දරු උපතට සුදානම් වීමේදී අත්විඳින අත්දැකීම්

ගැබ් ගත් කාලය කාන්තාවකගේ ජීවිතයේ වටිනාම කාලයක් වන අතර වඩාත්ම උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඔයා මෙච්චර කාලයක් ලස්සනට රැක බලා ගත්ත ශරීරය ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ පෝෂණයේ වෙනස්කම් සිදු වෙනවා. ශරීරය ඒ සියල්ලම සන්සුන්ව විඳ දරා ගෙන අවශ්‍ය පෝෂණය එකතු කර ගන්නවා. ශාරීරික හා ආහාරමය වෙනස්කම් පිළිබඳව ඔයාගේ වෛද්‍යවරයා ඔයාට පවසන අතර, ගර්භණීභාවයේ ඇති වන අතුරු ආබාධ කිහිපයක් මෙන්න.

 

ඔබට සෑම විටම විශේෂ හැඟීමක් දැනීමට අවශ්‍යයි!

දැනටමත් මවගේ නින්දේ චක්‍රය විනාශ වී ගිහින්, ඔයාට ඕන දේවල් ආහාර වේල එකතු කර ගන්න බැහැ. නමුත් සියලුම ගර්භණී කාන්තාවන් කැමති එක් දෙයක් තිබෙනවා. එනම් විශේෂ හැඟීමක් ඇති වෙන විදිහට ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඔබට අවශ්‍ය වන්නේ සෑම කෙනෙකුම වෙනදාට වඩා ඔබ ගැන හොයා බලා තරමක් විශේෂ හැඟීමක් ඇති කරගැනීමයි. ඉතිං ඔබේ ප්‍රියතම ආහාර පිසින්න, ඔබව සෑම දිනකම ආදරෙන් රැක බලා ගන්න, සුව පහසු පුටුවක් ඇති බව සහතික කර ගන්න, ඔබට සියලු දෙනාගේ අවධානය ලැබීමෙන් විශේෂ සතුටක් දැනෙනවා. මේ නිසා ඔබේ සැමියා සහ පවුලේ අයට ඔබට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න.

 

සෑම වෛද්‍යවරයෙකුගේම හමුවීමට පෙර කාංසාවක් ඇති වීම

සෑම කාන්තාවක්ම නූපන් දරුවෙකුට සිදුවිය හැකි වැරදි දේවල් ගැන සොයා බලා මාස 9යක් පුරාම මවක් නිහඬව බියට පත් වෙනවා. මවක් විසින් කළ යුතු දේ නොකළ යුතු දේ ගැන දැන ගෙන නිරෝගීමත් දරුවෙක් බිහි කිරීමේ බියත් සමග ඔබ නිතරම කනස්සල්ලෙන් තමයි සිටින්නේ. සෑම වෛද්‍යවරයෙකුගේම හමුවීමට පෙර ඔබට බියජනක හැඟීම් ඇති වෙනවා. මේ නිසා වෛද්‍ය හමුවට පෙර ඔබට අසා දැනගැනීමට ඇති සියල්ල ගැන සටහනක් තබාගන්න. කණස්සල්ලට පත් වන ගැටලු ගැන වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න. 

 

ගූග්ල් -මේනියාව

ඔබට දැන ගැනීමට යම් දෙයක් ඇත්නම් හෝ දරුවා පිළිබඳ සැකයක් මතු වුණු වහාම පළවෙනියට කරන්නේ වෙබ් අඩවි වලින් සොයා බලන එකයි. මෙය නිවැරදි දෙයක් නෙමෙයි. ඔබට ඇති වන කරදර දුරු කර ගැනීම සඳහා ගූග්ල් එකට උදව් කරන්න බැහැ. 

 

බර වැඩිවන බව මිනිසුන් පවසන විට එයට වෛර කරනවා

බොහෝ ගර්භණී කාන්තාවන් තම ගර්භණීභාවය පිළිබඳ පුවත හෙළි කරන්නේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණයි. ඉතින් පළමු මාස කිහිපය තුළ, ඔවුන් බොහෝ විට බර වැඩිවන්නේ නම් එයට හුඟාක් දෙනෙක් නොදැනුවත්ව අදහස් දක්වනවා. ඒ ගැන හිත කරදර කරනොගන්න. ඔබේ ගැබිණි උදරය කෙමෙන් වැඩෙන විට, ඔවුන්ට ඔබේ ගර්භණීභාවය දැනගන්න ලැබීමෙන් පසුව ඔබට ලැබෙන්නෙ ආදරණීය ප්‍රතිචාර.