රුබෙල්ලා කියන්නෙ මොකක්ද?

රුබෙල්ලා (‘ජර්මානු සරම්ප’ ලෙසද හැඳින්වෙනවා) කියන්නේ වෛරස් ආසාදනයක්. ඒක ඇත්තටම සරම්ප නොවන අතර රුබෙල්ලා වෛරසය නිසා ඇති වෙන දෙයක්.

 

මෙම එන්නතට ස්තූතිවන්ත වෙන්න රුබෙල්ලා දැන් ලෝකයේ දුර්ලභයි. නමුත් පැතිරීම තවමත් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඔබේ දරුවාට ද එන්නත ලබා දීම වැදගත්.

 

රුබෙල්ලා රෝග ලක්ෂණ මොනවාද?

රුබෙල්ලා වෛරසය ආසාදනය වීමෙන් පස්සේ රෝග ලක්ෂණ වර්ධනය වීමට සති 2 ත් 3 ත් අතර කාලයක් දක්වා ගත වෙනවා. එයින් ඇති වෙන කුෂ්ඨය මුලින්ම පෙනෙන්නට සතියකට පෙර සිට අවම වශයෙන් දින 4 කට පෙර කෙනෙක්ට බෝ වෙලා තියෙන්න පුළුවන්.

 

රුබෙල්ලා වල ප්‍රධාන රෝග ලක්ෂණ සමහරක් :

 

  • මෘදු උණක්
  • conjunctivitis (ඇසේ දැවිල්ල නිසා ඇතිවන තත්ත්වයක්)
  • රතු පාට කැසීම්, කැසීම ඇති විය හැකි ලප ඇති වන අතර එය සාමාන්‍යයෙන් දින 3 ක් දක්වා පතිනවා. කුෂ්ඨය සාමාන්‍යයෙන් කණේ පිටුපසින් ආරම්භ වන අතර හිස සහ බෙල්ල පුරා එය පැතිරීමට පෙර එය පස්සේ උදරය සහ පපුව, කකුල් සහ අත් දක්වා පැතිර යන්න පුළුවන්.
  • ඉදිමුණු වසා ගැටිති (ග්‍රන්ථි) විශේෂයෙන් බෙල්ලේ පිටුපස ඇති වීම.
  • සීතල නිසා ඇති වෙන රෝග ලක්ෂණ අතර සොටු ගලන නාසය, ජලය සහිත ඇස්, උගුරේ අමාරුව සහ කැස්ස වගේ තත්ත්ව ඇති වීම.

 

රුබෙල්ලා සහ ගැබ් ගැනීම ගැන දැන ගන්න ඕනේ මොනවාද ?

මුල් ගර්භණී අවධියේදී රුබෙල්ලා ආසාදනය සිදු වුණොත් උපත් ආබාධ ඇති වෙන්න පුළුවන්. එය වැඩි අවදානමක් වෙනවා.

ඔබ ගැබ් ගැනීමට අදහස් කරනවා නම් ඔබේ රුබෙල්ලා ප්‍රතිශක්තිය පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඔබට නියමිත ප්‍රතිශක්තියක් නොමැති නම් ගැබ් ගැනීමට පෙර රුබෙල්ලා රෝගයට එන්නත් කර ගන්න පුළුවන්. ඔබේ සෑම ගැබ් ගැනීමකට පෙරම ඔබේ ප්‍රතිශක්තිය නැවත පරීක්ෂා කරන්න ඕනේ.

ඔබ දැනටමත් ගැබ්ගෙන ඇති නමුත් මීට පෙර රුබෙල්ලා රෝගයට ප්‍රතිශක්තිකරණය ලබා ගෙන නැත්නම් දරුවා ඉපදුණාට පස්සේ ඔබ එන්නත ලබා ගන්න ඕනේ. මොකද ඔබ ගර්භණීව ඉද්දී ඔබට එන්නත ලබා ගන්න බැහැ. 

 

ඔබ රුබෙල්ලා ඇති අයෙකු සමඟ මුහුණට මුහුණ සම්බන්ධ වෙලා ඇත්නම්, ඔබ රුබෙල්ලා ඇති අයෙකු සමඟ එකම කාමරයේ විනාඩි 15 කට වඩා ගත කළොත් හෝ  ඔබට රුබෙල්ලා රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා නම්, වහාම ඔබේ වෛද්‍යවරයා අමතන්න.

 

රුබෙල්ලා වෛරසය නූපන් දරුවාට යන්න පුළුවන්. ඒක උපත් ආබාධ මාලාවක් ඇති කරන්න පුළුවන් අතර එය සංජානනීය රුබෙල්ලා සින්ඩ්‍රෝමය (congenital rubella syndrome – CRS) ලෙස හැඳින්වෙනවා. CRS තත්ත්වයේදී දරුවාට ශ්‍රවණ හා දෘශ්‍යාබාධ, සංවර්ධන ප්‍රමාදය සහ වෙනත් ගැටළු ද ඇති වෙන්න පුළුවන්.

