Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ළදරුවන් කලින් නින්දෙන් අවදි වන්න හේතූ සහ එයට ඔබට කුමක් කළ හැකිද?

ඔබ දැක ඇති ඇතැම් කුඩා බිළිදුන් රාත්රී කාලයේ දිගු නින්දක් නිදාගන්නා ආකාරය නමුත් ඇතැම් විට දරුවන් ඉක්මණින් අවදිවන බවට මවුවරුන් මැසිවිලි නගන අතර එසේ වෙන්නේ ඇයිදැයි ඔබටත් ගැටළුවක් ඇති. දවස මුළුල්ලේම දරුවාගේ කටයුතු සහ නිවසේ කටයුතු නිසා වෙහෙස මහන්සි වී සිටින ඔබට යම් විවේකයක් ලැබෙන්නේ රාත්රී කාලයේයි නමුත් ඔබගේ කුඩා දරුවා කලින් නින්දෙන් අවදි වීම ඔබට ඉතා අසීරු වාතාවරණයක් ගොඩ නගනු ලබනවා. ඇත්තටම කුඩා දරුවන් වේලාසන නින්දෙන් අවදි වීමට හේතු මොනවාද. එය වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේ මොනවාද යන්න සම්බන්ධයෙන් ඔබටත් ගැටළු ඇති. එසේ නම් කියවා බලන්න මෙම ලිපිය ඔබට බෙහෙවින් ප්රයෝජනවත් වේවි

 

දරුවා කලින් අවදිවනවාදැයි හඳුනා ගන්නේ කෙසේද?

 

බොහෝ දරුවන් උදෑසන 7 ත් 8ත් අතර කාලයේදි අවදි වුවත් ඇතැම් දරුවන් ඊට කලින් අවදි වෙනවා. ඒ නිසා දරුවා කලින් අවදි වෙනවා නැතිනම් ඔහුගේ හෝ ඇයගේ සාමාන් හුරු පුරුදු වේලාවට අවදි වෙනවාද යන්න ගැන අවබෝධයක් තබා ගැනීම වැදගත් කරුණක්. දරුවන් වයසින් වැඩෙන විට ඔවුන්ගේ නිදා ගන්නා වේලාව වෙනස් වෙනවා. සාමාන්යයෙන් මාස 6 දරුවකුදිනකට පැය 13ත් 14ත් අතර කාලයක් නිදාගන්නා අතර ඔබ රෑ 8 දරුවා නින්දට යොමු කළහොත් ඔවුන් උදෑසන 6 හෝ ඊට පෙර අවදිවනවා නම් දරුවා කලින් අවදි වෙනවා යන්න සම්බන්ධයෙන් ඔබට පැනයක් ඇතිවනවා ඇති. එවිට පහත කරුණු 3 ගැන සිතා බලන්න

 

ඔබේ දරුවා දිවා කාලයේදි පැය 3 හෝ 4 නින්දක් ලබා රාත්රී නින්දෙන් උදෑසන 6 පමණ අවදි වුවහොත් එය කල්තබා අවදිවීමක් ලෙස සැලකිය නොහැක

දරුවා සෑම දිනකම උදෑසන 6 පමණ අවදි වී දිනය මුළුල්ලේම ක්රියාශීලිව සිටිනවා නම් දරුවා උදෑසන අවදි වීමට පුරුදු වූවකු ලෙස හැඳින්විය හැකියි. ඒ නිසා දරුවාගේ නිදි චක්රය ගැන ඔබට ගැටළුවක් ඇතිකළ ගත යුතු වෙන්නේ නැත

දරුවා උදෑසන 6 පෙර අවදි වී නැවත නිදා නොගෙන දිනය පුරා අපහසුවෙන් සහ මද නොසන්සුන් බවකින් කල් ගත කරනවා නම් දරුවා ඉතා වේලාසනින් අවදි වී ඇතැයි අනුමාන කළ හැකියි

 

ඇතැම් දරුවන් නින්දෙන් කලින් අවදි වෙන්නේ ඇයි?

