Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය

දරුවන්ට සුදුසු ඉන්ද්‍රිය සංවේදනය වැඩිදියුණු කිරීමට උපකාරී වන ව්‍යායාම

දරුවන්ගේ සංවේදනය වැඩි දියුණු කිරීමට උපකාරී වන ක්රීඩාවන් Sensory Play Activities ලෙස හඳුන්වනවා. දරුවාට තමා අවට පරිසරයෙන් ස්පර්ශය, පෙනීම, රසය, සුවඳ සහ ශ්රවණය (touch, sight, taste, smell, and hearing) භාවිතා කරමින් නිරත විය හැකි ක්රියාකාරකම් එයට ඇතුලත් වෙනවා. බිලිදු දරුවන්ට මාස 12 සම්පූර්ණ වීමෙන් පසුව ඉහත සංවේදනයන් පහට අමතරව ශරීරයේ සමබරතාව ( vestibular/ body balance) සහ චලනය (proprioception/body movement) යන අමතර සංවේදනයන් දෙක භාවිතා කරනවා

 

Sensory Play මගින් කුඩා දරුවන් හට ලැබෙන ප්රයෝජන

දරුවන්ගේ සංජානන කුසලතා වර්ධනයඋපකාරී වීම

 

දරුවන්ගේ සංවේදනයන් වැඩිදියුණු කිරීම සදහා ක්රියාකාරකම් වල යෙදවීම මගින් ළදරුවන් සහ කුඩා දරුවන් නව හා විවිධ අත්දැකීම් වලට නිරාවරණය වෙනවා. දරුවා එකවර ඉන්ද්රියන් කිහිපයක් භාවිතයට හුරු වෙනවා. 

 

මතක ශක්තිය වැඩි දියුණු කරනවා 

 

විවිධ ක්රියාකාරකම් මගින් දරුවන්ගේ කුසලතා වැඩි දියුණු වන අතර ඉගෙන ගැනීමට සහ මතක තබා ගැනීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස යම් ක්රියාකාරකමක් අතර තුර දරුවාට ඇසෙන හෝ දකිනු ලබන ශබ්දයක් හෝ රූපයක් මගින් එය හඳුනා ගැනීමට සහ එය නිවැරදිව පැවසීමට ඔවුන්ට හැකියි

 

දරුවාගේ චාලක කුසලතා (motor skills) වැඩිදියුණු වීම

 

දරුවන් ක්රියාකාරකම් හි නිරත වන විට ඔවුන් ස්පර්ෂය, චලනය, සිරුර සමබරතාවය පවත්වාගැනීම ආදි දේ හි සංවේදනය වෙනවා. එමෙන්ම ඔවුන් අවට පරිසරයේ ඇති වස්තූන් ග්‍රහණයට අත් පා භාවිතය ආදිය සිදුකරන අතර මේ සියල්ල දරුවාගේ චාලක කුසලතා උත්තේජනය කිරීමට හේතු වෙනවා. 

 

දරුවාගේ ගැටලු විසඳීම, ගවේෂණය සහ නිර්මාණශීලිත්ව කුසලතා වැඩිදියුණු වීම

 

පේන්ටින්, ට්රෙෂර් හන්ට් වැනි ක්රියාකාරකම් මගින් දරුවන්ගේ ගැටලු විසඳීම, ගවේෂණය සහ නිර්මාණශීලිත්ව කුසලතා වැඩි දියුණු වන අතර දරුවා වයසෙන් වැඩෙන විට විද්යාව, ගණිතය සහ ලලිත කලාව වැනි විෂයන් කෙරෙහි දරුවාගේ දක්ෂතා වැඩි වීමට හේතු වෙනවා. 

 

භාෂා දියුණුව වර්ධනය

 

දරුවන් කුඩා කල සිට භාෂා නිපුණත්වය ඇති කිරීමට උපකාරී වන සංවේදන ක්රියාකාරකම් රාශියක් තිබෙනවා. උදාහරණ ලෙස දරුවාට යම් යම් ශබ්දයන් ඇසීමට සලස්වා ඒවා හඳුනාගැනීමට ඉඩ ලබාදීම, එසේ නොමැති නම් සරල රූපසටහන් ආශ්රිත ක්රියාකාරකම් මගින් දරුවන්ගේ භාශා හැකියා වර්ධනය සහ වැල්ලේ හෝ ක්ලේ මගින් අක්ශර ලිවීමට ඉඩ ලබාදීම වැනි දේ සිදුකළ හැකියි. විශේෂයෙන් දරුවාගේ භාෂා හැකියාව දියුණු කිරීමේ පදනම ලෙසට ඔබට මෙවැනි ක්රියාකාරකම් භාවිතා කළ හැකියි

 

නොසන්සුන් දරුවන් සන්සුන් කරයි

 

ඇතැම් දරුවන් නොසන්සුන් සහ ඉක්මණින් කලහකාරි සහ කෝපයට පත්වනවා. නමුත් ඇතැම් සංවේදක ක්රියාකාරකම් මගින් එවැනි දරුවන්ගෙ අවධානය වෙනතකට යොමු කර ඔවුන් සන්සුන් කිරීමට උපකාරී වෙනවා. 

