කෝලික් නැත්නම් බාලගිරි දෝසයට පිළියම් මොනවද?

අලුත උපන් ළදරුවන් නිතරම හැඬීම සාමාන්‍ය දෙයක්. සති හයත් අටත් අතර වයසේ ළදරුවන් සාමාන්‍යයෙන් දිනකට පැය දෙක තුනක් විතර අඬනව. නමුත් කෝලික් ඇති ළදරුවන් වරකට පැය කිහිපයක් නොසන්සුන් ලෙස අඬන අතර සවස් කාලයේ දී බොහෝ විට තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. පොඩි දරුවෙක් නිරෝගීව හා හොඳින් පෝෂණය වෙනකොට  යම් යම් හේතු නිසා නිතර අඬනව. කෝලික් එහෙම නැත්නම් අපි බහුලව භාවිතා කරන බාලගිරි දෝසය ඇති වීම ඉතා සුලභ වන අතර ඒක සාමාන්‍යයෙන් ළදරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට බලපානවා. අද baby and me අපි ඔයාට කෝලික් නැත්නම් බාලගිරි දෝසයට පිළියම් කිහිපයක් මේ ලිපියෙන් කියලා දෙනවා.

ඔයාගේ දරුවාගේ මුහුණ රතු වී ඇති බව දකින්න තියෙනවා නම්, පොඩ්ඩා අතේ ඇඟිලි තද කර ගෙන ඉන්නවා නම්, දණහිස් බඩ දෙසට තද කරන්නින්නව නම් හෝ කොන්ද නවාගෙන ඉන්නවා නම් ඔවුන් ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. නමුත් ළදරුවාගේ සෞඛ්‍යයට බාලගිරි දෝසය දිගු කාලීනව බලපාන බවට පැහැදිලි සාක්ෂි නැහැ.

 

රෝග ලක්ෂණ

ඔයාගේ දරුවා වඩාත් බරපතල ලෙස රෝගාතුර වී ඇති ද කියලා හඳුනාගන්න පුළුවන් රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා. මේ වගේ  අවස්ථා වලදී ඔබට සැකයක් හිතුනොත් වහාම ඔයාගේ වෛද්‍යවරයා අමතන්න. මේ කිසිම ලක්ෂණයක් කෝලික් නිසා ඇති වන ඒවා නෙවෙයි. නමුත් කෝලික් ඇති දරුවන්ට මේ ලක්ෂණ මතු උනොත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. 

 

දුර්වල නමුත් නොනවත්වා හැඬීමකදී 

වඩා ගන්නා විට ඇඟ පණ නැති ගතියක් දැනෙනවා නම්

වෙනදාට වඩා අඩුවෙන් දියර ලබා ගන්නවා නම්

වෙනදාට වඩා අඩු වෙන් මුත්‍ර පිට කරයි නම්

කොළ පැහැ තරලයක් වමනය කරයි නම්

දරුවාගේ මළපහ සමග රුධිරය පිට වෙනවා නම්

38 ° C හෝ ඊට වැඩි උණ ( මාස තුනකට වඩා අඩු නම්) හෝ 39 ° C හෝ ඊට වැඩි උණ ( මාස තුනක් හෝ හයක් වයසැති නම්)

දරුවාගේ හිස්මුදුනේ ඇති සියුමැලි ස්ථානය ඉදිමී ඇත්නම් (fontanelle)

නිල් පැහැ හෝ සුදුමැලි බවට හැරී ඇත්නම්

අපස්මාර තත්ත්වයක් ඇති වෙනවා නම්

ඉක්මණින් හුස්ම ගැනීම හෝ හුස්ම ගැනීමේ ගැටළු ඇති වීම

දරුවාගේ ශරීරයේ ඕනෑම තැනක  දම්-රතු පැහැති පැල්ලම් හට ගැනීම.

ගෙල තද කරන් ඉන්නවා නම්

 

බාලගිරි දෝසයට හේතුව කුමක්ද?

බාලගිරි දෝසයට හේතු නොදන්නා නමුත් උපකල්පන ගණනාවක් තියෙනවා. අජීර්ණය, යමක් සිරවී ඇති විට හෝ මව්කිරි වල ඇති ඇතැම් ප්‍රෝටීන ආසාදන සහ සීනි වලට තාවකාලික ඇති වන බඩවැල් සංවේදීතාව මෙයට ඇතුළත් වෙනවා. කෙසේ වෙතත්, මෙම උපකල්පන වලට ස්ථිර සාක්ෂි නැහැ. පිරිමි ළමයින් වගේම ගැහැණු ළමයින් තුළත් බාලගිරි දෝසය දක්නට ලැබෙනවා. ගර්භණීව සිටියදී දුම් පානය කළ මව්වරුන්ගේ ළදරුවන් තුළ බාලගිරි දෝසය වැඩියෙන් ඇති වෙනවා කියලා කිව්වත් නමුත් සාක්ෂි නිශ්චිත නැහැ.

 

දරුවා සැනසීම

ඔයාගේ දරුවා සැනසීමට හෝ කෝලික් වල රෝග ලක්ෂණ අඩු කිරීමට නිශ්චිත ක්‍රමයක් නැහැ. නමුත් ළදරුවන් විවිධ උපාය මාර්ග වලට ප්‍රතිචාර දක්වන නිසා සනසන්න පුළුවන්, එබැවින් පහත සඳහන් ක්‍රම වලින් ඔබට වඩාත්ම සුදුසු දේ තෝරා ගන්න.

 

අඬන දරුවා බ්ලැන්කට් එකකින් ඔතා තුරුල් කර සනසන්න.

සන්සුන්ව දරුවා සමඟ මෘදු ලෙස කතා කරන්න.

දරුවාට ආහාර හෝ රසයේ වෙනසක් අවශ්‍ය දැයි පරීක්ෂා කරන්න.

දිනපතා හොඳ ආහාර හා නිදි රටාවක් වර්ධනය කරන්න.

දරුවා අධෛර්යමත් නොකරන්න.

දිවා කාලයේ නින්ද ගැනීම සඳහා කාමරය අඳුරු කරන්න.

ළදරු සම්බාහනය හෝ උණුසුම් වතුරෙන් ස්නානය වැනි සන්සුන් ක්‍රම අත්හදා බලන්න.

දරුවා ඇඬීමට පටන් ගන්නා විටම ඔහු සනසවන්න.

දරුවා පුදුමයට පත් නොකිරීමට උත්සාහ කරන්න. 

උදා. ඉක්මන් ඇවිදීම වගෙ 

ෆෝමියුලා දෙනවා නම් එය නිසි ලෙස සකස් කර ඇත්දැයි බලන්න.

වෛද්‍යවරයා සමඟ මේ ගැන කතා කරන්න.