නිවසේ තිබෙන මේ අහිතකර දේවල් දරුවන්ගෙන් ඈත්කර තබන්න

දරුවන්ට කොයිතරම් සෙල්ලම් බඩු තිබුණත් වැඩක් නැහැනේ. ගෙදර අස්සේ මුල්ලේ රිංගලා අනතුරු දායක දේවල්මයි සොයා ගන්නේ. මේ කරුණත් නොකියාම බැහැ. දරුවන් අතට අහුවෙන හැම දෙයක්ම වගේ කටට දාගන්න නිසා වැඩිහිටියන් ගෙදර ඇති බඩු මුට්ටු ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ගෙදර තියෙන සමහර රසායනික ද්‍රව්‍ය දරුවාට ඉතාමත් විෂ වෙන්න පුළුවන්. විශේෂයෙන් දරුවන් ආකර්ෂණය කර ගන්නා ද්‍රව්‍යයන්ගෙන් ඈත් කර තබන්න. අද baby and me අපි ඔයාට නිවසේ තිබෙන මේ අහිතකර දේවල් ගැනයි කියන්න හිතුවේ.

 

ළමයින් සහ සුරතල් සතුන් නිවස තුළ ඉන්නවා නම් ඔයාගේ නිවසේ  විෂ ද්‍රව්‍ය තිබීම ආරක්ෂා සහගතයි යැයි සිතනවාද? එබැවින් ඔබ අවට ඇති දේ දෙස හොඳින් නිරීක්ෂණය කරන්න වෙනවා.

 

ඔයාගේ නිවස සහ ගරාජය භයානක යැයි ඔයා නොසිතනවාද? එය විෂ සහිත නිෂ්පාදන වලින් පිරී තියෙන්න පුළුවන්. නමුත් අමතර ඇති තීන්ත කෑන්, මුළුතැන්ගෙය පිරිසිදු කරන විෂබීජ නාශක සහ රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ බ්ලීච් යන සියල්ලම රසායනික ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර එය දරුවෙකුට විෂ වෙන්න පුළුවන්. මේ දේවල් ගැන ඔයා එක දවසක් හරි හිතුවාද?

 

නිවාස තුළ සැගවී ඇති භයානක රසායනික ද්‍රව්‍ය

ඔයාට දිනපතා බොහෝ ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකි නමුත් ඒවා දරුවන් ගිල දැමුවහොත් හෝ සම හෝ ඇස් ස්පර්ශ කළහොත් දරුවන්ට කොතරම් හානියක් කරයිද? ඒ නිසා පහත නිෂ්පාදන සඳහා අවධානය යොමු කරන්න

  • ගෘහ තීන්ත
  • බැටරි
  • මෝටර් රථ ඔයිල් 
  • නිවාස පිරිසිදු කරන විෂබීජ නාශක
  • රෙදි සහ පිඟන් සෝදන ඩිටර්ජන්ට්
  • කෘමිනාශක සහ වෙනත් පළිබෝධනාශක
  • මැක්කන් පාලන නිෂ්පාදන
  • වීදුරු පිරිසිදුකාරක
  • නිය ආලේපන සහ රිමූවර්ස් 
  • සුවඳ විලවුන් හෝ හිසකෙස් සඳහා ඇති නිෂ්පාදන        
  • පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය
  • Air-freshener හෝ වෙනත් නැවුම් කාරක
  • කාපට් ෂැම්පූ
  • ගෘහ භාණ්ඩ පිරිසිදු කාරක 

 

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වලින් ළමයින් ආරක්ෂාකාරීව තබා ගැනීම

මෙම භයානක ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය ළඟට ළමයින්ට ළඟා වෙන්න බැරි තැනක තබන්න. උදාහරණයක් ලෙස ළමයින්ට ළඟා විය නොහැකි තරම් ඉහළ රාක්කයක ගබඩා කරන්න හෝ කැබිනට්ටුවක අගුළු දමා තබන්න. මෙම රසායනික ද්‍රව්‍ය බොහොමයක් වර්ණවත් පාට පෙට්ටි සහ බෝතල් වලින් වෙළඳපොලට පැමිණෙන අතර කුඩා දරුවන් තුළ කුතුහලයක් ඇති කරයි. 

 

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වලින් ළමයින් ආරක්ෂා කර ගැනීමට මෙම උපදෙස් අනුගමනය කරන්න:

 

සියලුම විෂ සහිත ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය කැබිනට්ටුවක් තුලට දමා සෑම විටම එය අගුළු දමා තබන්න. අගුල ඉවත් කරන්නේ කෙසේදැයි දරුවන්ට පෙන්වන්න එපා.

 

නිය ආලේපන සහ රිමූවර්ස්, සුවඳ විලවුන්, කොලෝන් සහ හිසකෙස් නිෂ්පාදන වැනි ඔයාගේ පුද්ගලික අයිතමවලට දරුවන්ට ළඟා විය නොහැකි තැනක තබන්න. මේවා සෞඛ්‍ය හා රූපලාවණ්‍ය නිෂ්පාදන ලෙස සලකනු ලැබුවද ඒවා තවමත් රසායනික ද්‍රව්‍ය වලින් සාදන්නේ.

 

ළමයින් අවට සිටින විට කිසි විටෙකත් විෂ සහිත ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න එපා.

 

ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය වලින් ළමයින් ඈත් කර තැබීමට උපරිම උත්සාහයක් ගත්තද, සමහර විට අනතුරු සිදු වෙනවා. මෙම රසායනික ද්‍රව්‍ය ඉසීමට, ස්පර්ශ කිරීමට, ආශ්වාස කිරීමට හෝ ගිල දැමීමට පවා ඉඩ තියෙනවා. ඒ වෙලාවට මොනාද කරන්න ඕනේ.

 

  • පළමුව, දරුවා සම්බන්ධ කර ගත් නිෂ්පාදනයේ ලේබලය කියවන්න. ලේබලයේ ඇති උපදෙස් අනුගමනය කරන්න.
  • නිෂ්පාදිතය ඊට උපදෙස් ලබා නොදෙන්නේ නම් විෂ පාලන මධ්‍යස්ථානය අමතන්න. 
  • හදිසි අවස්ථාවකදී 1990 අමතා ගිලන් ​රථයක් ගෙන්වාගෙන රෝහලකට යන්න. (දරුවා සිහිසුන්ව සිටී නම් පළමුව මෙය කරන්න.)
  • සම හෝ ඇස් මත විෂ රසායනික ද්‍රව්‍ය ස්පර්ශ වී ඇත්නම් ස්නානය කරවන්න. 
  • විෂ සහිත දුම ආශ්වාස කළා නම්, නැවුම් වාතය ආශ්වාස කිරීම සඳහා වහාම දරුවා පිටතට ගෙන යන්න.