් කුස තුළ සිටින දරුවාගේ පළමු චලනය සෑම මවකටම වෙනස් වූ අත්දැකීමක් ගෙන දෙන්නක්

 

දරුවාගේ චලනයන් සිදුවන්නේ කෙසේද?

කුස තුළ සිටින දරුවාට අත් හෝ පහර එල්ල කිරීමකළලරූපය වර්ධනයේ සමහර අදියරයන් සම්පූර්ණ වී තිබිය යුතුයි. මොළය, හදවත, සුෂුම්නාව වැනි සියළුම අත්යවශ් අවයව වර්ධනය වීම අත්‍යවශ්‍යයි. සාමාන්යෙයෙන් ගර්භණී සමයේ 15වන සතිය වන විට කොඳුඇටපෙළ සැකසෙනවා

 

දරුවාගේ චලනය වීමේ ක්රියාවලිය 

 

ගර්භණී සමයේ අටවන සතිය වන විට චලනයන් ඇතිවීම ආරම්භ වන බව පැවසෙනවා. මෙම කාල සීමාවේදී කුස ​​තුළ සිටින කළලරූපය අඟල් භාගයක් පමණ වර්ධනය වී ඇති අතර දහසය වන සතිය වන විට යම්කිසි රටාවකට කළල රූපය චලනය වන ආකාරය අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයන් මගින් දැකිය හැකියි. බොහෝ ගර්භණී කාන්තාවන් තම ගර්භණී කාල සීමාවේ 13වන සතියත් 25වන සතියත් අතරතුර දරුවාගේ පළමු චලනය සංවේදනය අත්විඳින බව වෛද්යවරුන් පවසනවා. එය තමාට සියුම් සෙලවීමක් හෝ ගැස්මක් ලෙස දැනුන බවයි බොහෝ මවුවරුන් පවසන්නේ

 

චලනයන් සිදුවන්නේ ඇයි?

ගර්භාෂයේ සිටින දරුවා ක්රමයෙන් වර්ධනය වන විට අත් සහ කකුල් දිගු කිරීමට උත්සාහ කරනු ලබනවා. එහි ප්රතිඵලයක් ලෙස ගර්භාෂය ප්රසාරණය වීම සිදුවනවා. එමෙන්ම මවගේ චිත්තවේගී තත්ත්වයට සහ බාහිර ලෝකයේ සිදුවන ආලෝක සහ ශබ්දයන් වැනි දෙයට ප්රතිචාර දැක්වීමට කළලය උත්සාහ දරනවා. එමෙන්ම ගර්භාෂය තුළ චලනය වීම සහ අත් පා දිගුකිරීම සිදු කරනවා. විශේෂයෙන් මෙම චලනයන් යම්කිසි රටාවකට සිදුවන බවත් දවසේ යම් යම් නිශ්චිත කාලසීමාවන් තුළ දරුවා සක්රියව සිටින බවත් විටෙක කිසිදු චලනයක් නොමැතිව නිදාගෙන සිටින බවත් ඔබට වැටහෙයි. සාමාන්‍යයෙන් ගර්භණී සමයේ සති 32 කට පසු දරුවාගේ උපරිම වර්ධනය සිදුව ඇති අතර වේගවත් චලනයන් ගේ අඩුවීමක් දැකිය හැකියි

 

දරුවාගේ මෙම චලනයන් මගින් දරුවාත් ඔබත් අතර බැදීම වැඩිදියුණු වන අතර දරුවාගේ වර්ධනය ගැන වෛද් උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. එමෙන්ම කුස තුළ සිටින දරුවා පැයක් තුළ 10 වතාවක් පමණ චලනය වන බව ඔබට දැනෙන අතර යම් හෙයකින් දරුවාගේ චලනය වන වාර ගණනේ අඩු වීමක් ඔබ අත් විඳිනවා නම් ඊළග පැය දෙක තුළ ඔබ එය ගැන ගණනය කිරීමක් කළ යුතු වෙනවා. යම් හෙයකින් දරුවාගේ චලනයන් සංවේදනය වන වාර ගණන බොහෝ අඩු නම් වහාම වෛද් උපදෙස් ලබාගත යුතුයි