හරිම විදියට රසම රස සමෝසා ගෙදරදීම හදමු

ඉන්න අද ගෙනාවෙ ඉන්දියාවෙ ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එකේ ජනප්‍රියම කෑමක්. සමෝසා… ලංකාවෙත් ඕන තරම් කඩවල දැන් සමෝසා තියෙනවා. හැබැයි ඉතින් කඩේ තියෙන කෑම පොඩ්ඩට දෙන්න ගොඩක් අම්මල කැමති නෑනෙ. ඔන්න එහෙම අම්මලාට ගෙදරදීම රසට ගුණට පොඩ්ඩන්ට කන්න සමෝසා හදන්න දැන් පුළුවන්. 

 

සමෝසා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ෆිලි¢න් එකට

 

 

  1. ගී ඔයිල් මේස හැඳි 2
  2. චොප්කරගත් සුදුළූණු ටිකක්
  3. චොප්කරගත් ඉඟුරු ටිකක්
  4. සූදුරු තේ හැඳි 1/4
  5. අමුමිරිස් කරල් 2
  6. තම්බාගත් ග්‍රීන් පීස් මේස හැඳි දෙකක්
  7. කපාගත් කජු ටිකක්
  8. වියලි මිදි මේස හැන්දක්
  9. චොප් කරගත් ළූණු ගෙඩි 1
  10. තම්බාගත් අල ගෙඩි 2
  11. කෑලිමිරිස් තේ හැඳි 1
  12. ලුණු පින්ච් එකක්
  13. ගරම් මසාලා පව්ඩර් තේ හැඳි 1
  14. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
  15. මිරිස්කුඩු තේ හැඳි 1
  16. ලෙමන් යුෂ මේස හැඳි 1

 

 

ඩෝ එකට

 

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. ලුණු තේ හැඳි 1
  3. ගී මේස හැඳි 2
  4. සූදුරු ඇට තේ හැඳි 1/4
  5. වතුර

 

 

  • ගී පෑන් එකට දාලා රත්වෙනකොට අල, ලෙමන් යුෂ හැර ෆිලින් එකට අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය ​ඔක්කොම දාගෙන තෙම්පරාදු  කරගන්න.
  • අන්තිමට අල දාලා රස අනුව ලුණු එකතු කරගෙන ලෙමන් යුෂ උඩින් ඉසගෙන කලවම් කරන්න.
  • ඩෝ එක හදාගන්න පාන්පිටි වලට සූදුරු, ලුණු හා ගී දමා කලවම් කරන්න.
  • වතුර ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන ටිකක් තද ඩෝ එකක් හදාගන්න. පිටි අත්ලෙන් හොඳට තද කරමින් මේ ඩෝ එක හදාගන්න ඕනේ.
  • දැන් මේක විනාඩි 30ක් වහලා තියන්න.
  • ඩෝ එකෙන් පොඩි පොඩි බෝල හදාගෙන තුනී කරගන්න. මේකට රෝලින් පින් එකක් පාවිච්චි කරන්න. 
  • හොඳට තුනී කරගත්තට පස්සෙ හදාගත්තු මිශ්‍රණය මැද්දට තියලා ත්‍රිකෝණාකාරව නමාගන්න.
  • එහෙම නැත්තන් රවුමට තුනී කරගත් ඩෝ එක දෙකට කපලා ගොට්ටක් වගේ හදලා ඒකට ෆිලින් එක දාගෙන කට පැත්ත තද කරල වහගන්න. 
  • පිරුණු ස්වභාවයක ගන්න ඕනේ සමෝසා එක. දැන් මේ ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.