කාන්තා මද සරුබවට හේතු සහ කළ හැකි පරීක්ෂණ ගැන දැනුවත් වෙන්න

ඔබට ගැබ් ගැනීමට අපහසු නම් ඒකට නිශ්චිත හේතුව සොයා ගන්නට ඔබේ වෛද්‍යවරයා ඔබට උදව් කරයි. ඊට අමතරව නවීන වෛද්‍ය විද්‍යාවට ස්තූතිවන්ත වෙන්න, අද කාලයේ ඔබේ එම ගැටලු සඳහා උපකාර කර ගන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම ද තියනවා. ඔබව ඒ ගැන දැනුවත් කෙරෙන ලිපියක් මේ… 

 

කාන්තා මදසරු භාවයට හේතු මොනවාද ?

ඔබව ගැබ් ගැනීමකින් වළක්වන්න බලපාන කරුණු ගණනාවක් තිබෙනවා :

ඔබේ පැලෝපීය නාල වලට හානි වීම

මෙම ශරීර ව්‍යුහයන් හරහා තමයි ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිපදෙව්වාට පස්සේ ඒවා ගර්භාෂයට රැගෙන යන්නේ. ශ්‍රෝණි ආසාදන, එන්ඩොමෙට්‍රියෝසිස් සහ ශ්‍රෝණි සැත්කම් වලින් පස්සේ කැළැල් ඇති වුණාම ඒවාට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් පැලෝපීය නාල හරහා ශුක්‍රාණු ඔබේ ඩිම්බයක් වෙතට අරන් යන එක වළක්වන්න පුළුවන්. ඩිම්බ හා ශුක්‍රාණු හමුවෙන්නේ එම නාලයේදීයි. ඩිම්බ සංසේචනය කරලා ගර්භාෂය වෙතට බද්ධ කිරීමයි මේ ක්‍රියාවලියේදී ඔබේ ශරීරය තුළ වෙන්නේ.

හෝමෝන ගැටළු 

ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් මුදා හැරීමට සහ ගර්භාෂ බිත්ති සවිමත් කිරීමට හේතු වන සුපුරුදු හෝමෝන වෙනස්කම් වලට ඔබේ ශරීරය සූදානම් නොවීම නිසා ඔබව ගැබ් ගන්නේ නෑ.

ගැබ්ගෙල ගැටළු

සමහර කාන්තාවන්ට ගැබ්ගෙල විවිරය හරහා ශුක්‍රාණු ඇතුළු වීම වළක්වන තත්ත්වයක් තියනවා.

ගර්භාෂ කරදර

ඔබේ ගැබ් ගැනීමට බාධා කරන පොලිප්ස් සහ ෆයිබ්‍රොයිඩ් තත්ත්වයන් තිබෙන්න පුළුවන්.  ගර්භාශීය පොලිප්ස් ඇතිවෙන්නෙ ගර්භාෂ බිත්ති වල ගර්භක්ෂේත්‍රයේ පමණට වඩා සෛල වැඩීම නිසයි. ඒ වගේම ඔබේ ගර්භාෂයේ බිත්තියේ ෆයිබ්‍රොයිඩ් වර්ධනය වෙන්නත් පුළුවන්. ගර්භාෂයේ වෙනත් අසාමාන්‍යතා නිසාද ගැබ් ගැනීමට බාධා ඇති වෙන්න පුළුවන්.

“පැහැදිලි කර නොගත්” මද සරු බව

 මද සරු බව සම්බන්ධ ගැටළු තියන අඹුසැමියන්ගෙන් 20% කට පමණ ඒකට නිශ්චිත හේතු මොනාද කියලා තාමත් හොයාගෙන නෑ.

 

මද සරු බව සම්බන්ධ පරීක්ෂණ

වෛද්‍යවරයා විසින් ඔබේ හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් සහ ඔබේ ගර්භාෂයේ බිත්ති පරීක්ෂා කිරීම සඳහා එන්ඩොමෙට්‍රියල් බයොප්සි ඇතුළු පරීක්ෂණ කිහිපයක් නියම කරන්න පුළුවන්.

 

Hysterosalpingography (HSG) 

මෙම ක්‍රියා පටිපාටියට ඔබේ ප්‍රජනක අවයවවල අල්ට්රා සවුන්ඩ් හෝ එක්ස් කිරණ පරීක්ෂණයක් කිරීම ද ඇතුළත් වෙනවා. එහිදී වෛද්‍යවරයෙක් ඔබේ ගැබ්ගෙලට ඩයි වර්ගයක්, සේලයින් සහ වාතය එන්නත් කරන අතර එය ඔබේ පැලෝපීය නාල හරහා ගමන් කරනවා. මෙම ක්‍රමය සමඟ ඔබේ වෛද්‍යවරයාට ඔබේ පැලෝපීය නාල අවහිර වෙලා තියනවාද කියලා පරීක්ෂා කරන්න පුළුවන්.

ලැපරොස්කොපි

ඔබේ වෛද්‍යවරයා විසින් කුඩා කැමරාවක් සවි කර ඇති සිහින් නලයක් ගර්භාෂයට දැමීම සඳහා ඔබේ නාභිය අසලින් කුඩා කැපුමක් කරනවා. මේ හරහා ඔබේ ගර්භාෂයේ තියන අසාමාන්‍ය වර්ධනයන් පරීක්ෂා කිරීමට, ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල හොඳින් නිරීක්ෂණය කරන්නට ඔහුට ඉඩ ලැබෙනවා. ඒකෙන් ඔබේ පැලෝපීය නාල අවහිර වෙලා ද කියලා වෛද්‍යවරයාට දැක ගන්න පුළුවන්.