 

 

දරුවන්ගේ සංවේදන කුසලතා වැඩි දියුණු කළ හැකි ක්රියාකාරකම් සහ අදහස් කිහිපයක්

උපතේ සිට මාස 12 දක්වා බිළිඳුන්ට 

 

  • දරුවාගේ අවධානය යොමුවන පරිදි ආකර්ෂණීය සෙල්ලම් බඩු දරුවාගේ තොටිල්ලේ එල්ලා තබන්න. විවිධ වර්ණයන්ගෙන් සහ ශබ්ද නිකුත්වන කුඩා සෙල්ලම් බඩු ඇතුළත් රවුම් ඔබට තෝරාගත හැකියි
  • කුඩා කැඩපතක් දරුවාට අනතුරක් නොවන පරිදි දරුවාගේ තොටිල්ලේ එල්ලා තබන්න. එවිට දරුවාට තම ප්රතිබිම්බය කැඩපතින් දැකිය හැකියි. ඔබ කැඩපත අල්ලා වෙනත් පුද්ගලයන් හෝ භාණ්ඩ කැඩපත මත පුණරාවර්ථනය කර දරුවාට ප්රතිචාර ලබාදිය හැකි පරිදි ක්රීඩා කරන්න
  • සැහැල්ලු දරුවාට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි රැට්ල් ලබාදෙන්න. විවිධ වර්ණයන්, හැඩයන් සහ ශබ්ද නිකුත්වන රැට්ල් දරුවාගේ පෙනීම, ඇසීම සහ ස්පර්ශයන් වැඩිදියුණු කිරීමට උපකාරී වෙනවා. 
  • දරුවාගේ සවන් දීම වැඩි දියුණු කිරීමට දරුවාට ඇසෙන සේ ගීත ගායනා කරන්න. සංගීත ඛණ්ඩ වාදනය කරන්න
  • දරුවාට ඇසෙන සේ පොතක් කියවන්න. දරුවාගේ සංවේදක වැඩි දියුණු කළ හැකි හොඳම ක්රියාකාරකමක් ලෙස එය හඳුන්වනවා. දීප්තිමත් වර්ණ සහිත රූපසටහන් ඇති පොතක් ගෙන දරුවාට පෙන්වමින් කියවන්න

 

මාස 12ත් මාස 36ත් අතර කුඩා දරුවන්ට – For toddlers (12-36 months)

 

  • දරුවාට සෙල්ලම් කිරීමට විවිධ හැඩයෙන් ප්රමාණයෙන් යුතු සෙල්ලම් බඩු ලබාදෙන්න. සෙල්ලම් කිරීමෙන් පසුව ඒවා වර්ග කිරීමට දරුවාට කියාදෙන්න. පැහැය අනුව, වර්ගය අනුව ඒවා තැන්පත් කිරීමට දිරිමත් කරන්න. එවිට ඔවුන් වර්ණ හඳුනා ගැනීමට හුරු වන අතර ස්පර්ශයෙන් දේවල් හඳුනා ගැනීමටත් හුරුවනවා
  • සරල රේඛාවක් දිගේ ගමන් කිරීමට ඉඩ දෙන්න. මිදුලේ හෝ නිවසේ ටේප් පටියක් කෙලින් අලවා හෝ ඉරක් ඇද ඒමත දරුවාට සිරුර සමබර කර ඇවීදීමට ඉඩ දෙන්න. මෙම ක්රියාකාරකම ශරීරයේ සමබරතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. 
  • දරුවාට පැද්දීමට හැකි ඔන්චිල්ලාවක හෝ ටයර් යොදා සකසන ලද පැද්දීමට ඇති ක්රීඩා භාණ්ඩ සහිත උද්යානයක ක්රීඩා කිරීමට රැගෙන යන්න. පැද්දීම ශරීර චලනය හා සම්බන්ධ දියුණුව වැඩි කිරීමට උපකාරී වන විශිෂ්ඨ ක්රියාකාරකමක් ලෙසයි හඳුන්වනු ලබන්නේ
  • සෙල්ලම් කරත්තයක් තල්ලු කිරීමට ඉඩ දෙන්න. තල්ලු කිරීම මගින් ළදරුවාගේ මූලික මාංශ පේශි ශක්තිමත් කරන අතරම සමබරතාවය ගැන අදහසක් ලබා ගැනීමටද උපකාරී වෙනවා. නමුත් දරුවාගේ ආරක්ෂාවඔබ දරුවා අසල සිටිය යුතුයි
  • විසි කිරීමට සහ පාදයෙන් පහර දීමට දරුවාට බෝලයක් රැගෙන දෙන්න, මුහුදු වෙරළට හෝ ක්රීඩා පිටියකට රැගෙන යන්න. එමගින් ශරීරයේ සමබරතාවය පවත්වා ගැනීමට ඉඩ සලසන අතරම දෑත් හා දෑස් අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීමටද සහය වෙනවා. 

