සුරතල් සතෙක් දරුවෙකුට දෙන්න ඕන මෙන්න මේ නිසයි

ගෘහාශ්‍රිත සතුන් සමඟ මිනිසාගේ මුලික සම්බන්ධතාවයේ ඉතිහාසය කොච්චර කාලයක් තිස්සේ පවතිනවාද කියන කාරණය බොහෝ කාලයක ඉඳන් විවාදයට භාජනය වෙනවා. අද කාලයේ බොහෝ පවුල් තමන්ගේ සුරතල් සතුන්ට ආදරය කරනවා වගේම ඔවුන්ගේ සුරතල් සතුන් ඔවුන්ගේම පවුලේ සාමාජිකයන් විදිහටයි සළකන්නේ. ඔබ දරුවන්ට තිළිණ කරන්න පූසෙක්, බල්ලෙක් හෝ හාවෙක් ආදී ඕනෙම සතෙක් තෝරා ගත්ත ද සුරතල් සතුන් ඇති දැඩි කරන පවුලක ජීවත් වෙන දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ අති විශාලයි. ඒ ගැන අපි ඔබට අද කියන්නම්…

 

සුරතල් සතුන් කොන්දේසි විරහිතව ආදරය ලබා දෙයි

ඔවුන් ඔබව විනිශ්චය නොකරන අතර, විශේෂයෙන් හුදකලා දරුවන් හෝ සහෝදර සහෝදරියන් අතර එදිරිවාදිකම් හෝ මානසික පීඩාවන් ඇති දරුවන් සඳහා සුරතල් සතෙක් ලබා දුන්නම ඔවුන්ට කථා කිරීමට කෙනෙක් ලැබෙනවා. සුරතල් සතෙකු දරුවා ගැන විනිශ්චයකින් තොරව හෝ ප්‍රතිවිපාක ගැන හිතන්නේ නැතුව දරුවෙකුගේ කරදර වලදී ඔවුන්ව සැනසීමට, උපකාර කිරීමට සහ සවන් දෙන්න පෙළඹෙනව. තවද, සෙල්ලම් කරනකොට සුරතල් සතෙකුට ඔබේ දරුවාගේ සහකරු සහ හොඳම මිතුරෙක් ද වෙන්න පුළුවන්.

 

සුරතල් සතෙකු සමඟ දරුවෙක්ගේ හැඟීම් බෙදාගන්න පුළුවන් 

 

සමහර ළමයින් හිරිහැර කරන්නන් බවට පත්වන අතර ඔවුන්ගේ සැබෑ හැඟීම් බෙදා ගැනීමට ඔවුන්ට ආරක්ෂිත බවක් නොමැති නම් ඔවුන් එම හැඟීම් වෙනත් දරුවන් වෙත බලෙන් පටවන්න පුළුවන්. සුරතල් සතෙක්ට නම් ඔබේ දරුවා කුමක් කිව්වත් ඔහුට ආදරය කරන නිසා සුරතල් සතෙකු ඔහුට විශ්වාසවන්ත, ආරක්ෂිත බවක් ලබා දෙනවා. ඔහුගේ බිය, කෝපය සහ ශෝකය වාචිකව පිට කිරීමට පවා සුරතල් සතෙක් කියන්නේ ලොකු උදව්වක්.

 

සුරතල් සතෙකුට සංවේදනයන් උගන්වන්න පුළුවන් 

 

සුරතල් සතෙක් රැකබලා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ දරුවාට සංවේදනයන් ඉගැන්වීමේ ඔබේ හැකියාව මතයි. ඔබ කරන දේ අනුව ඔබේ දරුවා ද ඔබේ සුරතලාගේ අවශ්‍යතා කියවීමට ඉගෙන ගනී: එයාට බඩගිනි ද? එයාට පිටතට යාමට අවශ්‍යද? සමහර විට සුරතලා සුළඟට, වැස්සකට බය වුණාම සැනසීමට පවා දරුවාට අවශ්‍ය වෙනවා. එපමණක් නෙමෙයි සංවේදනය කියන්නේ ඔබ විසින් දරුවන්ට ඉගැන්විය යුතු එක් කුසලතාවයක්.

 

සුරතල් සතෙකුට විශ්වාසය හා වගකීම් උගන්වන්න පුළුවන්

සුරතල් සතෙකු රැකබලා ගැනීමේ වගකීම දරුවන්ට ලබා ගන්න පුළුවන්. අවුරුදු තුනක් තරම් කුඩා දරුවන්ට සුරතල් සතුන්ගේ ජලය පිරවීම සහ ආහාර භාජන සැකසීම වගේ සරල කාර්යයන් කළමනාකරණය කරන්න පුළුවන්. ඔබේ දරුවා වයසින් වැඩෙන කොට ඔහුට සුරතල් සතා ඇවිදීමට එක්කන් යන්නත් පුළුවන්.

 

 දරුවන් සමාජ ගත කිරීමට සහ වාචික කුසලතා වැඩි කිරීමට සතුන්ට පුළුවන්

 

කතා කිරීමට ඉගෙන ගන්නා කුඩා දරුවන් පවා සුරතල් සතුන් සමඟ කතාබහ කිරීමට උත්සාහ ගන්නවා ඔබ දැකලා ඇති. මේ ආකාරයට සුරතල් සතුන් විසින් දරුවන්ට සමාජ හා මානසික සහයෝගය පමණක් නෙමෙයි ප්‍රජානන භාෂා කුසලතා ද දරුවන්ට ලබා දෙනවා. සුරතල් සතෙකුගේ සරල පැමිණීම පවා දරුවාට වාචික උත්තේජනයක් සපයන අතර ඔබේ දරුවාට වෙනත් අය සමඟ කතා කිරීමට හා සමාජගත වීමට පුරුදු කරන්න ඒ හරහා පුළුවන්.

 

සුරතල් සතුන් (සහ පොදුවේ සතුන්) දරුවන්ට චිකිත්සාවක් වෙන්න පුළුවන්

 

සුරතල් සතුන් අපේ රුධිර පීඩනය අඩු කිරීමට, සුවපත් වීම් වල කාලය වේගවත් කිරීමට, මානසික ආතතිය හා කාංසාව අඩු කිරීමට උපකාරී වන ආකාරය අධ්‍යයනවලින් හෙළි වෙලා තිබෙනවා. කරදරකාරී හැසිරීම් සහිත දරුවන්ට, ඔටිසම් දරුවන්ට සහ PTSD තත්ත්වය සහිත දරුවන්ට සුරතල් සතුන්ගේ ආදරය කියන්නේ ප්‍රතිකාර ලබා දෙන හොඳ චිකිත්සාවක්. ඔවුන් සතුන් සමඟ සිටිනකොට සතුන්ගෙන් ඔවුන්ට ආදරය, සෙනෙහස හා කොන්දේසි විරහිත බව දැනෙන නිසා ඔවුන්ට සතුන් සමඟ වහාම සම්බන්ධ වෙනවා.