 

කාන්තා මද සරු බවට ප්‍රතිකාර කරන්නේ කොහොමද? 

ලැපරොස්කොපි

ඔබ tubal හෝ ශ්‍රෝණි රෝගයෙන් පෙළෙනවා නම් එක විකල්පයක් වන්නේ ඔබේ ප්‍රජනක අවයව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ශල්‍යකර්මයක් කරන එකයි. හානියට පත් පටක ඉවත්කිරීමට, එන්ඩොමෙට්‍රියෝසිස් වලට ප්‍රතිකාර කිරීමට, අවහිර වුණු නාල විවෘත කිරීමට හෝ ඩිම්බ කෝෂ වල ඇතිවන දිය බිබිලි තත්ත්ව ඉවත් කිරීමට සඳහා ඔබේ වෛද්‍යවරයා විසින් ඔබේ නාභිය අසල කරන කැපුමක් හරහා ලැපරොස්කෝප් එකක් දමනවා. 

හිස්ටරොස්කොපි

මෙම ක්‍රියාපටිපාටියේදී ඔබේ වෛද්‍යවරයා ඔබේ ගැබ්ගෙල හරහා ගර්භාෂය තුළට හිස්ටරොස්කොප් එකක් ඇතුළු කරනව. පොලිප්ස් සහ ෆයිබ්‍රොයිඩ් පිළිකා ඉවත් කිරීමට, හානියට පත් පටක ඉවත් කිරීමට සහ අවහිර වුණු නාල විවෘත කිරීම සඳහා එය භාවිතා කරනවා.

අන්තර් ගර්භාෂ සිංචනය (Intrauterine insemination)

මෙම ක්‍රියා පටිපාටියේදී විශේෂ ද්‍රාවණයකින් ශුක්‍රාණු සේදීමෙන් අනතුරුව, ඔබේ ඩිම්බ මෝචනය වන කාලයේදී වෛද්‍යවරයා විසින් ශුක්‍රාණු ඔබේ ගර්භාෂය තුළ තැන්පත් කරනව. මෙය බොහෝවිට ඔබට මේරූ ඩිම්බයක් මුදා හැරීමට උපකාරී වන ඖෂධ ලබාදීමකින් පසුව සිදු කරනව.

In vitro fertilization (IVF).

මෙම ක්‍රමයේදී ඔබේ වෛද්‍යවරයා විසින් පිටතදී සංසේචනය කරන ලද කළලය ඔබේ ගර්භාෂය තුළ තැන්පත් කරනව.

ඩිම්බ එකකට වඩා වැඩි ගණනක් වර්ධනය කිරීමට ඖෂධ ඔබ විසින් අර ගත්තාට පස්සේ ඔබේ ඩිම්බ පරිණත වෙනවා. ඊට පස්සේ ඔබේ වෛද්‍යවරයා ඔබට අල්ට්රා සවුන්ඩ් එකක් කරනවා ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගැනීමට සහ ඉඳිකටුවකින් ඩිම්බ ලබාගැනීමට.

ඊට පස්සේ ශුක්‍රාණු ලබාගෙන, සෝදලා, තැටියක දැමූ ඩිම්බයට එක් කරනව. දින කිහිපයකට පස්සේ කළලරූපය හෝ සංසේචනය කළ බිත්තර ඔබේ ගර්භාෂය තුළට intrauterine insemination catheter උපකරණය හරහා නැවත ඇතුල් කරනවා.

ඔබ සහ ඔබේ සැමියා එකඟ නම් අමතර කළල පසු කාලයේදී භාවිතා කිරීමට පුළුවන් වෙන විදිහට ශීත කරලා ඉතිරි කරන්න පුළුවන්.

ICSI (intracytoplasmic ශුක්‍රාණු එන්නත් කිරීම). 

වෛද්‍යවර‍යා කෙලින්ම තැටියක දැමූ ඩිම්බයකට ශුක්‍රාණු එන්නත් කරලා ඩිම්බය ඔබේ ගර්භාෂය තුළට දමනවා.

GIFT (gamete intrafallopian tube transfer) සහ  ZIFT (zygote intrafallopian transfer).

IVF වගේම මෙම ක්‍රියා පටිපාටියේදීත් ඩිම්බයක් ලබා ගෙන, විද්‍යාගාරයකදී එය ශුක්‍රාණු සමඟ සංයෝජනය කරලා නැවත ඔබේ ශරීරයට ඇතුළත් කරනවා.

ZIFT හිදී වෙන්නේ ඔබේ වෛද්‍යවරයා සංසේචනය කළ ඩිම්බ (එම අවධියේදී ඒක හඳුන්වන්නේ zygotes නමින්) පැය 24 ක් ඇතුලතදී ඔබේ පැලෝපීය නාල තුළට දැමීමයි. GIFT හිදී වෛද්‍යවරයෙක් ඇතුළු කරන්න කලින් ශුක්‍රාණු සහ ඩිම්බ එකට මිශ්‍ර කෙරෙනවා.

ඩිම්බ පරිත්‍යාගය

ඔබේ ඩිම්බ කෝෂ නිවැරදිව ක්‍රියා කරන්නේ නැති වුණත් ඔබට තියෙන්නේ සාමාන්‍ය ගර්භාෂයක් නම් මේ ක්‍රමය ඔබට උපකාරී වෙනවා. එහිදී සරු බව සඳහා ලබා දෙන ඖෂධ ලබා ගත්ත ඔබේ පරිත්‍යාගශීලියාගේ ඩිම්බකෝෂ වලින් ඩිම්බ අර ගන්නවා. IVF එකට පස්සේ ඔබේ වෛද්‍යවරයා විසින් සංසේචනය කළ ඩිම්බ ඔබේ ගර්භාෂයට මාරු කරනවා.