සීෆුඩ් වලට ආස පොඩ්ඩොන්ට රසට හදල දෙන්න සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්

සමහර පොඩ්ඩො මස් වලට වඩා කැමති සීෆුඩ් වලට. ඉතින් ඔන්න සීෆුඩ් වලට ආස පොඩ්ඩොන්ට කන්න රසම රස සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන හැටියි අපි අරගෙන ආවෙ.

 

සීෆුඩ් ෆ්‍රයිඩ්‍ රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාස්මතී හාල් කිලෝ 1
  2. ‍රවුමට කපාගත් දැල්ලො ග්‍රෑම් 250
  3. පිරිසිදු කරගත් ඉස්සො ග්‍රෑම් 250
  4. කුඩා කොටු කපාගත් තලපත් මාළු ග්‍රෑම් 200
  5. ග්‍රේට් කරගත් කැරට් කප් 1/2
  6. තම්බගත්ත ග්‍රීන් පීස් කප් 1/2
  7. ළූණු කොළ කෝප්ප 1/2
  8. සෝයා සෝස්
  9. ඔයිස්ටර් සෝස්
  10. බටර් ටිකක්
  11. ගම්මිරිස්කුඩු
  12. ලුණු
  13. කෑලි මිරිස් මේස හැඳි 1 (කැමති නම්)
  14. චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක
  15. දෙහි යුෂ
  16. බීට් කරගත් බිත්තර 4
  17. තලතෙල්
  18. සීනි තේ හැන්දක්

 

 

  • ලුණු, බටර් එක්ක පොඩි සේර කෑල්ලක් දාල බාස්මතී බත බෙරි නොවෙන්න උයාගන්න. බත කලින් උයල ෆ්‍රිජ් එකේ දාල තියල ගන්නව නම් වඩා හොඳයි.
  • ඉස්සො, මාළු හා දැල්ලො දෙහි යුෂ සහ ලුණු ටිකක් අතගාලා තියාගන්න.
  • භාජනයකට තෙල් ටිකක් දාලා ඒකටම තල තෙල් තේ හැන්දක් විතර දාල ඒකට මුලින්ම මාළුත්, මාළු ටික යන්තම් බැදෙන කොට ඉස්සො සහ දැල්ලොත් එකතු කරන් හොඳින් බැදගන්න.
  • ඒකට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඉස්සොන්ගෙන් උනපු වතුර ගතිය අඩු උනාම බීට් කරපු බිත්තර දාල ස්ක්‍රැම්බල් කරගන්න. 
  • මේකට ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක කැරට් සහ ග්‍රීන්පීස් ටික දාගන්න. සීනි ටිකත් දාල හොඳට මික්ස් කරන්න. කැමති නම් කෑලි මිරිස් එකතු කරන්න. 
  • තව තල තෙල් තේ හැන්දක් මේකට එකතු කරගෙන, උයාගත්ත බත් එකතු කරන් වැඩි ගින්දරේ හොඳට මික්ස් කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරන්න.
  • අන්තිමට ළූණු කොළ ටික දාල කලවම් කර ගන්න.