 

ගර්භණී සමයේ පළමු සති 10 තුළදී රුබෙල්ලා රෝගයට ගොදුරු වූ මවුවරුන්ගේ ළදරුවන් 10 දෙනෙක් ගත්තොත් ඒකෙන් 9 දෙනෙක් දක්වාම CRS වැළඳෙන අතර ඒ වගෙ දරුවන්ගේ උපත් ආබාධ ද බහුලයි. සති 20 කට පස්සේ CRS අවදානම අවමයි.

 

පරීක්ෂණ වලදී ඔබට රුබෙල්ලා ඇති බව පෙන්නුම් කෙරෙනවා නම් ඔබව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරයි.

 

රුබෙල්ලා ගැන වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කවදාද?

ඔබට හෝ ඔබේ දරුවාට රුබෙල්ලා ඇති බවට ඔබ සැක කරනවා නම් ඔබ සැමවිටම ඔබේ වෛද්‍යවරයා හමු වෙන්න ඕනේ. එහෙම සැකයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවීමට ප්‍රථම ඔවුන්ව දැනුවත් කරන්න වග බලාගන්න. මන්ද ඔබට රුබෙල්ලා වැළඳී ඇත්නම් ඔබ අතින් තවත් අයෙක් ආසාධනය වීමේ අවධානමක් ඇති නිසා නොදන්වා වෛද්‍යවරයා හමුවීමට යාම සුදුසු නැහැ. 

 

රුබෙල්ලා ඇතිවීමට හේතුව කුමක්ද?

රුබෙල්ලා හටගන්නේ රුබෙල්ලා වෛරසය නිසා වන අතර එය පුද්ගලික සම්බන්ධතා මගින් හෝ කැස්ස සහ කිවිසුම් යාමෙන් ද පැතිරෙනවා. ඔබ රුබෙල්ලා ඖෂධ ලබා ගත්තාට පස්සේ ආසාදන සඳහා ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තියක් ඒකෙන් වර්ධනය කෙරෙනවා.

 

රුබෙල්ලා රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

ඔබේ රෝග ලක්ෂණ මත පදනම් වෙලා ඔබට රුබෙල්ලා ඇති බවට ඔබේ වෛද්‍යවරයා සැක කරන්න පුළුවන් නමුත් වෙනත් වෛරස් ආසාදන සමඟ ද බොහෝ විට ඒ හා සමාන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් නිසා රෝග විනිශ්චය තහවුරු කිරීමට ඇති එකම ක්‍රමය රුධිර පරීක්ෂාවක් කිරීමයි.

 

රුබෙල්ලාට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

රුබෙල්ලා කියන්නේ සාමාන්‍යයෙන් මෘදු වෛරස තත්ත්වයක් වුණත් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නෑ.

 

මේ විදිහට රෝග ලක්ෂණ සමනය කර ගන්න පුළුවන්:

 

  • හැකි තරම් විවේක ගන්න.
  • දියර වර්ග බොන්න.
  • වේදනාව හෝ උණ සඳහා පැරසිටමෝල් ගන්න.
  • රෝග ලක්ෂණ බොහෝ විට දින 7 සිට 10 දක්වා අතර කාලයේදී අතුරුදහන් වෙයි. නමුත් රුබෙල්ලා වෛරසය වෙනත් කෙනෙකුට ආසාදනය වීම වළක්වා ගැනීම ඉතා වැදගත් වෙනවා.
  • කුෂ්ඨය මුලින්ම දිස් වූනු දිනයේ ඉඳන් හෝ සම්පූර්ණ සුවය ලැබූ දිනයේ ඉඳන් වැඩිහිටියන් අවම වශයෙන් දින 4 ක් රැකියාවට හෝ බැහැරට නොයා ඉන්න.
  • කුෂ්ඨය මුලින්ම පෙනෙන්න පටන් ගත්තාට පස්සේ හෝ සම්පූර්ණ සුවය ලැබීමෙන් පස්සේ අවම වශයෙන් දින 4 ක් වත් දරුවන් ළමයින් පාසල් නොයවා ඉන්න.
  • රුබෙල්ලා ඇති ඕනෑම අයෙක්ට පළමු වරට කැසීම් ඇති වුනාට පස්සේ අවම වශයෙන් සතියක්වත් ගර්භණී කාන්තාවන් සමඟ සම්බන්ධ වීමෙන් වැළකීලා ඉන්න ඕනේ.

 

රුබෙල්ලා වැළැක්විය හැකිද? 

මේ සඳහා ලබා දෙන එන්නත කියන්නේ රුබෙල්ලාට එරෙහිව ඔබට ලැබෙන හොඳම ආරක්ෂාවයි. මෙම එන්නත සරම්ප සහ කම්මුල්ගාය  එන්නත් සමඟ ඒකාබද්ධව දෙනු ලබනවා. මෙය ‘MMR’ එන්නත ලෙස හැඳින්වෙන අතර එය ආරක්ෂිත හා ඵලදායී වෙනවා.

 

සමහර රෝග විවිධ එන්නත් මගින් වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ තත්ත්වය ගැන වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

 

ඔබේ දරුවාට රුබෙල්ලා වැළඳිලා තිබෙනවා නම් ඔවුන් ඩේ කෙයාර් මධ්‍යස්ථානයට හෝ පාසලට නොයවා නිවසේම තබා ගන්න ඕනේ. ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබට ඒවා ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න පුළුවන්.