Search here...
TOP
එදිනෙදා ජීවිත​ය දරුවන්ගේ සෞඛ්‍යය

ශක්තිජනක පාන‍යන් මගින් ඔබගේ නව යොවුන් වියේ දරුවාට ඇතිවිය හැකි අතුරු ආබාධ 7ක්

ඔබගේ නව යොවුන් වියේ සිටින දරුවාත් විවිධ වූ ශක්තිජනක පානයන් කෙරෙහි දැඩි රුචිකත්වයක් දක්වනවා ඇති. සාමාන්යයෙන් ළමුන් 3න් 1ක් පමණ මෙම පානයන් කෙරෙහි ඇබ්බැහි ඇතිබව පර්යේෂණයන් මගින් හෙළිව තිබෙනවා. බොහෝ ශක්තිජනක පානයන්වල සීනි, කැෆේන්, ආකලන ද්රව්, L-carnitine, taurine සහ guarana වැනි උත්තේජක ද්රව් අඩංගුවනවා. බොහෝ යොවුන් දරුවන් ක්ෂණික උත්තේජනයක් ලබාගැනීමශක්තිජනක පානයන් ලබාගන්නා අතර මෙම පානයන් කොතරම් දුරට ඔබේ දරුවන්ට සුදුසුදැයි ගැටළු ඔබටත් ඇති

 

ශක්තිජනක පාන වර්ග

 

  • සිසිල් බීම වර්ග වලට සමාන ඇසුරුම්වල ඇති ශක්තිජනක පාන වර්ග
  • කුඩා ඇසුරුම්වල එන ශක්තීජනක පාන 

 

මෙම ඛාණ්ඩ දෙකෙහිම කැෆේන් සංයුතිය ඉහළ අතර කැෆේන් සහ උත්තේජක වර්ග අඩංගු පානයන් දිනපතා දරුවන්ට ලබාදීම සුදූසු නොවන බවයි වෛද් මතය වෙන්නේ

 

නව යොවුන් වියේ පසුවන දරුවන් ශක්තිජනක පානයක් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

ශක්තිජනක පානයන් මගින් ලැබෙන ක්ෂනික උත්තේජනය, ප්රාණවත් බව ආදි ක්ෂණික ප්රතිලාභ නිසා නව යොවුන්වියේ පසුවන දරුවන් මෙම පානයන් දැඩිව ප්රිය කරනවා. විශේෂයෙන් මෙම බීම වර්ග වලට ඉදිරිපත්කරන ආකර්ෂණීය වෙළඳ ප්රවර්ධන දැන්වීම්, මිල, පහසුවෙන් ලබාගත හැකි වීම සහ මිතුරු මිතුරියන්ගේ බලපෑම මෙම බීම වර්ග පරිභෝජනය වැඩිවීම කෙරෙහි බලපා තිබෙනවා. නමුත් ශක්තිජනක බීම වල ඍණාත්මක බලපෑම් එම ක්ෂණික ප්රතිලාභවලට වඩා දරුවන් කෙරෙහි බලපෑම් එල්ල කරනු ලබන බැවින් ඒවායෙන් එල්ලවන අතුරු ආබාධ ගැන දෙමවුපියන් දැනුවත් වීම වැදගත් වනවා

 

ශක්තිජනක බීම වර්ග මගින් නව යොවුන් වියේ දරුවන්ඇතිකරනු ලබන අතුරු ආබාධ

  1. දිනපතා පානය කිරීමෙන් නින්ද ආශ්රිත ගැටළු, ඉගෙනීම් සහ මතකය දුර්වල වීම සිදුවන අතර මත්ද්‍රව්‍ය, සිගරට් හෝ මධ්යසාර භාවිතයට හුරුවීමේ අවදානම් මතුවීම
  2. අඩු පෝෂ්‍ය පදාර්ථ සහ ඉහළ සීනි සහ කැෆේන් අන්තර්ගත වීම දරුවන්ට දියවැඩියාව, අධික තරබාරුව වැනි සෞඛ්යය ගැටළු ඇතිවීම
  3. දීර්ඝ කාලීනව ශක්තිජනක පාන වර්ග පානය කිරීම හේතුවෙන් නින්ද නොයාම, ඔක්කාරය සහ වමනය, කම්පනය, හිසරදය සහ උදර වේදනාව වැනි අතුරු රෝගාබාධ ඇතිවීම
  4. ශක්තිජනක පාන වර්ග අධික ප්රමාණයක් පරිභෝජනය කිරීමෙන් නිදි චක්රය බිඳ වැටීම
  5. ඇතැම් ශක්තිජනක පානයන් හි guarana, caffeine, creatine, ginseng, taurine වැනි ක්ෂණික උත්තේජක සමග විටමින්, ප්රෝටීන්, කාබෝහයිඩ්රේට්, ඇමයිනෝ අම්ල සහ ඛනිජ ලවණ අඩංගුයි. නමුත් මෙම සියල්ල කැෆේන් සමග මිශ් වීම විජලනය වැනි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා
  6. ඇතැම් ශක්තිජනක පාන වර්ග වල කැෆේන් 500mg පමණ ඉහළ කැෆේන් ප්රමාණයක් අන්තර්ගත වන බැවින් ඇතැම් අවස්ථාවල කැෆේන් විෂවීම් වැනි තත්ත්වයන් ඇතිවීම.
  7. සමහර ශක්තිජනක පාන වල ඇල්කොහොල් අන්තර්ගත වීම නිසා නොදැනුවත්වම දරුවන් ඇල්කොහොල් වැනි මත් ද්රව් භාවිතයට හුරුවීම.

 

«

»