සමපෝෂ වලින් අග්ගල බෝල විතරක් නෙවෙයි රසට පිට්ටු හදන්නත් පුළුවන්

සමපෝෂ කියන්නෙ පොඩ්ඩො ඉන්න ගෙදරක ඕන වෙලාවක තියෙන දෙයක්නෙ. තේ වෙලාවට අම්මි කන්න මොනාද තියෙන්නෙ අහපුවම හදිස්සියට අම්මල සමපෝෂ බෝලයක් හදල දෙනවනෙ. ඉතින් ඔන්න එහෙම හදන සමපෝෂ වලින් උදේට කන්න රසට පිට්ටුවක් හදන හැටියි මේ කියන්න හදන්නෙ. 

 

සමපෝෂ පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩි සමපෝෂ පැකට් 1
  2. ගාගත් පොල් කෝප්ප 1
  3. හාල්පිටි කෝප්ප 1
  4. ලුණු
  5. වතුර

 

 

  • හාල්පිටි, සමපෝෂ, ලුණු, ගාගත් පොල් ටික එකට දමා හොඳින් කලවම් කර වතුර ටික ටික ඉසිමින් කැට කරගන්න. (සාමාන්‍ය පිට්ටු හදන විදියටම) පිට්ටු බම්බුවට මේ මිශ්‍රණය දාලා පොල් පිට්ටු වගේම තම්බාගන්න.