ඔබේ යෝනි ආසාදනය පහව නොයෑමට හේතු 7 ක් මෙන්න

ඔබේ යෝනි මාර්ගය ඔබට දැඩි වේදනාවක් හා දැවිල්ල සම්බන්ධ ගැටලු ඇති කරනවාද? එක වරක් තිබුණු විසර්ජනයන් නැවතත් ඇති වෙනවාද? එහෙනම් ඒ ඔබේ යෝනි ආසාදනය නැවතත් ඇති වෙලා කියන එකට ලකුණක්.

යාේනි ආසාදන කියන්නේ ඔබේ යෝනි සෞඛ්‍යය අනතුරක බවට කරන පැහැදිලි ඇඟවීමක්. ඔබගේ යෝනි මාර්ගයට ගැටලු ඇති කරවන බොහෝ සාධක තියනවා. ඇත්ත වශයෙන්ම, ඔබ වැඩිපුර සීනි අනුභව කරනවා නම්, ඔබට මෙම යෝනි ආසාදන වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියනවා.

නමුත් වරින් වර මෙම යෝනි ආසාදන නැවත ඇතිවීමට හේතුව ඔබට තේරුම් ගැනීමට බැරි නම්, අද මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඒ සඳහා උදව් කිරීමටයි.

 

යෝනි ආසාදන ඇතිවීම යනු?

යෝනි ආසාදන ඇතිවීම කියන්නේ නරක බැක්ටීරියා එහි අනවශ්‍ය ලෙස වර්ධනය වීමයි. කෙනෙකුගේ යෝනි මාර්ගයේ ආසාදන හා දැවිල්ල හේතුවෙන් යෝනිදාහය හටගන්නවා. යාේනි ආසාදනය වීම් වල වඩාත් සුලභම වර්ගය වන්නේ bacterial vaginosis වන අතර බැක්ටීරියා වැඩීම නිසායි එය ඇති වෙන්නේ.

“යමෙකුට එතනින් මාළු වලින් එනවා වැනි පිළී ගඳක් දැනෙන්නට පුළුවන්. යෝනි මාර්ගයේ ඇති හානිකර බැක්ටීරියා මගින් හොඳ බැක්ටීරියා වල සමතුලිතතාවයට බාධා ඇති කරන නිසා ආසාදන නැවත නැවත ඇති වෙනවා. ”

යෝනි ආසාදන නැවත නැවතත් සිදුවීමට ප්‍රධාන හේතු හතක් ගැන අපි දැනගමු. 

රසායනික ද්‍රව්‍ය සහිත නිෂ්පාදන භාවිතය

විෂබීජ නාශක වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන නිතර භාවිතා කිරීම නිසා යෝනි ආසාදන නැවත ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස; යාේනි සේදීම්කාරක, ස්ප්‍රේ, සුවඳ විලවුන්, සුවඳැති සනීපාරක්ෂක තුවා ආදිය සඳහන් කරන්න පුළුවන්. මේ සියල්ලම රසායනික ද්‍රව්‍ය හා කල් තබා ගන්නා ද්‍රව්‍ය වලින් පිරී ඇති අතර ඒවා ඔබේ යෝනි මාර්ගය තුළ නරක බැක්ටීරියා වර්ධනය වීමට හේතු වෙනවා.

 

බහු ලිංගික සහකරුවන්

එය සම්පූර්ණයෙන්ම ඔබේ තේරීමක්. නමුත් එය ඔබගේ යෝනි සෞඛ්‍යය සඳහා ද බලපානවා. මෙම තත්ත්වය තුළ, කොන්ඩම් පැළඳීමද උදව් වෙන්නේ නෑ. මොකද නරක බැක්ටීරියා ඔබේ යෝනි මාර්ගයට ඇතුළු වී ඔබට ආසාදන ඇති කරන්න පුළුවන් බොහෝ ක්‍රම තිබෙනවා.

 

තද ඇඳුම් ඇඳීම

ඔව්, අපි අදහස් කරන්නේ ඔබේ යට ඇඳුම් ගැනයි. ඒවා ඔබේ යෝනි මාර්ගය සමඟ නිතරම සම්බන්ධ වන නිසායි. ඔබ තද කලිසම් හෝ thongs පැළඳ සිටින විට, එය දැඩි දහඩිය දැමීමකට තුඩු දෙනවා. මේ නිසා, රෙදි සහ සම එකිනෙකාට ඇතිල්ලෙමින්, එමගින් ඔබට කුෂ්ඨ හා දිලීර වර්ධනය වීමට ඉඩ තියනවා.

එසේම, ඔබ තෝරා ගන්නා රෙදි පිළිබඳව ඔබ ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ කෘතිම රෙදි වලින් සැකසූ යට ඇඳුම් අඳිනවා නම්, වහාම ඒවා ඉවත් කරන්න. කපු කලිසම් ඇන්ඳාම වාතය හුවමාරු වෙන්න පහසු නිසා ඒවා පාවිච්චි කරන්න.

 

හානිකර සබන් සහ බොඩි වොශ්

ඔබේ යෝනිය හෝ අවට සැර සබන් හා බොඩි වොශ් භාවිතා කිරීම හානිකර වෙන්න පුළුවන්. ඒ අතර එය යෝනියේ  pH අගයට ද බාධා කරන්න පුළුවන්.

 

උපත් පාලන ක්‍රම

යෝනි උපත් පාලන ක්‍රම මගින් යමෙකුගේ යෝනි මාර්ගයේ දැවිලි ඇති වෙන්න පුළුවන්.

 

වැරදි ලෙස සේදීම

ඔබේ යෝනි මාර්ගය සේදීමේදී ඔබ එම නිවැරදි ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ යෝනි මාර්ගය ඉදිරිපස සිට පසුපසට පිරිසිදු කළ යුතු අතර අනෙක් පැත්තට කරන්න එපා. එයට හේතුව ඔබ එය වෙනත් ආකාරයකින් කළොත්, ඔබේ ගුද ප්‍රදේශයෙන් බැක්ටීරියා ඔබේ යෝනි මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන් නිසායි. ඒ නිසා ප්‍රවේශම් වන්න.

 

යෝනි මාර්ගික ක්ෂය වීම (Vaginal atrophy)

ඔසප් වීමේදී Vaginal atrophy සිදු වන අතර මේ අවස්ථාවේ දී ඊස්ට්‍රජන් මට්ටම විශාල ලෙස පහත වැටෙනවා. මෙය යෝනි මාර්ගයේ වියළි බව හා දැවිල්ල ඇතිවීමට හේතු වෙන්න පුළුවන්.