Search here...
TOP
Uncategorised

කුඩා දරුවන් ඇතැම්විට මළපහ පිටකිරීමෙන් වැළකී ඉන්නේ ඇයි?

කුඩා දරුවන් විවිධ වූ හේතුන් නිසා මළපහ කිරීමෙන් වැළකී සිටිනවා. ඇතැම් විට දින කිහිපයක් යනතුරු දරුවන් මළපහ පිටකිරීමෙන් තොරව රඳවාගෙන සිටිනවා. එයට විවිධ හේතූන් බලපෑ හැකියි. ඒවා මනෝවිද්යාත්මක සහ භෞතික සාධක ලෙස වර්ග කරන්න පුළුවන්. කොහොම වුණත් දරුවන් මළපහ පිටකිරීමෙන් වැළකීම මවුවරුන් වන ඔබට නම් දැඩි ගැටළුකාරී තත්ත්වයක්

 

ඒ නිසා මෙම ලිපිය මගින් දරුවා මළපහ පිටකිරීමෙන් වැළකී සිටීමට බලපාන හේතූන් සහ නිසි පරිදි මළපහ පිටකිරීමට දරුවාට සහය විය හැකි පියවරයන් කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරනවා

 

දරුවා මළපහ පිටකිරීමෙන් තොරව රඳවාගෙන සිටින බව දැනගත හැකි සංඥා

වෙනදාට වඩා වැඩි වාර ගණනක් වාතය පිටකිරීම

ආහාර රුචිය අඩුවීම

සිරුර දැඩි කරගෙන සිටීම

අත්පා දරදඬු කරගෙන සිටීම

අපහසුවෙන් ඇවිදීම

ඇඟිලි තුඩුවලින් ඇවිදීම

දරුවා ගේ මුහුණ රතුවීම

නිතර මුත්රා පිටවීම

 

කුඩා දරුවන් මළපහ රඳවාගෙන සිටින්නේ ඇයි?

1. මළබද්ධය – Constipation

දරුවන් මළපහ රඳවාගෙන සිටීමට ප්රධානම හේතුව වන්නේ මළබද්ධයයි. එමගින් දරුවාට මළපහ පිටකිරීමට අපහසුවන අතර මළපහ වියළි සහ තද ස්වභාවයක් ගන්නව

2. පෙර විඳිනු ලැබූ අත්දැකීමකින් බියට පත්වීම – Fear of bad experiences

වැසිකිලි භාවිතයේදි වූ අනතුරක් එසේ නැතිනම් මළපහ කිරීමේදි සහෝදරයකු හෝ මිතුරකු විසින් බය කිරීම හෝ විහිළු කිරීම වැනි දෙයක් නිසා එම අත්දැකීමට බිය වීමෙන් වැසිකිලිය වෙත නොයා මළපහ රඳවාගෙන සිටිය හැකියි

3. වැසිකිලි පුහුණුව කෙරෙහි ඇති අකමැත්ත – Uncertain about their potty training

කුඩා දරුවන් ඩයපර් භාවිතයෙන් පොටියට මුත්රා පිටකිරීමට සුමට ලෙස මාරු වුවත් මළපහ කිරීමට හුරු වීමේ ගැටළු තිබෙනවා. බොහෝ දරුවන් එය ප්රතික්ශේප කරන අතර එයට ඇති අකමැත්ත නිසා මළපහ රඳවාගෙන සිටීමට ඉඩ තිබේ

4. දරුවාගේ ස්වාධීනත්වය සහ පාලන ගැටළු – Independence and control issues

කුඩා දරුවන් විටක ඉතා ස්වාධීන වන අතර ඔවුන් මව හෝ පියා පවසන දෙය කිරීම ප්රතික්ශේප කරනවා. විශේෂයෙන් මළපහ කිරීමට පොටිය භාවිතා කිරීමට දෙමවුපියන් උපදෙස් දුන්නත් එයට කීකරු වීමට ඇති අකමැත්තෙන් මළපහ පිට නොකර සිටීමට හැකියි

5. සෙල්ලම් කිරීමට ප්රමුඛත්වය දීම – Engrossed in playing

දරුවන්ට සෙල්ලම් කරන විට අනෙකුත් සියල්ල අමතක වන අතර සෙල්ලමට අවධානය යොමුවීම නිසා මළපහ පිටකිරීමට නොගොස් රඳවාගෙන සිටීමට ඉඩ තිබේ

6. කාංසාව හෝ විවිධ සංවේදනයන් – Sensory or anxiety issues

sensory processing disorders තත්ත්වයන් ඇති දරුවන් විවිධ ක්රියාවන් සමග අනවශ් ලෙස සංවේදි වන අතර එවැනි දරුවන් මළපහ වලට එහි ගන්ධයට දැඩිව අකමැති වීම වැනි හේතූ නිසා මළපහ පිට නොකර රඳවාගෙන සිටීමට ඉඩ තිබේ