 

දරුවාසංවේදක ක්රියාකාරකම් තෝරාගැනීමේදි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණා

 

  • දරුවා අවධානයෙන් සිටින විට ක්රියාකාරකම් හි නිරත වන්න ඉඩ දෙන්න. ඔවුන් නිදිමතේ සිටින විට, වෙහෙසට පත් වූ විට, කුසගින්නෙන් සිටින විට හෝ අසනීප වූ විට ක්රියාකාරකම් වලට උනන්දු කරවීමෙන් එයට ඇති උද්යෝගය හීන විය හැකියි
  • සෑමවිටම දරුවාට ආරක්ෂාකාරි සෙල්ලම් බඩු තෝරා ගන්න. සෑමවිටම වැඩිහිටි අධීක්ෂණය යටතේ සෙල්ලම් කිරීමට ඉඩ හරින්න. දරුවාගේ වයසට අදාල ක්රීඩා භාණ්ඩ පමණක් දරුවාට ලබාදෙන්න
  • දරුවාට ආරක්ෂිත පරිසරයක් නිවසේ පවත්වා ගන්න. දරුවාට වැදීමෙන් හෝ ස්පර්ෂයෙන් හානිවිය හැකි තියුණු ගෘහ භාණ්ඩ ආදීය ආවරණය කර තබන්න. දරුවාට ළඟා විය නොහැකි පරිදි පිහි කතුරු, ඇණ ආදීය තබන්න. රසායනික ද්රව් ආදිය දරුවාගෙන් ඈත්කර තබන්න. සෑමවිටම දරුවාට අනතුරක් නොවන ආරක්ෂිත පරිසරයක් ගැන සහතික වෙන්න
  • දරුවා තනිව තැබීමෙන් වළකින්න. සෑම ක්රියාකාරකමක්ම වැඩිහිටියකුගේ නිසි අධීක්ෂණය යටතේ සිදුකිරීමෙන් හුස්ම හිරවීම වැනි අනතුරු වළක්වා ගත හැකියි
  • දරුවාට සෙල්ලම් බඩු සමඟ නිදා ගැනීමට ඉඩ දීමෙන් වළකින්න. සෙල්ලම් බඩු ක්රීඩා කිරීමෙන් පසු දරුවාගේ තොටිල්ලෙන් ඉවත් කර නියමිත ස්ථානවල තැබීමට දිරිමත් කරන්න. එමගින් ඔබට කුඩාකල සිටම දරුවාට පිළිවෙල ඉගැන්වීමට හැකියි

 

 

ළදරුවාගේ හෝ දරුවාගේ සෞඛ් සම්පන්න සංවර්ධනය සඳහා සංවේදී ක්රීඩා කිරීම අත්යවශ්යයි. එයට වැඩිහිටි ඔබගේ අවධානය සහ උනන්දුව තිබීම ඉතාමත වැදගත්. දරුවාගේ වයසට අදාල විවිධ සංවේදී ක්රීඩා ක්රියාකාරකම් ඔබට උත්සාහ කිරීමට හැකි අතර දරුවාගෙ ප්රතිචාර ලබාගැනීමට විවිධ වර්ගයේ ක්රියාකාරකම් උත්සාහ කිරීමට ඔබට පුළුවන්. දරුවාට මෙම ක්රියාකාරකම් මගින් උපරිම ප්රතිඵල ලබාගැනීමවිවිධ ක්රියාකාරකම් ඇතුළත් කාලසටහනක් පවත්වා ගැනීමෙන් වඩා හොඳ ප්රතිඵල අත්කර ගත හැකිවනවා

«

»