ඔබේ දරුවා නින්දෙන් ඇවිදිනවද? එහෙනම් මේ ලිපිය ඔබටමයි

නින්දෙන් ඇවිදීම නැතිනම් somnambulism ලෙස හඳුන්වන අතර එය නින්ද හා සම්බන්ධ ගැටළුවක් වන පැරසොමිනියා (parasomnia) තත්ත්වයක්. මෙම තත්ත්වය යටතේ දරුවකු නිදාගෙන සිටියදී ඇඳෙන් බැස ඇවිද යාම දැකිය හැකියි

බොහෝ විට මෙය ඇතැම් කුඩා දරුවන් අතර සාමාන් තත්ත්වයක් වන අතර ක්රමයෙන් ඔවුන් නව යොවුන් වියට එළෙඹෙත්ම මෙය මගහැරී යනවා. එමෙන්ම නින්දෙන් ඇවිදීම යම් බරපතල රෝගයක ලක්ෂණයක් නොවන අතර මෙම තත්ත්වය දිගටම පැවතියහොත් එය යම් නින්ද හා සම්බන්ධ ගැටළුවක් විය හැකිදැයි සොයා බලා ප්රතිකාර කළ යුතු වෙනවා

 

ළමුන් නින්දෙන් ඇවිදීමබලපාන හේතු

  • නින්දබාධා එල්ලවීම හෝ ප්රමාණවත් නින්දක් නොමැතිවීම
  • නිදි චර්යාවබාධා එල්ලවීම
  • කාන්සාව
  • ශාරීරික සහ මානසික ආතතිය
  • උණ සහ වෙනත් රෝගයකින් පෙළීම
  • ඇතැම් වේදනානාශක ඖෂධ
  • RL සින්ඩ්රොම තත්ත්වය (Restless leg syndrome) 
  • නින්දේදි හුස්ම හිරවීම් තත්ත්වය
  • ගැඹුරු නින්දේ පසුවන අතර මුත්රා කිරීම වැනි අවශ්යතා වලට හදිසියේ අවදිවීම
  • හදිසි ශබ්දයක් හෝ ස්පර්ශයක් හේතුවෙන් හදිසියේ නින්දෙන් අවදිවීම
  • Gastroesophageal reflux disease නමැති රෝගය ඇතිවිට

 

නින්දේ ඇවිදීම වේගවත් කරන හේතු කාරක

සාමාන්න්යෙන් දරුවාට ඇවිදීමට හුරු වූ දා සිට නින්දෙන් ඇවිදීම ඇතිවිය හැකි වුවත් බොහෝ දරුවන් වයස අවුරුදු 8ත් 12ත් අතර පසුවන වයස් ඛාණ්ඩයේ පසුවන විට මෙය උග්රවිය හැකියි. විශේෂයෙන් රාත්රී කාලයභීතියක් පෙන්නුම් කිරීම සහ නින්දෙන් ඇවිදීමබලපාන සාධක සමාන වන අතර පහත හේතූ කාරකයන්ද නින්දෙන් ඇවිදීම තත්ත්වය ඇතිවීමට හේතු විය හැකියි

 

  • ඉරුවාරද තත්ත්වය ඇතිවිට
  • හිසෙහි ඇතිවන තුවාල
  • ආඝාත තත්ත්වයන්
  • සිරුරේ තයිරොයිඩ් හෝමෝන මට්ටම ඉහළ යාම
  • මොළය ඉදිමුම (Encephalitis)
  • උදරයේ ඉදිමුම් ස්වභාවය
  • සංචරණය
  • නුපුරුදු අලුත් ස්ථානවල නිදාගැනීම
  • ආලෝකය හෝ ශබ්දය
  • ඇතැම් ඖෂධ මගින් ඇතිකරන බලපෑම්

 

ඉහත කරුණු වලට අමතරව නින්දෙන් ඇවිදීම සම්බන්ධයෙන් පවුලේ ඉතිහාසයක් තිබෙනවා නම් ඇතැම් විට එම ජානමය බලපෑම් හේතුවෙන්ද දරුවන් නින්දෙන් ඇවිදීම සිදුකළ හැකියි

 