 

රෝගී තත්ත්ව හේතුවෙන්

 

දරුවන්ට බලපානු ලබන ඇතැම් රෝග තත්ත්වයන් හේතුවෙන් දරුවන්ට රාත්රී කාලයේ ඒකාකාරී නින්දක් ලබාගැනීමෙ අපහසුතා ඇතිවිය හැකියි. gastroesophageal reflux වැනි රෝග සහ හුස්ම ගැනීමේ අපහසු තත්ත්වයන් ඇතිවිට දී රාත්රී කාලය පුරාම විටින් විට අවදි වන අතර දිගු නින්දක් ලබාගත නොහැකි බවින් පීඩා විඳිනවා

 

වර්ධනය සම්බන්ධ ගැටළු ඇතිවිට

 

නිදා ගැනීමේ අපහසුතා ඇති සහ සීග්රයෙන් වර්ධනය සිදුවන කාල වලදී දරුවන්ගේ නිදි චක්රය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි

 

කුසගිනි ඇතිවීම

 

කුඩා දරුවන් තුළ සීඝ්‍ර වර්ධනයක් සිදුවන අවධියේදි දරුවන්ගේ පෝෂණ අවශ්යතා සහ ආහාරපාන ලබාගන්නා රටාවේ වෙනස්කම් ඇති වෙනවා. විශේෂයෙන් මාස 9ත් 12 ත් අතර කාලසීමාවේදි ඔවුන් කුසගිනි දැනීම නිසා නිතර නින්දෙන් අවදිවීම දැකිය හැකියි

 

බාහිර පාරිසරික හේතූන්

 

දරුවන්ගේ නින්ද සහ අවදිවීම සම්බන්ධයෙන් ආලෝකය බලපාන අතර සිරුරේ මෙලටොනින් (Melatonin) නමැති හෝමෝනය නිදි චක්රය ක්රියාකාරි කරනු ලබනවා. මෑතකදි සිද්‍ධ කළ පර්යේෂණයකින් ආලෝකයට නිරාවරණය වීම නිසා මෙලටොනින් හෝමෝනය වැඩිහිටි පුද්ගලයින්ට වඩා දෙගුණයක් වේගයෙන් කුඩා දරුවන්ගේ සිරුරෙන් බිඳවැටෙන බවත් උදෑසන හිරු එළියට නිරාවරණයෙන් සිරුරේ සර්කැන්ඩියන් රිද්මය බිඳ වැටී දරුවන් ඉක්මණින් අවදි වන බව හෙළිව තිබෙනවා

 

දරුවන් තුළ ස්වයං සන්සුන් වීමේ හැකියාව නොමැති වීම

 

ඇතැම් දරුවන් තුළ ඔවුන් විසින්ම සන්සුන් වන නැළවෙන ස්වභාවයක් ඇති අතර ඔවුන් උදෑසන අවදිවුවත් ඔවුන් විසින්ම නැවත ගැඹුරු නින්දට පිවිසෙනවා. නමුත් ඇතැම් දරුවන්ට මව හෝ පියා විසින් වැළඳගෙන, සෙලවීම හෝ වඩාගැනීම හෝ කිරි බීමට අවශ් වෙනවා. එමගින් ඔවුන් නැවත නින්දට පිවිසෙනවා. ඒ නිසා දරුවන් තුළ වන ස්වයං සන්සුන් වීමේ හැකියාව නොමැති නිසා ඔවුන් ඉක්මණින් අවදි වෙනවා. 

 

දරුවාට වන අධික වෙහෙස

 

දරුවා නින්දට යොමුවන වේලාව ගැන අවබෝධයක් ඔබට තිබිය යුතු අතර දරුවාට නිදිමත දැනෙන විට ඔවුන් නින්දට යොමුකළ යුතුයි. එසේ නොවුණහොත් දරුවා අධික ලෙස වෙහෙසට පත්වන අතර ඔවුන් නින්දට යොමු කිරීමට අසීරු වන අතර කලින් අවදිවීමට ඉඩ තිබෙනවා

 

කුඩා දරුවන්ගේ මොළයේ සහ අනිකුත් අංශයන්ගේ වර්ධනයට නින්ද ඉතා වැදගත් වන අතර ඉහත විවිධ හේතූන් නිසා ඔවුන්ගේ නින්දට බාධා ඇතිවනවා නම් හෝ දරුවා වේලාසන අවදි වෙනවා නම් ඔබ කුමක් කළ යුතුද? විශේෂයෙන් එයට පෙර ඔබට දරුවාගේ නිදි චක්රය ගැන මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා. 

