ගර්භණී සමයේ ඇතිවන තුනටිය වේදනාව සමනය කර කරගන්නේ කොහොමද?

ගර්භණී සමය තුළ බොහෝ කාන්තාවන් මුහුණදෙනු ලබන අපහසුතා අතර ඉදිරියෙන්ම තුනටිය වේදනාව තිබෙනවා. විශේෂයෙන් දරු ප්රසූතියට ආසන්න වන විට දරු ගැබෙන් එල්ල වන පීඩනය සහ දරු ප්රසූතියසිරුර සූදානම් කරන හෝමෝනයන්හි බලපෑම හේතුවෙන් මෙම තුනටිය වේදනාව වැඩිවනවා. මෙම වේදනාව ඇතැම් විට තියුණු සහ දැඩි ලෙස ඇතිවිය හැකියි. ගර්භණී සමයේ ඇතිවන මෙම තුනටිය වේදනාව සමනය කරගන්නේ කෙසේද යන්න ගැන මෙම ලිපිය මගින් අපි ඔබ වෙත වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා

 

ගැබිණි සමයේ තුනටිය ආශ්රිත වේදනාව ඇතිවීමට හේතු

ගර්භණී සමයේ විවිධ කාල සීමා තුළදී ඔබට මෙම වේදනාව අත්විඳිය හැකි අතර ඇතැම් විට මුල් කාලසීමාවේදී, නැතිනම් ගර්භණී කාල සීමාව පුරාවටම මෙම වේදනාව අත්විඳිය හැකි. සාමාන්යයෙන් එයට බලපාන පොදු හේතූන් ලෙස පහත හේතුන් සඳහන් කළ හැකියි

 

  1. නිදා ගැනීමේ ඉරියව්වඔබ නිදාගන්නා ඉරියව්ව තුනටිය වේදනාව ඇතිවීමට බලපානු ලබනවා. බොහෝ කාන්තාවන්ට ගර්භණී සමයේදී උඩ අතට නිදා ගැනීමේ අපහසුව නිසා පැත්තට හැරී නිදාගන්නා අතර එවිට තුනටිය වේදනාව ඇතිවීමේ ඉඩකඩ වැඩියි
  2. හෝමෝන බලපෑමතුනටිය වේදනාවඇතැම් විට ගර්භණී සමය තුළ ඔබගේ සිරුරෙ වන හෝමෝන ක්රියාකාරිත්වය හේතුවනවා. එම හෝමොන මගින් මාංශ පේශීන් ලිහිල් වීම ආදිය සිදුකරන අතර එමෙන්ම ප්රසූතිය පහසුවීමවන ශ්රෝණි ආශ්රිත අස්ථි බිඳීම වැනි දේ නිසාවෙන් තුනටිය වේදනාව ඇතිවනවා
  3. Round ligament pain – ගර්භණී සමයේ කටී අස්ථිය, උදරය ආශ්රිතව ඇතිවන තියුණු වේදනාවට මෙම අස්ථිබන්ධනය හේතුවනවා
  4. Sciatica- දරුවා ක්රමයෙන් වැඩෙන විට ගර්භාෂය මගින් ස්නායුවල ඇතිවන පීඩනය හේතුවෙන් බොහෝ කාන්තාවන්ට මෙම තුනටිය ආශ්රිත වේදනාව ඇතිවන අතර එය Sciatica ලෙස හඳුන්වනු ලබනවා. ඇතම් විට වේදනාවට අමතරව තුනටිය, කළවා සහ තට්ටම් ආශ්රිතව හිරි වැටීම් ස්වභාවයක්ද ඇතිවීමට ඉඩ තිබෙනවා
  5. ගර්භණී සමය තුළ සිරුරේ බර වැඩිවීමගර්භණී සමය තුළ කාන්තා සිරුරේ බර වැඩිවීම සිදුවනවා. එමගින් සිරුරේ බර දරා සිටින දණහිස්, වළලුකර, පාද සහ තුනටිය ආශ්රිතව ඇතිවන පීඩනය හේතුවෙන් ගර්භණී සමයේ දෙවන සහ තෙවන ත්රෛමාසිකයන් හීදි කාන්තාවන් තුළ තුනටිය, කකුල් වේදනාව ඇතිවනවා
  6. වැරදි ඉරියව්ගර්භණී වීමත් සමග අපගේ සිරුර විවිධ වූ පහසු ඉරියව් වලට හැඩගැසෙන අතර ඇතැම් ඉරියව් නිවැරදි නොවීමෙන් ක්රමයෙන් තුනටිය සහ පසුපස වේදනා ඇතිවනවා
  7. Transient osteoporosis of the hip (TOH) තත්ත්වයතුනටිය පෙදෙස ආශ්රිතව ඇතිවන ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයක්. බොහෝ විට ගර්භණී සමයේ තුන්වන කාලසීමාවේදී හෝ ප්රසූතියෙන් පසුව බොහෝ කාන්තාවන් මෙම තත්ත්වයට ගොදුරු වනවා. එයට නිශ්චිතව බලපාන හේතුවක් නොමැති වුවත් එය ගර්භණී සමයේ සිරුරේ බර දරා සිටීමෙන් ඇතිවන තත්ත්වයක් ලෙසයි සලකනු ලබන්නේ. MRI පරීක්ෂණයක් මගින් මෙම රෝග විනිශ්චය කළ හැකි අතර ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් මෙය සුවකරගත හැකියි