නින්දෙන් ඇවිදින දරුවන් තුළ දැකිය හැකි ලක්ෂණ

  • නින්දේදීම ඇඳේ වාඩිවී ඇස් ඇර සිටියි
  • ඇඳෙන් බැස කාමරය තුළ ඇවිදී
  • ඔවුන් නින්දෙන් ඇවිදින විට ඇස් විවර කරගෙන සිටියත් අවට සිටින පවුලේ සාමාජියන් හෝ හඳුනා ගත නොහැකියි
  • නින්දෙන් ඇවිදින අතර තුර හදිසියේ අවදිවීමෙන් ව්යාකූල ස්වභාවයක් පෙන්වීම
  • නින්දෙන් ඇවිද නැවතත් ඇඳට පැමිණ ඉක්මණින් තද නින්දට වැටීම
  • නිදා ගැනීමට යම් බියක් පෙන්නුම් කිරීම
  • රාත්රී නින්දෙන් ඇවිදීම සම්බන්ධයෙන් දරුවාට කිසිදු මතකයක් නොවීම හෝ ඇතැම් විට උදෑසන සම්බන්ධයෙන් යම් අපැහැදිලි මතකයක් විම
  • නින්දෙන් ඇවිදින අතරතුර ඔබ ඔවුන් සමග කතා කරන විට අර්ථ විරහිත දෙයක් ප්රකාශ කිරීම හෝ අර්ධ වශයෙන් ප්රතිචාර දැක්වීම
  • දරුවාට හුරු පරිසරයේ නින්දෙන් හොඳින් ඇවිදීම
  • ඇතැම් විට අල්මාරිය විවර කිරීම හෝ ආහාර ගැනීම හෝ ඇඳුම් ඇඳීම

 

එමෙන්ම ඇතැම් දුර්ලභ අවස්ථා වල දී දරුවන් තුළ පහත ලක්ෂණ දැකිය හැකියි

අල්මාරිය තුළට මුත්රා කිරීම

කාර් එක පැදවීම

නිවසින් පිටවීම

සාහසික ලෙස හැසිරීම

තුවාල සිදුකර ගැනීම

 

නින්දෙන් ඇවිදින සෑම දරුවෙකුටම ඇඳෙන් නැගිට යම් යම් ක්රියාකාරකම් හි නිරත විය නොහැකියි. නින්දේ ඇවිදින අවස්ථා වලදී බොහෝ දෙනෙක් ඇඳේ වාඩිවි සිටීම හෝ යම් ව්යාකූල ස්වභාවයක් පෙන්නුම් කළ හැකියි. එමෙන්ම නින්දෙන් ඇවිදින විට ඔවුන් කාමරයෙන් ඉවත්ව යෑමට උත්සාහ කරන්නේ නම් එය වැළැක්විය යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමද ඉතාමත වැදගත් වනවා

 

ඔබගේ දරුවා නින්දෙන ඇවිදින බව දුටු පසු ඔබ කුමක් කළ යුතුද?

පළමුවෙන්ම ඔබ සන්සුන් වී දරුවා නැවත ආරක්ෂිතව නින්දට යොමු කළ යුතුයි. ඔවුන් ඇඳමත වාඩි වී හෝ ඇවිදිනවා නම් ඔවුන් හදිසියේ අවදි කිරීමට උත්සාහ නොකර නැවත ආරක්ෂිතව නින්දට යොමුකරන්න. බාධා නොකරන්නේ නම් බොහෝ දරුවන් නැවතත් ගැඹුරු නින්දට යොමුවනවා

කෑගසා හෝ පුදුමයට පත්ව දරුවා ව්යාකූල කිරීමෙන් වැළකිය යුතු අතර එසේ කිරීමෙන් දරුවාගේ මානසික යහපැවැත්මට බාධා එල්ල විය හැකියි. දරුවාගේ නින්දෙන් ඇවිදීමේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටළු වලට ළමා වෛද් විශේෂඥයකුගේ හෝ නිදි උපදේශකවරයකුගෙන් උපදෙස් ලබාගත හැකියි

 

නින්දෙන් ඇවිදීම හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා

නින්දෙන් ඇවිදීම මගින් බොහෝ දරුවන්ට බලපෑම් එල්ල නොවන අතර ඉතා කලාතුරකින් දරුවන් තුළ පහත සංකූලතා ඇතිවිය හැකියි

 

රාත්රීයේ නින්දෙන් ඇවිදීමෙන් නින්දට බාධා සිදුවන බැවින් පසුදින නිදිබර ස්වභාවයකින් යුක්ත වන අතර එමගින් අධ්යාපන කටයුතු වලට් බාධා එල්ලවීම

නින්දෙන් ඇවිදීමේදි පඩි පෙළවල් මතින් ඇඳවැටීම හෝ ගෘහ භාණ්ඩවලට වැදීම වැනි දේ සිදුවීම

