මීට් බෝල්ස් එක්ක ස්පැගති හදන්න රස වෑහෙන රෙසිපි එකක් මෙන්න

පොඩ්ඩො හරිම ආස කෑමක්නෙ ස්පැගති කියන්නෙ. ඔන්න අද අරන් ආව ලේසියෙන්ම රසම රස ස්පැගති එකක් හදාගන්න හැටි. බලන්නකො මෙහෙම හදල දීලා.

 

මීට්බෝල්ස් විත් ස්පැගති 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මීට්බෝල්ස් පැකට් 2 
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  3. චිකන් ස්ටොක් කෝප්ප 1
  4. ලුණු
  5. ගම්මිරිස්කුඩු
  6. තම්බාගත් ස්පැගති පැකට් එකක්
  7. පාමසාන් චීස් කෝප්ප 1
  8. පාස්ලි කෝප්ප 1/4

 

  • මීට්බෝල්ස් සහ චිකන් ස්ටොක් ලිපේ තබා එය උතුරන විට කිරි කෝප්ප 1ක් එක් කරන්න. 
  • එයට ලුණු, ගම්මිරිස් රස අනුව එක් කර මද වේලාවකින් ස්පැගති එක් කරන්න. දැන් පාමසාන් චීස් එකතු කරන්න.
  • ඉන්පසු එයට පාස්ලි කෝප්ප 1/4 ක් එක් කරන්න. හොඳට කලවම් කරලා තෙත ගතිය අඩු වෙනකොට ලිපෙන් බාගන්න.