ඔබේ දරුවාට කථන ගැටළු ඇති බව කියවෙන සංඥා

කථන ගැටළු ඇති දරුවන්ට සන්නිවේදනය හා අදහස් ප්‍රකාශ කිරීමේ කටයුතු කරන එක සාමාන්‍යයෙන් දුෂ්කර වෙනවා. කථන ගැටළු ඇති දරුවන්ට අසාමාන්‍ය හැසිරීම් ද ඇති අතර සන්නිවේදනය කරන්න උත්සහ කරනකොට ඒ වගේ දරුවන් සාමාන්‍යයෙන් කළකිරීමට පත්වෙනවා. සමහර වෙලාවට ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියා දක්වන්නත් පුළුවන්. ළමුන් තුළ කථන ගැටළු ඇතිවීමේ සමහර සංඥා නිසා ඔවුන්ට ඔබ දෙන උපදෙස් පිළිපැදීමට අපහසු වෙනවා. ඒ අනුව සන්නිවේදනය සඳහා ඔවුන් අභිනයන් භාවිතා කරන්න උත්සාහ කරනවා. 

ඔබේ දරුවාටත් කථන ගැටලුවක් තිබෙනවාද නැද්ද යන්න තේරුම් ගැනීම ඉතා දුෂ්කර තත්ත්වයක් වෙන්න පුළුවන්. ළමයා සරල වචන භාවිතා කරන කාලයට කලින් තමන්ගේ දරුවා තුළ භාෂා සංවර්ධනය ආරම්භ කිරීම සහ විවිධාකාරයෙන් නිසි ලෙස සන්නිවේදනය කිරීමේ ඔවුන්ගේ කුසලතාව වර්ධනය වෙලා ද කියලා දෙමාපියන් විසින් මුලින්ම පැහැදිලි කර ගන්න ඕනේ. එම නිසා නියමිත වයස් සීමාවේදී ඔවුන්ගේ ජීවිතයේ සන්නිවේදන සන්ධිස්ථාන කරා ළඟා වෙනවා ද කියලා සොයා බැලීමට ඔබට අවශ්‍ය නම් දරුවාගේ සංවර්ධන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම හෝ අධීක්ෂණය කිරීම ඉක්මණින් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දරුවන් මාස 12 සිට 15 දක්වා වන විට පළමු වචන භාවිතා කිරීමට පටන් ගන්නවා.

ඔබේ දරුවාට කථන ගැටළු තිබෙනවාද නැද්ද යන්න තේරුම් ගැනීමට උපකාර වන සරල සංඥා කිහිපයක් මෙන්න:

 

පාසලේදී අසාමාන්‍ය හැසිරීම් දැක්වීම

ඔබේ දරුවා එයාගේ බාලාංශ පාසලේ හෝ පෙර පාසලේ හැසිරෙන ආකාරය සැලකිල්ලට ගන්න. එයාගේ හැසිරීම අනෙක් ළමයින්ට වඩා කැපී පෙනෙන ලෙස වෙනස්ද? අනෙක් අය ඉදිරියේ ඔබේ දරුවා පසුබසිනවා ද නැත්නම් පහසුවෙන් සන්නිවේදනය කරනවාද යන්න පරීක්ෂා කරන්න. ඔබේ දරුවා කීමට උත්සාහ කරන දේ තේරුම් ගැනීමට අනෙක් දරුවන්ට හෝ ගුරුවරුන්ට අපහසු නම් ඔබ ද ඒ ගැන අවධානයෙන් ඉඳිමින් දරුවා කියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න.

ඉගෙනීමේ සහ ක්‍රීඩා කිරීමේ ක්‍රියාකාරකම් වලදී ඔබේ දරුවාගේ හැසිරීම නිරීක්ෂණය කරන්න. මෙම අවස්ථා කියන්නේ ඔබේ නිරීක්‍ෂණය සවිස්තරාත්මකව හා දීර්ඝව කිරීමට කදිම ක්‍රමයක්. ඔබේ දරුවා නිවැරදි උපදෙස් පිළිපැදිය යුතු අතර අනෙක් ළමයින් සමඟ මෙන්ම ගුරුවරයා සමඟ ද උපරිම ආකාරයෙන් සන්නිවේදනය කරන්න ඕනේ. දරුවා කතා කරන විට, සවන් දෙන විට හෝ උපදෙසක් අනුගමනය කරන්න හදනකොට එයා තුළ යම් කළකිරීමක් හෝ කෝපයක් ඇති වෙනවා ඔබ දැක්කොත් එය සැලකිලිමත් වීමට හේතුවක් බව ඔබ දැනගන්න.

