Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

මුරණ්ඩු දරුවකු සමග කටයුතු කරන්නේ කෙසේද?

දෙමවුපියන් ලෙස අප වඩාත් ප්රිය කරන්නේ අපගේ දරුවා වඩාත් ප්රීතියෙන් සිටිනු දැකීමයි. ඒ නිසා බොහෝ විට ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල ඉටු කිරීමටයි උත්සාහ කරන්නේ. නමුත් ඔබ දන්නවාද ඔබගේ අනවශ් හුරතලය නිසා දරුවා මුරණ්ඩු හැසිරීම් සහිත දරුවකු වීමේ අවධානමක් ඇතිබව. ඒ නිසා යම් යම් සීමාවන් සහිතව කුඩාකල සිටම දරුවා ඇතිදැඩි කළ යුතුයි

 

දරුවන් මුරණ්ඩු වීමට බලපාන හේතු

 

  • දරුවාගේ සෑම අවශ්යතාවයක්ම ඉටු කිරීම
  • පමණ ඉක්මවා දරුවාට අවධානය සහ සැලකිල්ල ලබාදීම
  • පවුලේ එකම දරුවා නම්, පවුලේ අවධානය සහ ආදරය වැඩිපුර ලැබීම
  • නිතර නිතර ත්යාග ලබාදීම
  • නිවසේ විනය අඩුවීම
  • පවුලේ සාමාජිකයන් අතර අන්තර්ක්රියා අඩු පරිසරයක් තිබීම

 

මුරණ්ඩු දරුවකුගේ දැකිය හැකි ලක්ෂණ

බොහෝ මුරණ්ඩු ගති පැවතුම් ඇති දරුවන් තුල ඉවසීම නොමැති අතර නොසන්සුන්කාරී හැසිරීම් සහ කෑකෝ ගැසීම් නිතර දැකිය හැකි අතර ඔවුන්ගේ එම හැසිරීම් ඔවුන් වයසින් වැඩෙත්ම සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්විය හැකියි. ඒ නිසා පහත ලක්ෂණ තුළින් ඔබගේ දරුවා මුරණ්ඩු නැතිනම් පමණට වඩා සුරතල් දරුවකු වී ඇත්දැයි ඔබට හඳුනාගත හැකියි

 

  • දරුවා ඔබව නොසලකා සහ ප්රතික්ශේප කරමින් හැසිරීම
  • ඔවුන් ඔබ ලබාදෙන උපදෙස් සහ ඉල්ලීම් නොතකා තම අභිමතය පරිදි කටයුතු කිරීම
  • බොහෝ ආක්රමණශීලි සහ කෝපයට පත්ව කටයුතු කරන අතර බොහෝ විට කෑගැසීම, හැඬීම, පහර දීම සහ සපාකෑම වැනි කෝපාවිෂ්ඨ හැසිරීම් පෙන්නුම් කරනවා
  • තමන්ට වඩා වැඩි සැලකිල්ලක් අවශ්යයැයි සිතා කටයුතු කිරීම
  • කිසිවිටකත් සෑහීමට පත් නොවීම
  • වැඩිහිටියන්ට ගරු නොකරන අතර අන්යයන් සමග කටයුතු කිරීම ඔවුන්ට ඉතා දුෂ්කර කාර්යයක්
  • ඔවුන් සෑමවිටම විවිධ වූ ඉල්ලීම් සිදුකරන අතර අන් අය සමග සෑමවිට සන්සන්දනය කිරීමට උත්සාහ දරනවා

මුරණ්ඩු හැසිරීම් සහිත දරුවකු නිසා සිදුවිය හැකි බලපෑම්

 

  • තමාට ලැබෙන දෙය සම්බන්ධයෙන් අතෘප්තියට පත්වීම නිසා ඔවුන් ඒවා ලබාගැනීමවැරදි ක්රියාමාර්ග අනුගමනයට පෙළඹිය හැකිවීම
  • සෑමවිට අවධානය ලබාගැනීමට උත්සාහ කිරීම
  • වගකීම් විරහිත, අකීකරු සහ අගෞරවනීය හැසිරීම නිසා දෙමවුපියන් ලෙස ඔබ සමාජය ඉදිරියේ අපහසුතාවට පත් වීම
  • නොඉවසිලිවන්ත හැසිරීම් රටාව හේතුවෙන් ක්රමයෙන් වයසින් වැඩෙත්ම අනවශ් ගැටළුවලට මැදිවිය හැකිවීම
  • වෙනත් සහෝදර සහෝදරියන් සිටීනම් ඔවුන් සමග නිරන්තර ගැටළු ඇතිවිම
  • බාහිර සමාජය සමග කටයුතු කිරීම අපහසු වීම
  • අන්‍යොන්‍ය සබඳතා සහ මිත් ආශ්රය පවත්වා ගැනීම අපහසුවී සහ ඔවුන් සමාජයෙන් කොන් වීමේ අවධානම