 

දරුවා කලින් අවදි වන විට ඔබ කුමක් කළ යුතුද?

දරුවාට ආවේණික රටාවක් පවත්වා ගන්න – දරුවන් නිදා ගන්නා වේලාව එකිනෙකාගෙන් වෙනස් වන අතර ඔබේ දරුවා නින්දට යොමුවන වේලාව ගැන අවධානය යොමුකර සෑම දිනකම එම නියමිත වේලාවට දරුවා නිදිකරන්න

යම් කිසි සෞඛ් ගැටලුවක් නිසා නිදා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා නම් ගැන ප්රතිකාර ගැනීමට යොමුවන්න

ස්වයංව නින්දට යොමුවීමට ඔවුන් හුරු කරන්න

දරුවාගේ නිදන ස්ථානයේ ආලෝකය පාලනය කරන්න. සාමාන්යයෙන් ඉක්මණින් ආලෝකමත් වන පරිසරයන් හීදි දරුවන් ඉක්මණින් අවදිවන සම්භාවිතාව වැඩියි

දරුවාට නින්දට යොමුවන දෛනික කාල රාමුවක් සකසන්න. රාත්රි ආහාරය, පිරිසිදු කිරීම ආදිය නියමිත වේලාවකට ආරම්භ කර දරුවා ඇඳට ගෙනගොස් ඔහු හෝ ඇය ප්රිය කරන කතාවක්, ගීතයක් හෝ වෙනත් ක්රියාකාරකමක් සිදුකර නින්දට යොමුකරන්න. එවිට තමා නින්දට යාම සහ එයට සූදානම් වීම ගැන දරුවා තුළ අවබෝධයක් ඇතිවනවා

දරුවාට බාහිර පරිසරයේ බාධාවන් එල්ල නොවන සන්සුන් වාතාවරණයක් සහිත ස්ථානයක නින්දට යොමු කරන්න

දරුවා අවදි නොවන පරිදි දරුවාට කිරි දීම හෝ වෙනත් ලෙසකින් පෝෂණය කරන්න. කුස පිරුණු පසු ඔවුන් වැඩි වේලාවක් නින්දට යොමුවනවා

දරුවා දිවා කාලයෙ නිදාගන්නවා නම් එය කෙටි වේලාවකට සීමා කරන්න. එවිට රාත්රියේ දිගු නින්දක් දරුවන් ලබාගනීවි

මාස 12 වැඩි දරුවන්ට තමා ප්රියකරන මෘදු සෙල්ලම් බඩුවක් හෝ වෙනත් ඔවුන් ප්රියකරනු ලබන දෙයක් ඇඳට ගෙනයාමට ඉඩදෙන්න. නැති පැසිෆියර් එකකට හුරු කරන්න

අවදි වු විගස දරුවා සමග සෙල්ලම් කිරීමට හෝ කාටූන් වැනි වැඩසටහන් නැරඹීමට හුරු නොකරන්න

 

කුඩා දරුවන්ගේ නින්ද ඔවුන්ගේ වර්ධනයට ඉතා වැදගත් අතර ප්‍රමාණවත් නින්දක් දරුවාට ලබාදීම ඔබගේ වගකීමක්ද වෙනවා. එමෙන්ම එය ඇතැම් විට ඉතා පහසු කාරණවක්ද නොවේ. ඒ නිසා වඩාත් ඉවසීමෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම මගින් ප්‍රමාණවත් නින්දක් දරුවාට ලබාදීමට ඔබටත් හැකියාව ලැබේවි.

 

«

»