නොදැනුවත්ව එළිමහනට ගොස් නින්දෙන් වාහනයක් පැදවීම වැනි අනතුරුදායක හැසිරීම් ඇතිවීම

නුසුදුසු දේ අනුභව කිරීමේ ඉඩක් පැවතීම

ඇතැම් දරුවන් නින්දෙන් ඇවිදිනවා යැයි පැවසීමෙන් ලජ්ජාවට පත්වීම

-දුර්ලභ අවස්ථාවන්හිදී, සමහර ළමයින් නින්දෙන් අසල සිටින අයකුට තුවාල සිදුකල හැකි වීම

ළමුන් තුළ නින්දෙන් ඇවිදීම පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ නින්දට බාධා කරන අතර බොහෝ විට පවුල් ආරවුල් ඇතිවීමහේතුවීම

 

එමනිසා දරුවාගේ නින්දෙන් ඇවිදින ස්වභාවය මුලදීම අවබෝධ කරගැනීම සහ එයට අවශ් ප්රතිකාර සහ උපදෙස් ගැනීම වැදගත් වනවා

 

ළමුන් තුළ නින්දෙන් ඇවිදීම වළක්වා ගන්නේ කෙසේද?

දරුවා මානසික ආතතියට පත්වීම වැළැක්වීමට කටයුතු කරන්න. ප්රීතිමත් ආදරණීය වටපිටාවක ශාරීරික ක්රියාකාරකම් හි නිරත වෙමින් පීඩනයකින් තොරව ඇතිදැඩි වීමට ඉඩ හරින්න. යම් හෙයකින් දරුවා තුළ යම් මානසික අවපීඩන තත්ත්වයක් තිබේ නම් සදහා අවශ් ප්රතිකාර සහ භාවනාව, ක්රීඩා කිරීම වැනි දේට යොමුකරන්න

සෑමවිටම දරුවාට ප්රමාණවත් වයසට ගැලපෙන පරිදි නින්ද ලබාදීමට කටයුතු කළ යුතුයි. දෛනිකව නින්දට යොමු වීමකාල සටහනක් සහ චර්යා රටාවක් අනුගමනය කිරීම ඉතා වැදගත් වනවා. සාමාන්යෙන් වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන් පැය 10 සිට 13 දක්වා නින්දක් දිනකට ලැබිය යුතු අතර ඊට වැඩිමහල් දරුවන්දිනකට පැය 9 ත් 12 ත් අතර කාලයක් යොවුන් වියේ පසුවන දරුවන් දිනකට පැය 8 ත් 10 ත් අතර කාලයක් නිදාගත යුතු වනවා

නින්දට යාමට පෙර දෘශ් හෝ ශ්රවණාත්මක උත්තේජනයන් ලැබීම දරුවාගේ නිදි චක්රයබාධා එල්ල කරනු ලබනවා. නින්දට යාමට පැයකට හෝ දෙකකට පෙර රූපවාහිනි / පරිඝනක වැනි විද්යුත් තිරයන් සීමා කිරීම, නින්දට පෙර මුත්රා කිරීමට උපදෙස් දීම වැනි දේ සිදුකළ හැකියි

එමෙන්ම ඇතැම් දරුවන් පාසලින් ලබාදුන් පැවරුම් හෝ ක්රියාකාරකම් කිරීමට නොහැකි වීම හේතුවෙන් ආතති ස්වභාවයකින් නින්දට යොමු වීමද නින්දෙන් ඇවිදීමහේතුවිය හැකි බැවින් දරුවාගේ පාසලින් ලබාදුන් ගෙදර වැඩ, පැවරුම් ආදිය නින්දට පෙර කිරීමට දරුවා දිරි ගන්වන්න

 

වෛද් උපදෙස් පැතිය යුත්තේ කවර අවස්ථාවේදීද?

පහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් නිරීක්ෂණය වන්නේ නම් වෛද් උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වනවා

 

  • දිනපතා නින්දෙන් ඇවිදීම සිදුකරන විට
  • තුවාල සිදුකර ගැනීම
  • එළිමහනට යාම හෝ උත්සාහ කිරීම
  • ගැඹුරින් සහ රළු හුස්ම ගැනීමේ රටාව
  • දිවා කාලයේ අධික නිදිමත ස්වභාවයකින් යුතු වීම
  • රාත්රී නින්දෙන් මුත්රා පිටකිරීම
  • යම් මනෝවිද්යාත්මක සාධක

 

දරුවා යම්කිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් නින්දෙන් ඇවිදිනවා යැයි ඔබ අනුමාන කරන්නේ නම් ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙකු හෝ නින්ද සම්බන්ධ විශේෂඥ වෛද්යවරයෙකුගෙන් විමසීමට අනිවාර්යෙන් සිදුකිරීම වැදගත් වෙනවා