 

මුරණ්ඩු දරුවන් සමග කටයුතු කිරීමට ඔබ අනුගමනය කළ යුතු පියවර

  • කලහකාරී ලෙස හැසිරෙන අවස්ථාවල ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකරන්න. වෙනුවට ඔහු හෝ ඇය ප්රියකරන ක්රියාකාරකමක යෙදීමට ඉඩ ලබාදෙන්න
  • දරුවා සමග වාද කිරීමෙන් වැළකී සන්සුන්ව වඩාත් ඉවසීමෙන් කරුණු පැහැදිලි කර දෙන්න නැතිනම් දරුවාට මදක් සන්සුන් වීමට ඉඩ ලබාදී පසුව කතා කරන්න
  • දරුවා සමග මනා බැඳීමක් ඇතිකරගන්න. එවිට දරුවා ඔහුගේ හෝ ඇයගෙ ගැටළු සහ අදහස් ඔබ සමග බෙදාගන්නා අතර සමීපව කටයුතු කිරීමට පෙළඹවිය හැකියි
  • දෛනික සැලැස්මක් සකස් කර දෙන්න. අනවශ් නීති වෙනුවට පවුලේ සියලු දෙනා සමග කටයුතු කල හැකි දින චර්යාවක් දරුවාට සකස් කර දෙන්න. හැකි නම් එය පිළියෙල කිරීමේදි දරුවාද එක්කර ගන්න. විනෝදය වැඩියෙන් එක්කරන්න
  • සාමකාමී පරිසරයක් නිවස තුල පවත්වා ගැනීම. පවුලේ සියලු දෙනා සතුටින් හා සාමකාමීව සිටිනු දැකීමෙන් දරුවාටද තමා නොසන්සුන් සහ කළහකාරි ලෙස හැසිරීම සුදූසු නැති බව වටහා ගැනීම්ට උපකාරී වේවි
  • වැරදි හැසිරීම හේතුවෙන් අත්විය හැකි ප්රතිවිපාක ගැන දරුවාට පවසන්න
  • දරුවාගෙ හොඳ හැසිරීම අගය කරන්න. විශේෂයෙන් ගෙදර දොරේ වැඩවලට උදව් කළත්, ඔවුන්ගේ සෙල්ලම් බඩු මිතුරන් සමඟ බෙදා ගත්තත්, ඔවුන්ගේ උත්සාහය අගය කර දිරිමත් කිරීමත් කළ යුතු වනවා
  • කණ්ඩායමක් සමග වැඩ කිරීමට හුරු කරන්න. සම වයසේ මිතුරන් සමග ගැවසීමටත් ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් දේවල් බෙදා ගැනීම, දීමට සහ ගැනීම ආදිය ඉගෙන ගැනීමේ වැදගත්කමත් අවබෝධ කර දෙන්න
  • ජීවිතයේ මුහුණ දීමට සිදුවන අභියෝග ගැන දැනුවත් කරන්න. විශේෂයෙන් මුරණ්ඩු හැසිරීම් දරුවන් පරාජය වීමට බියෙන් අභියෝග භාර ගැනීමට බියක් දක්වනවා. ඒ නිසා අභියෝග යනු ජීවිතයේ කොටසක් බවත් ඒවාට මුහුණදීමෙන් ජීවිතයට අත්දැකීම් ලබාගත හැකි ආකාරයත් කියාදෙන්න
  • මුදලෙහි අගය කුඩාකල සිටම වටහා දෙන්න. විශේෂයෙන් දකින දකින දේ ඉල්ලා කරදර කරන ඔබේ දරුවාට ජීවිතයේ අවශ්යතා සහ වුවමනා අතර වෙනස වටහා දෙන්න. මුදල් යනු නිකරුනේ නාස්ති කළ යුතු දෙයක් නොව අරපිරිමැස්මෙන් වියදම් කළ යුතු දෙයක් බව සරලව වටහා දෙන්න. ඔබ ලබාදෙන පොකට් මනි වියදම් කරන ආකාරය කුඩා සටහන් පොතක සටහන් කිරීමට දිරිගන්වන්න. එය ඔවුන්ට වැඩිහිටි වියේදීත් මුල් කළමනාකර​ණයට උපකාරී වේවි.

 

«

»