Search here...
TOP
පෝෂණ​ය

පොඩ්ඩො ආසම සොසේජස් වලින් රසම රස ඩෙවල් එකක්

සොසේජස් ගෙදරම හදන හැටි අපි මීට කලින් ගෙනාවනෙ. ඔන්න ඉතින් පොඩ්ඩො ආසම ආස සොසේජස් වලින් රසම රස ඩෙවල් එකක් දාගන්න හැටි තමා මේ අරන් ආවෙ. මේකෙ සැර එහෙම කැමති විදියට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්.

සොසේජ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය
  1. අයිස් යන්න තියාගත් සොසේජස් 12 පැකට් එකක්
  2. ලොකුවට කපාගත් ලීක්ස් ගහක සුදු රවුම් කොටස
  3. ලොකුවට කපාගත් තක්කාලි ගෙඩියක්, ළූණු ගෙඩියක්, මාළු මිරිස් කරලක්
  4. තක්කලි සෝස් මේස හැඳි 4
  5. සෝයා සෝස් මේස හැන්දයි
  6. චිලි පේස්ට් මේස හැඳි 1
  7. තලාගත්ත සුදු ළූණු බික් 4ක්

 

  • සොසේජස් එකක් හතරකට වගේ කපාගන්න. තෙල් මේස හැන්දක් නන්ස්ටික් තැටියක රත් වෙන්න තියල ඒකට සොසේජස් දාල බැදගෙන පැත්තකින් තියාගන්න.
  • ඒ නන්ස්ටික් පෑන් එකටම තව තෙල් තේ හැන්දක් දාගෙන සුදුළූණු ටික එකතු කරන් ළූණු, මාළු මිරිස් එක්ක චිලිපේස්ට් සහ සෝස් වර්ග දෙක මිශ්‍ර කරගන්න.
  • හොඳින් කලවම් උනාට පස්සෙ සොසේජස්, තක්කලි සහ ලීක්ස් එකතු කරන් කලවම් කරගෙන, විනාඩියක් ලිපේ තියල ඉවත් කරගන්න.

«

»