තම ඇසේ පෙනීමේ තත්ත්වය ගැන ඇතැම් විට කාර්‍යබහුල ජීවන රටාවත් සමග ඔබ එතරම් තැකීමක් නොකරන කාර්‍යයක්. නමුත් ජීවිතයේ තුන්වන දශයකයේදි සහ ඉන් ඔබ්බට පෙනීමේ වෙනස්කම් ඇතිවීමේ අවදානම මතුවනවා. ඇතැම් අවස්ථාවල ගර්භණී සමයේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා ඇස් පෙනීම නොපැහැදිලි වීමේ ඉඩ ඇති අතර නින්ද අඩුවීම, ඩිජිටල් මාධ්‍ය භාවිතය, Zoom තාක්ෂණය ඔස්සේ රාජකාරි සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා ඇස් අධික ලෙස වියළීම වැනි තත්ත්ව ඇතිවන අතර පෙනීම සැලකිය යුතු මට්ටකින් අඩු වීමද සිදුවනවා.
ඇස්වල පෙනීම සම්බන්ධ ගැටළු සහ ඔබට ගත හැකි පියවර
ගැටළු අංක : 1
වයස්ගතවීමත් සමග පෙනීම අඩුවීම 40 දශකය මුල වන විට ඔබට සමීප වස්තූන් පැහැදිලි නැති බව හෝ කුඩා අකුරු කියවීමට නොහැකි බව වැනි ගැටළු මතුවිය හැකියි. එමෙන්ම සෑමවිටම ඇසට වෙහෙස දැනීම හෝ අක්ෂි වේදනාව ඇතිවිය හැකියි.
විසඳුම: වසරකට වරක් ඔබේ අක්ෂි වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍ය උපදෙස් මත කණ්ණාඩි පැළඳීම හෝ ඖෂධ භාවිතය සිදුකරන්න.
ගැටළු අංක : 2
ඇස් අධික ලෙස වියළීම ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණ වන්නේ දවසෙ බොහෝ වේලාවක් ඩිජිටල් තිරයන් දෙස බලා සිටීමයි. සාමාන්‍යෙන් ඔබ රූපවාහිනිය, පරිඝනකය වැනි තිරයන් දෙස බලා සිටින විට අඩුවෙන් ඇසිපිය සැලීම සිදුකරනවා. එවිට ඇස් වියළීම වේගවත් වෙනවා. ඇස් වියලීම හේතුවෙන් අක්ෂි ආසාදන ඇතිවීම ඉහළ යාමත් රිය පැදවීම වැනි ක්‍රියාවන් අපහසුවීමත් සිදුවනවා.
විසඳුම: සෑම පැයකටම විනාඩි 10ක් පමණ ඇස්වලට විවේකයක් ගෙන දීමට ඩිජිටල් තිරය ඉදිරියෙන් ඉවත්වන්න. එසේම වෛද්‍ය අනුමැතිය මත ඇස් වලට දැමීමට eye drops වර්ගයක් භාවිතය වැනි දේ කළ යුතුයි.
ගැටළු අංක : 3
ඔබ ප්‍රමාණවත් පරිදි නින්ද ලබාගන්නා විට ඇසෙහි තෙතමනය ආරක්ෂා වෙනවා. නමුත් විවිධ හේතූන් නිසා ප්‍රමාණවත් නින්දක් නොලැබීම ද ඇස් වියළීමට හේතුවනවා.
විසඳුම: සුදුසු eye drops වර්ගයක් භාවිතා කිරීම සිදුකළ යුතුයි. දිනකට අවම පැය 7 ත් 8ත් අතර නින්දක් ලබාගැනීමටද කටයුතු කළ යුතුයි. එමෙන්ම අක්ෂි කාච පැළඳ සිටිනවා නම් නින්දට පෙර ඒවා ඉවත් කිරීමද වැදගත්.
ගැටළු අංක : 4
ඔබ දරුවා වඩාගෙන සුරතල් කරමින් සිටින විට ඒ සිඟිති නිය පහර ඔබගේ දෑස්වලටත් වදිනවා ඇති. එසේ ඇතිවන සීරීම් ඔබ සිතනවාට වඩා බරපතලයි. එවැනි තුවාල නිසි පරිදි සුව නොවීමෙන් දිගුකාලීන වේදනාවන් ඇතිවනවා.
විසඳුම: නිය පහරක් වැදුණ විගස preservative-free drops දැමීමත්, රෝග ලක්ෂණ කෙරෙහි අවධානයෙන් සිට අවශ්‍ය නම් අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමත් සිදුකළ යුතුයි.
ගැටළු අංක : 5
සබන් වර්ග, රෙදි සෝදන කුඩු සහ ඇස්වලට මේකප් වලට යොදාගන්නා රසායන හේතුවෙන් ඇස් ආසාදන ඇතිවිය හැකියි.
විසඳුම : සෑම දිනකමය ඇස් වලට යොදන මේකප් ආලේපන ඉවත්කළ යුතු අතර ඔබට යම් දෙයක් ආසාත්මිකතාවයක් ඇති වන බව පෙනුන හොත් ඒවා ඉක්මණින් ඉවත් කිරීමත් සිදුකළ යුතුයි. අසාත්මිකතා ඇතිවන බවට ඔබට තේරුණ ඕනෑම දෙයක් සති දෙකක් පමණ භාවිතයෙන් වැළකී සිට ඒ එක් එක් වර්ගය වරකට නැවත ආසාත්මිකතාවයක් ඇතිවනවා දැයි බැලීමට එක බැගින් භාවිතා කර බැලීමත් කළ යුතු වෙනවා.
Blue-Light කණ්ණාඩි භාවිතය යම්තාක් දුරට සහනයක් විය හැකියි
Blue-Light මගින් සූර්‍යයාගෙන් ගෘහස්ථ ආලෝකයෙන් සහ ඩිජිටල් තිර මගින් ඇතිවන කිරණ වලින් එල්ලවන බලපෑම පාලනය කරනු ලබනවා. මෙම කණ්ණාඩි ඔබට ගෘහස්ථව ඩිජිටල් තිර ඉදිරිපස කාලය ගත කරන විට භාවිතය වඩාත් සුදුසු වන අතර UV කිරණ මගින් ආරක්ෂාව ලබානොදෙන බැවින් සූර්‍යාලෝකයට නිරාවරණය වීමේදි අවු කණ්ණාඩි භාවිතා කිරීමද කල යුතුයි.