Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

ඔබේ දරුවා කීකරු දරුවකු ලෙස හදාගැනීමට ඔබ පිළිපැදිය යුතු පියවර කිහිපයක්

කීකරු දරුවකු හදාගැනීමට නිශ්චිතව කළයුතු දේවල් කිහිපයක් තියෙනවා. හැම විටම තරවටු කිරීම හෝ සැරවැර කිරීම දරුවකු කීකරුව හදා ගැනීමට ඇති හරිම ක්‍රියාමාර්ගය නෙවෙයි. අද Baby and Me තුළින් අපි කතා කරන්න හදන්නෙ කීකරු දරුවකු හදාගන්න ඔබ කළයුතු දේවල් කීපයක් ගැනයි

 

දරුවාට පැහැදිලි උපදෙස් ලබාදෙන්න

 

බොහෝ විට දෙමවුපියන් දරුවන්ට උපදෙස් ලබාදීමේදි ඔවුන්ට කෙළින් උපදෙස් ලබා නොදී එයට වක්රාකාරයෙන් විවිධ උපදෙස් ලබාදෙනවා. නමුත් දරුවන්ට උපදෙස් ලබාදීමේදී වඩාත් සාර්ථක වන්නේ පැහැදිලි, සංක්ශිප්ත ආකාරයට එය සිදුකළ යුතුයි. එවිට දරුවාට තම මව හෝ පියා පවසන කරුණ වැදගත් බවත් සුලුවෙන් තැකිය නොහැකි බවත් අවබෝධ වෙනවා

 

දරුවා අකීකරු වීමේ ඉඩ ප්රස්ථාව අඩුවන ආකාරයට උපදෙස් ලබාදෙන්න

දරුවාට උපදෙස් ලබාදෙනවිට දරුවාට ඔබ ලබාදෙන උපදෙස අනුව වැරදි හැසිරීමක් හෝ අකීකරු වීමට අවස්ථාව ලබා නොදිය යුතුයි. උදාහරණයක් ලෙස ඔබ සෑම දිනකම දරුවාට ඔහුගේ හෝ ඇයගේ කාමරය අස් කිරීමට පැවසුවා නම් එය අවසන් කළයුතු වේලාව පවසන්න එපා. වෙනුවට දරුවා සෑමදිනකම සවස 6. 30 වන විට කාමරය අස්කිරීම ආරම්භ කළයුතු බව පවසන්න

 

 දරුවාට තෝරා ගැනීමේ අවස්ථාව ලබාදෙන්න

 

දරුවාට සෑම පියවරකදීම තෝරා ගැනීමට ඉඩක් ලබාදෙන්න. උදාහරණයක් ලෙස ඔබ සෑම දිනකම සවස 6. 30 කාමරය අස් කිරීමට පවරා තිබෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ ප්රියතම රූපවාහිනි වැඩසටහන නැරඹීමට ඉඩ ප්රස්ථාව සැලසෙන්නේ කාමරය අස් කිරීමෙන් පසුව බවත් එසේ නොවනවා නම් ප්රියතම වැඩසටහන බැලීම වෙනුවට කාමරය අස් කිරීම කළ යුතුවන බව පවසන්න. එය තරමක් අසීරු වුවත් එමගින් දරුවා තම ක්රියාවන්ප්රමුඛත්වය ලබාදිය යුතු ආකාරය කුඩාකල සිටම ඉගෙන ගන්නවා

 

පියවරෙන් පියව උපක්රමශීලිව උපදෙස් ලබාදෙන්න

ඔබ දරුවාට උපදෙස් ලබාදෙන විට එසේ උපදෙස් ලබාදීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද සහ එසේ කිරීමෙන් දරුවාට අත්වන ප්රතිලාභය කුමක්ද යන්නත් අවබෝධයෙන් එය සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස ඔබේ දරුවා සෑම දිනකම ප්රමාද වී පාසලට යනවා නම් සහ ඔබට දරුවා සෑම දිනකම නියමිත වේලාවට පාසල් යැවීමට අවශ් නම් සහ උදාසන අවදිවීමට ඔබ ලබාදෙන අණ දරුවා කණකටවත් නොගන්නවා නම් මදක් උපක්රමශීලි පියවරක් අනුගමනය කළ හැකියි. උදාහරණ ලෙස දරුවාට එක දිගට දින 10ක් උදෑසන 6 අවදි වුවහොත් දරුවා ඉතාමත් ප්රිය කරන සෙල්ලම් බඩුවක් රැගෙන දෙන බව පවසන්න. එය එක දිගට දින 10ක් නියමිත වේලාවට පාසල් ගියහොත් ත්යාගයක් රැගෙන දීමට වඩා ප්රතිඵලදායක වනවා. එමෙන්ම දරුවාට තමා අවදිවන වේලාව සටහන් කිරීමට දින දර්ශනයක් රැගෙන දී සෑම දිනකම අවදි වන වේලාව සටහන් කිරීමට උපදෙස් දෙන්න

 

«

»