ඔන්න උදේ කෑමකට ගුණදායක වගේම සැහැල්ලු කෑමක් කන්න කැමති ඕනම කෙනෙක්ට හදාගන්න පුළුවන් රස කෑමක් තමා මේ ස්පැනිෂ් ඔම්ලට්. බලන්නකො ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්.
ස්පැනිෂ් ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර දෙකක්
- පොඩියට කපාගත් ළූණු
- සිහින්වට පෙති කපාගත් අල
- ලුණු
- එළවළු තෙල්
- මුලින්ම එළවළු තෙල් ලිපේ තියල කපාගත්ත ළූණු සහ අල ගැඹුරු තෙලේ බැදගන්න.
- බිත්තර දෙකට ලුණු ටිකක් දාල හොඳින් හැන්දකින් කලවම් කරලා බැදගත්ත ළූණු, අල මිශ්‍රණයත් ඒකටම දාල හොඳින් කලවම් කරගන්න. විනාඩි 15ක් විතර වහල පැත්තකින් තියාගන්න.
- දැන් මේ මිශ්‍රණය තෙල් තවරල රත්කරගත්ත පෑන් එකකට දාල යටපැත්ත හොඳින් බැදෙනකන් විනාඩි 2ක් 3ක් අඩු ගින්දරේ තියන්න.
- පෑන් එකට උඩින් පිඟානක් තියල පරිස්සමට පෑන් එක අනිත් පැත්ත හරවල ඔම්ලට් එක පිඟාන උඩට අරගෙන එහෙමම නොබැදුණු පැත්ත පෑන් එකට දාගන්න.
- දැන් ඒ පැත්තත් විනාඩි දෙකක් විතර අඩු ගින්දරේ බැදගෙන ලිපෙන් බාගන්න.