 

රෝග විනිශ්චය සිදුකරන ආකාරය

දරුවා නින්දෙන් ඇවිදීමට හේතු හඳුනා ගන්නාතෙක් සති දෙකක පමණ කාලයක් දරුවා සමීපව අධ්යනය කිරීමට සහ සම්බන්ධයෙන් දත්ත සටහන් පවත්වා ගැනීමට බොහෝ විට වෛද්යවරුන් උපදෙස් ලබාදෙනවා. එමෙන්ම EEG (electroencephalogram) , ECG (electrocardiogram) , EMG (electromyography), EOG (electrooculography) සහ වෙනත් පරීක්ෂණ අවශ්යතාවය අනුව කිරීමට වෛද්යවරුන් නියම කරනු ලබනවා

 

නින්දෙන් ඇවිදින දරුවන්ප්රතිකාර

දරුවන් නින්දෙන් ඇවිදීම වැළැක්වීමනිශ්චිත ප්රතිකාර නැහැ. මෙම තත්ත්වය ක්රමයෙන් මගහැරි යන බැවින් ඖෂධ නිකුත් කරන්නෙ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවලදී ආතති තත්ත්වයන් පාලනයඖෂධ ලබාදිය හැකියි

නින්දෙන් ඇවිදීම පාලනයවෛද්යවරුන් නියම කරන එක් ක්රමයක් වන්නේ සැලසුම් කළ වේලාවක් තුළ දරුවා අවදි කිරීමයි. නමුත් මෙයට ඔබට දින කිහිපයක් අඛණ්ඩව දරුවාගේ නිදි රටාව අධ්යනය කළ යුතුවන අතර දරුවා නින්දෙන් ඇවිදින වේලාව සෑම දිනකම සමාන නම් ආසන්න වශයෙන් එයට විනාඩි15කට පමන පෙර දරුවා නින්දෙන් අවදි කිරීම හෝ සුලු වශයෙන් දරුවාගේ නින්දට බාධා කිරීම කළ යුතු වනවා

 

එමෙන්ම දරුවාට අනතුරක් වීම වළක්වා ගැනීමට පහත උපදෙස් ලබාදීම සිදුකරයි

 

  • නිවසින් පිටතට යාම වැළැක්වීමට දොරවල් ජනෙල් හොඳින් අගුලා දා වසා යතුරු දරුවාට ගැනීමට නොහැකි ස්ථානයක් තැබීම
  • දරුවාගේ නිදන කාමරයේ හෝ පඩි පෙළ අසල ආරක්ෂිත ගේට්ටුවක් සවි කිරීම
  • ඇඳෙන් වැටීම වැළැක්වීමඋස් ඇඳන් මත දරුවා නින්දට යැවීමෙන් වළකින්න
  • දරුවා පැටළි ඇඳ වැටීමට ඉඩ ඇති දේ මාර්ගයෙන් ඉවත් කර තබන්න

 

දරුවන් කුඩා කල දී දැකිය හැකි මෙම නින්දෙන් ඇවිදීමේ තත්ත්වය දරුවන් වයසින් වැඩෙන විට ක්රමයෙන් පහව යන අතර ඔබ සම්බන්ධයෙන් අනවශ් පරිදි කලබල විය යුතු නැහැ. වගේම බොහෝ දරුවන් මෙසේ නින්දෙන් ඇවිදීම ඔවුන්ට ප්රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් සිදුවිය හැකියි. එමනිසා යහපත් නිදි පුරුදු දරුවා කුඩා කල සිටම පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා. නින්දෙන් ඇවිදීම සම්බන්ධයෙන් දරුවාට විහිළු කිරීම, දඬුවම් දීම, අනවශ් ලෙස පීඩනයක් යොමු කිරීම වැනි දේ දරුවාගේ මානසික තත්ත්වය කෙරෙහි බලපෑම් එල්ල කළ හැකියි

 

එමනිසා ඔබගේ දරුවා තුළත් මෙම නින්දෙන් ඇවිදින ස්වභාවය ඇති නම් දරුවාගේ වෛද්යවරයාගෙන් නිසි උපදෙස් ලබා ගැනීමත් දරුවාට ආරක්ෂාව සැපැයීමත් ඔබ කළ යුතුයි. එවිට ඔබටත් මෙම තත්ත්වය අනවශ් පීඩනයකින් තොරව කළමනාකරණය කර ගැනීමට හැකිවනවා නොඅනුමානයි