පසුබසින චරිත ස්වභාවයක් වර්ධනය කර ගන්නවා හෝ අවධානයෙන් නොසිටිනවා කියන්නේ තමන්ගේ වයසේ අනෙක් ළමයින් සමඟ සමානව සන්නිවේදනය කිරීමට තමාට නොහැකි බව තේරුම් ගත්තාම දරුවෙක් විසින් අනුගමනය කරන ආරක්ෂක පියවරයි. සෑම මිනිසෙකුටම කුඩා කාලයේ සිටම සන්නිවේදන හැකියාවන් අත්‍යවශ්‍ය බව මූලික කරුණක්. ඒක ඕනෙම කෙනෙක්ට ස්වයංක්‍රීයව වටහා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔබේ දරුවා අන් අයට වඩා ‘වෙනස්’ බවත්, වැරැද්ද තිබෙන්නේ කොහේදැයි දැනගත්තාම එයා නිතිපතා පන්ති කාමර ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් ගැන දක්වන උනන්දුව නැති කර ගන්නවා. ඊට පස්සේ එයාට කිසිසේත්ම සන්නිවේදනය කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ.

 

කළකිරුණු සහ ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියා

දරුවාගේ විවිධ මානසික මනෝභාවයන් තුළ එයාගේ හැසිරීම හා ප්‍රතික්‍රියා ගැන නොදැනීම සාමාන්‍ය සන්නිවේදනයක් හෝ කථන ආබාධයක් තිබෙනවාද යන්න පිළිබඳ සංඥාවක් වෙනවා. දරුවා සතුටින්, කෝපයෙන් හෝ කලබලයෙන් යමක් කීමට කැමති නමුත් එයාගේ වචන ඒ ආකාරයට ප්‍රකාශ කිරීමට නොහැකි වුණාම එයා හැසිරෙන්නේ කොහොමද? දරුවාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී එයාට ඒක අභියෝගයක් වගේ කියලා දැනෙනවාද? තත්ත්වය එහෙම වුණාම දරුවා සාමාන්‍යයෙන් කළකිරීමේ සලකුණු පෙන්වනවා. ඒ අතර එයා වටා සිටින අනෙක් ළමයින්ට හෝ ගුරුවරුන්ට කෝප සහගත හැසිරීම් දැක්වීම හෝ පහර දීමට පවා පුළුවන්. මූලික වශයෙන් ප්‍රචණ්ඩකාරී වෙන්න බලනවා.

 

කතා කරනවාට වඩා අභිනය

බොහෝ විට වචන සමඟ සන්නිවේදනය කරනවා වෙනුවට ඔබේ දරුවා අභිනයන් දක්වනවා නම්, දරුවා ඇත්ත වශයෙන්ම කථනයට එතරම් කැමැත්තක් නොදක්වන බව ඔබ තේරුම් ගන්න ඕනේ. කියන දේවල් පැහැදිලිව වටහා නොගන්නා නිසා ඒ වගේ දරුවන් අනිත් අයට නම් වලින් ඇමතීමෙන් වැළකී ඉන්න බලනවා. ඔවුන් තමන්ට අවශ්‍ය වස්තූන් අල්ලා ගැනීමට හෝ ඔවුන් සමඟ සිටීමට කැමති අයව ඇද ගැනීමට උත්සහ කරනවා. ඒ වගේ දරුවන් තම තේරීම් පෙන්වීමට කැමති ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමය ඒකයි.

 

උපදෙස් පිළිපැදීමේ දුෂ්කරතා

දරුවාට ඔබේ උපදෙස් පිළිපැදීම දුෂ්කර බව ඔබ දැක්කොත්, ඒවා කෙතරම් සරල වුණත් දරුවාට කථන ආබාධයක් ඇති බවට ප්‍රධාන ඇඟවීමක්. උපදෙස් වලට අනුව කටයුතු කරනවාට වඩා අනිත් අය එය ඉටු කිරීම නැරඹීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට කැමති බව ඔබ සොයා ගත්තොත් එය කථන ආබාධයේ ස්ථිර ලකුණක් බව ඔබ තේරුම් ගන්න ඕනේ.

ගැඹුරු කථන භාෂා ඇගයීමකින් පස්සේ කථන භාෂා විශේෂඥයෙකුට ඒ වගේ දරුවන්ට ඵලදායී ලෙස ප්‍රතිකාර කරන්න පුළුවන් නිසා ඔබ ඒ ගැන අධෛර්යයට පත් වෙන්න ඕනේ නෑ.