කෙටි කතා – තෝමස් අල්වා එඩිසන් ලොව විශිෂ්ටතමයෙක් කළ අම්මා

දිනක් කුඩා තෝමස් අල්වා එඩිසන් නිවසට පැමිණ තම මවට කඩදාසියක් ලබා දුන්නා. ඔහු ඇයට මෙලෙස කිව්වා, “මගේ ගුරුතුමිය මේ කඩදාසි‍ය මට දීලා කිව්වා මගේ අම්මාට විතරක් දෙන්න කියලා.” මව දරුවාට ඇසෙන සේ ලිපිය කියවන්නට විය.

 

ඒකෙ සඳහන් වෙලා තිබේ මේ පණිවුඩයයි.

 

“ඔයාගේ පුතා දක්ෂ බුද්ධිමතෙක්. මෙම පාසල ඔහුට ඉතා කුඩා වන අතර ඔහුව පුහුණු කිරීමට තරම් හොඳ ගුරුවරුන් එහි නැත. කරුණාකර ඔහුට ඔයාම උගන්වන්න” ඒ ලිපිය කියවන අතරතුරදී මවගේ දෑසින් කදුළු ගලන්නට පටන් ගත්තා.

 

එඩිසන්ගේ මව මිය ගොස් වසර ගණනාවකට පසු එඩිසන් සියවසේ ශ්‍රේෂ්ඨතම නව නිපැයුම්කරුවෙකු බවට පත් වුණා. දිනක් ඔහු පැරණි කබඩ් එකක් අස් කරමින් සිටියදී ඔහුගේ ගුරුවරයා විසින් ඔහුගේ මව වෙත ලබා දුන් ලිපිය ඔහුට හමු වුණා. ඔහු එය විවෘත කළා. නමුත් ඒ ලිපියේ සඳහන් වෙලා තිබේ මෙයයි,

“ඔයාගේ පුතා මානසික රෝගියෙක්. ඔහුට තවදුරටත් අපේ පාසලට පැමිණීමට ඉඩ දෙන්න බැහැ. ඔහුව පාසලෙන් ඉවත් කරනු ලබනව. ”

 

එඩිසන් එය කියවූ පසු හැඟීම්බර වූ අතර පසුව ඔහු සිය දිනපොතේ මෙසේ ලියනව: “තෝමස් අල්වා එඩිසන් මානසික රෝගියෙකු වූ අතර ඔහුගේ මව ඔහුව සියවසේ දක්ෂතමයෙක් බවට පත් කළාය.”

 

එමගින් අපට ලැබෙන පණිවිඩය නම් මවකගේ ආදරයට දරුවෙකුගේ ඉරණම වෙනස් කිරීමට පුළුවන්. ඉතිං අපි හැකි සැම විටම දරුවාව ආදරයෙන් බලා ගන්න ඕනේ.