7. වෙනත් සෞඛ් ගැටළු – Health problems

ඇතැම් රෝග තත්ත්වයන් හේතුවෙන් කුඩා දරුවන්ට මළපහ පිටකිරීමේ ගැටළු ඇතිවිය හැකියි

 

දරුවා මළපහ පිට නොකර සිටීමෙන් මතුවිය හැකි සංකූලතා

බඩේ වාතය පිරවීම

උදරයේ වේදනාව

උදරයේ කැක්කුම

උදරය විශාල වීම

පිටකිරීමට අපහසු තරම් රළු සහ වියළි මළපහ

මුත්රා පිටවීම

මුත්රා ආසාදන

 

දරුවා මළපහ පිටකිරීමට හුරු කරන්නේ කෙසේද?

1. සෑමවිටම සරල උපාය මාර්ග භාවිතා කරන්න

වැසිකිලි යාමට පෙර උණුසුම් ජලයෙන් ස්නානය, උණුසුම් කිරි වීදුරුවක් ලබාදීම,සරල ව්යායාමයක නිරත වීම වැනි ක්රියාවකින් පසුව මළපහ පිට කිරීමට යොමුකරන්න. දරුවාට ගැලපෙන සරල ක්රමයන් අනුගමනය කරන්න

2. දරුවාට ගැලපෙන පොටි උපකරණයක් තෝරා දෙන්න

දරුවාට පාද බිම තැබිය හැකි, ප්රමාණයට සුදුසු පොටියක් තෝරා ගන්න. දරුවා බිය නොවන ආකාරයේ ආකර්ෂණීය වර්ණයකින් යුතු පොටියක් තෝරා ගන්න

3. දරුවා දැනුවත් කරන්න

දරුවාගේ වයසට සුදුසු සරල ආකාරයෙ අප මුඛයෙන් ගනු ලබන ආහාර වලට කුමක් සිදුවන්නේ දැයි සහ ඒවා ශරීරයෙන් පිටවන ආකාරය ගැන සරලව පහදා දෙන්න. දරුවන්වැසිකිළි පුහුණුව සිදුකරන කුඩා පොත් හෝ රූපසටහන් යොදා ගන්න

4. ආහාර වේල වෙනස් කරන්න

දරුවාගේ ආහාර වේලට ජීර්ණය පහසු කරන තන්තු බහුල ආහාර එක්කරන්න. තන්තු බහුල ආහාර, ධාන් වර්, කොළ පැහැති එළවලු සහ පලතුරු වැනි දේ සහිත ආහාර වේලක් ලබාදෙන්න

5. ශරීරය විජලනයෙන් වැලකීමට ජලය ලබාදෙන්න

දරුවාගේ සිරුරට ප්රමාණවත් පරිදි ජලය නොලැබීම මළබද්ධයබලපානු ලබන ප්රධාන හේතුවයි. ඒ නිසා දෛනිකව දරුවාට ප්රමාණවත් පරිදි ජලය සහ අනෙකුත් දියර වර්ග ලබාදෙන්න

6. ක්රියාශීලිව කාලය ගත කිරීමට දිරිමත් කරන්න

ක්රියාශීලි දිවියක් ගත නොකරන දරුවන් හට මළපහ පිටකිරීමේ ගැටළු ඇතිවීමේ අවධානම ඉහළ නංවන අතර දරුවාට විවිධ ක්රීඩාවල යෙදෙමින් ක්රියාශීලි දිවියක් ගත කිරීමට දිරිමත් කරන්න

7. දිනපතා මළපහ කිරීමට නියමිත කාලසටහනක් සකස් කරන්න

දරුවා මළපහ පිටකිරීමෙන් වැළකී සිටීමට ප්රිය කරනවා නම් සෑම දිනකම එකම වේලාවකට වැසිකිලි යාමට දරුවා උනන්දු කරවන්න

වෛද් ප්රතිකාර වලට යොමුවිය යුත්තේ කවර අවස්ථාවේදීද?

දරුවාගේ ආහාර රටාවේ වෙනසක් සහ මළපහ පිටකිරීමෙන් දිගින් දිගටම වැළකී සිටිනවා නම් වෛද් උපදෙස් ලබාගත යුතු වෙනවා

කුඩා දරුවන් මළපහ පිටකිරීමෙන් වැළකී සිටීම සාමාන්‍ය වන අතර බොහෝ විට එයට මළබද්ධය හේතු විය හැකියි. ඒ නිසා දරුවාට එයට අනවශ්‍ය ලෙස බල කිරීමකින් තොරව සරල උපක්‍රම මගින් සහය වීමෙන් මෙම ගැටළුව විසඳාගත හැකියි.

 

«

»