හැමදාම අග්ගලා හදල කන සමපෝෂ වලින් කුකීස් හදන්නෙ මෙහෙමයි

සමපෝෂ වලින් අපි හදන්නෙ අග්ගලා බෝල විතරනෙ. හැබැයි සමපෝෂ වලින් වෙන වෙන රස කෑමත් ගොඩක් හදන්න පුළුවන්. මීට කලින් අපි පිට්ටු හදන හැටි අරන් ආව මතක ඇති ඔයාලට. ඉතින් අද ගෙනාවෙ සමපෝෂ වලින් කුකීස් හදන හැටි. 

 

සමපෝෂ කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 1
  2. සීනි ග්‍රෑම් 100
  3. බිත්තර 1
  4. බටර් ග්‍රෑම් 100
  5. ලුණු පින්ච් එකක්
  6. වැනිලා තේ හැඳි 1

 

 

  • බටර් හා සීනි බීට් කරගන්න. බිත්තරය, වැනිලා හා ලුණු එකතු කරගන්න.
  • දැන් ටික ටික සමපෝෂ ටික එකතු කරලා ඩෝ එක හදාගන්න. 
  • එයින් පොඩි බෝල හදලා ටිකක් තුනී කරලා බේකින් ට්‍රේ එකකට බටර් ගාලා මේ ටික ඈතින් ඈත තියන්න.
  • සෙල්සියස් 180° උෂ්ණත්ව​යට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 12ක් බේක් කරගන්න.