 

ගැබිණි සමයේ ඇතිවන තුනටිය වේදනාව සුවකල ගත හැකි ක්රම

 

1. ව්‍යායාම් සහ ඇදීම්

උදරය සහ පිටුපස මාංශ පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම් හි නිරත වීමෙන් තුනටිය ආශ්රිත වේදනාව පාලනය කරගත හැකි බවයි වෛද් උපදෙස වන්නේ. මෙම ව්‍යායාම් සරල වුවත් එහි යෝග්යතාව ගැන ඔබගේ ප්රසව හා නාරිවේද වෛද්යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි

 

2. උණුසුම් ජලය ස්නානය කිරීම හෝ උණුසුම් ජලයෙන් වේදනා දෙන ස්ථානය සම්බාහනය

උණුසුම් ජලයෙන් ස්නානය හෝ සම්බාහනය කිරීම වේදනාව සමනය වන අතර මාංශ පේශීන් ආශ්රිත තද ස්වභාවය සහ කැක්කුම අඩු කිරීමටද හේතුවනවා. සම්භාහනය කිරීමේදි මද උණුසුම් ජලයේ පොඟවාගත් රෙදි කඩක් ආශ්රයෙන් සම්භාහනය කළ හැකි අතර එයට එප්සම් ලුණු (magnesium sulfate (Epsom salt)) එක්කිරීමෙන් වඩාත් සාර්ථක ප්රතිඵල ලබාගත හැකියි. එප්සම් ලුණු මගින් මාංශ පේශි ලිහිල් වීම වඩාත් හොඳින් සිදුවනවා

 

3. කොට්ටයක් ආධාර කර ගැනීම

ගර්භණී සමයේ දි බොහෝ විට නිදාගැනීමේ අපහසුතා බොහෝ කාන්තාවන් හට ඇතිවනවා. විශේෂයෙන් පසෙකට හැරී නිදා ගැනීමේදි බොහෝ කාන්තාවන් තුනටිය ආශ්රිත වේදනාවෙන් පීඩා විඳිනවා. මෙයට යම් සහනයක් ලබාගැනීමට කොට්ටයක් පිටුපසට ආධාර කර ගැනීමෙන් හැකියාව ලැබෙනවා. සඳහා විශේෂයෙන් සකසන ලද කොට්ටයක් ඔබට වෙළඳපොළෙන් මිලදී ගැනීමට හැකියි

 

4. නිදා ගන්නා ඉරියව්ව වෙනස් කිරීම

ගර්භණී සමයේ අවසාන කාල සීමාව තුළ ඇතිවන තුනටිය ආශ්රිත වේදනාව සමනය කර ගැනීමට නිදා ගැනීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් හැකියාව ලැබෙනවා. මෙහිදී මුළු වේලාවම එක් ඉරියව්වකින් නිදාගැනීමේදී වේදනව දැනීම වැඩි බැවින් දෙපසට හැරී නිදා ගැනීමට උත්සාහ කළ යුතුයි

 

5. සම්බා​හනය

ඔබගේ සහකරුගේ හෝ උදවුකරුවකුගේ සහයෙන් ඔබට වේදනාව ගෙන දෙන ප්රදේශය සෙමෙන් මුදුව රවුමටසම්බා​හනය කරන්න. එවිට වේදනාව සමනය වනු ඔබට දැනේවි

 

6. වේදනා නාශක

ඔබට තද බල ලෙස වේදනාව දැනෙන්නේ නම් වෛද්යවරයා මුණ ගැසී ඔබට සුදුසු වේදනානාශක ආලේපයක් හෝ ඖෂධයක් ලබාගැනීමටද හැකියාව තිබෙනවා

 

ඔබ වෛද් උපදෙස් පැතිය යුත්තේ කවර අවස්ථාවන්හී​ද?

තුනටිය ආශ්රිත වේදනාව ඇතිවූ පසු ඔබ වෛද් උපදෙස් ලබාගත යුතුයි. එවිට වෛදයවරයා ඔබට සුදුසු ව්‍යායාම් වර්ග, අවශ් නම් ඖෂධ ලබාදීම හෝ වැඩිදුර රෝග නිශ්චය කිරීමට අවශ් පර්යේෂණ වෙත ඔබ යොමු කරනවා. විශේෂයෙන් සති 37 පෙර ඇතිවන තදබල තුනටිය වේදනා නොමේරු දරු උපතක් සිදුවීමේ පූර්ව ලක්ෂණයක්ද වියහැකි බැවින් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි

 

 

ඔබත් ගර්භණී සමය ගත කරන කාන්තාවක් නම් ඔබත් මෙම තුනටිය ආශ්රිත වේදනාව අත්විඳිනවා ඇති. ගර්භණී කාන්තාවන් බොහෝ දෙනාහට මෙම තත්ත්වය බලපානු ලබන අතර නිසි වෛද් උපදෙස් අනුව ව්‍යායාම් හෝ වෙනත් ක්රම අනුගමනය කිරීමෙන් ගර්භණී සමයේදි ඇතිවන මෙම පීඩාකාරි තත්ත්වය සමනය කර ගැනීමට හැකියාව ලැබෙනවා