පොඩිත්තොන්ට මාළු කන්න දෙන්න කලින් මේ ටික දැනගෙන ඉන්න

ඔයාගේ දරුවාට මුහුදු ආහාර හඳුන්වා දීම ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ කුඩා දරුවට මාළු ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? අපි නොදන්නා දැනගත යුතු අතුරු ආබාධ තියෙනවා​ද? මාළු වර්ග කවන්න සුදුසුම කාලය කවදා ද? මෙම ප්‍රශ්න ඔයාගේ සිතට නිතරම නැගෙන්න ඇති. එසේ නම් ඔයා මෙම ලිපිය කියවන්න. මෙන්න අද baby and me අපි ළදරුවන්ට කවන මුහුදු ආහාර ගැන කතා කරන්නයි හදන්නෙ.

 

ඔයාගේ දරුවාට එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග සහ ප්‍රෝටීන් බහුල සමබර ආහාර වේලකින් පෝෂණය කළ යුතු නමුත් ඔයා නොසලකා හරින එක් දෙයක් වන්නේ මුහුදු ආහාරයි. බොහෝ දෙමව්පියන් තම දරුවන්ට ප්‍රමාණවත් තරම් මුහුදු ආහාර දීමට බිය වෙනවා.

 

දරුවා ඝන ආහාර ගැනීම ආරම්භ කර මාසයකට හෝ දෙකකට පසු දරුවාගේ ආහාර වේලට මාළු සහ වෙනත් මුහුදු ආහාර හඳුන්වා දෙන්න පුළුවන්. මුහුදු ආහාර ඇතුළත් කළ යුත්තේ ඇයිදැයි අපි ඉගෙන ගැනීමට පෙර, එමගින් ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් දෙස අවදානය යොමු කරමු:

අධික පෝෂ්‍යදායී:

මාළු සහ මුහුදු ආහාර අධික පෝෂ්‍යදායී. වැඩිහිටියන් මෙන්ම ළමයින් සතියකට දෙවරක් මාළු අනුභව කරන්න ඕනේ. මාළු වල සංතෘප්ත මේදය අඩු, විටමින් D, ප්‍රෝටීන් සහ විටමින් අඩංගු වෙන නිසා ගුණ දායකයි.

ඔමේගා 3 මේද අම්ල:

මුහුදු ආහාරවල ඇති ඔමේගා -3 මේද අම්ල ඉහළ මට්ටමක තිබෙන නිසා ළදරුවාගේ මොළයේ වර්ධනය කරන අතර දරුවාගේ ප්‍රතිශක්තිය සහ දැක්ම වැඩි කරනවා. අත්‍යවශ්‍ය ඔමේගා -3 මේද අම්ලය සැමන් වල බහුලව පවතිනවා.

මාළු ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කර ගත හැකි අතර ළදරුවන්ට දද ඇතිවීමේ අවදානම අඩු කරනවා.

 

දරුවා කොපමණ මුහුදු ආහාර අනුභව කළ යුතුද?

කුඩා දරුවට ඝන ආහාර ගැනීමට පටන් ගන්නේ නම්, ඔහුට සතියකට මාළු අවුන්ස 2 ක්  පමණ දෙන්න. දරුවට තවදුරටත් මව්කිරි දෙන්නේ නැති නම්, දරුවට සතියකට මුහුදු ආහාර අවුන්ස 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් පෝෂණය කරන්න ඕනේ.

 

ළදරුවන්ට මුහුදු ආහාර වලින් අවදානමක් තිබේද?

බොහෝ පුදුමාකාර ප්‍රතිලාභ තිබියදීත් දරුවා සඳහා ආරක්ෂිතම මුහුදු ආහාර තෝරා ගන්න ඕනේ. සමහර මුහුදු ආහාරවල රසදිය හා පීසීබී වැනි පාරිසරික අපවිත්‍ර ද්‍රව්‍ය අඩංගු විය හැකි අතර එමගින් වර්ධනය වන ස්නායු පද්ධතියට හානි කළ හැක.

 

ආරක්ෂිත ළදරු මුහුදු ආහාර:

  • පොකිරිස්සන්
  • කුනිස්සන්
  • සැමන්

ඉහත ලැයිස්තුගත කර ඇති මසුන් දිරවීමට පහසු වන අතර ආසාත්මිකතා ඇති කරන්නේ නැහැ.

 

මුහුදු ආහාර දරුවාට හොඳයි, නමුත් දරුවා වැළකී සිටිය යුතු මුහුදු ආහාර වර්ග කිහිපයක් තිබේ:

  • මෝරා
  • තලපතා
  • මැකරල් 
  • බෙල්ලන්

 

මුහුදු ආහාර ආසාත්මිකතාවයන් ඇති කරනවා. ඒනිසා ඔයාගේ කුඩා දරුවා අසාත්මිකතා තත්ත්වයකට ගොදුරු වුවහොත් එය හඳුනා ගන්නේ කෙසේදැයි ඔයා දැන ගන්න ඕනේ. ආහාර අසාත්මිකතාවන් සාමාන්‍යයෙන් ආහාර පරිභෝජනය කර පැය කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එවිට ඉක්මණින්ම වෛද්‍යවරයා වෙත ගෙන යන්න:

  • මුහුණ ඉදිමීම
  • ඔක්කාරය
  • වමනය
  • කැසීම
  • නුරුස්නා බව
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • නිල් පැහැයට හැරීම
  • හුස්ම හිරවීම

 

මේ ලක්ශන පෙන්නුම් කරනවා නම් මුහුදු ආහාර ලබාදීම ගැන ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.