Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

අලුත උපන් දරුවන් නෑවීමට ස්පොන්ජ් බාත් සිදුකරන ආකාරය

දරුවකු මෙලොව උපත ලබා පැය 24 කට පසුව නෑවීම කළ හැකියි. බොහෝ විට එය ස්පොන්ජයක් භාවිතයෙන් සිදුකරනු ලබනවා. එය සාමාන් නෑවීමට සමාන වන අතර බේසමකට ජලය පුරවා දරුවා බහා නැහැවීම මෙන් නොව දරුවා තුවායක් හො වෙනත් සුවපහසු මතුපිටක තබා තෙත රෙද්දකින් හෝ ස්පොන්ජයක් ආධාරයෙන් දරුවාගේ සිරුර පිස දැමීම සිදුකරනවා. එය ස්පොන්ජ් බාත් ලෙස හඳුන්වනු ලබනවා

 

ඇතැම් අවස්ථාවල දරුවාගේ පෙකණි වැළ ඉවත්වන තුරු ස්පොන්ජ් බාත් සිදුකරන අතර එය ඉවත්වී තුවාලය සුව වූ පසු සාමාන් ආකාරයට දරුවා නැහැවීම සිදුකළ හැකියි. එමෙන්ම දරුවා තරමක් වයසින් වැඩුණ පසුද ඉඳහිට අවස්ථාවක ස්පොන්ජ් බාත් ක්රමයට දරුවා නෑවීම කළ හැකියි

 

අලුත් බිළිඳුන්ට ස්පොන්ජ් බාත් අවශ්‍ය වන්නේ ඇයි?

 

අලුත උපන් දරුවන්ගේ පෙකනි වැළ වැටි වියළී යාම සිදුවන තෙක් ස්පොන්ජ් බාත් කිරීමෙන් එය තෙතමනයට සහ විවිධ ආසාදන වලට ගොදුරු වීමෙන් වළක්වා ගත හැකියි. සාමාන්යයෙන් දරුවා ඉපදී සති 1 ත් 2 ත් අතර කාලයේදි පෙකණි වැල හැලීම සිදුවනවා. නමුත් එය එසේ නොවේනම් හෝ රුධිර වහනය හෝ වෙනත් ගැටළුවක් ඇත්නම් ළමා රෝග වෛද්යවරයාගේ උපදෙස් ලබගැනීම සුදුසු වෙනවා

 

ස්පොන්ජ් බාත් සඳහා අවශ් වන්නේ මොනවාද?

 

  • මද උණුසුම් ජලය සහිත බේසමක් හෝ බඳුනක්
  • මෘදු රෙදි කැබල්ලක් හෝ ස්පොන්ජ්යක්
  • මෘදු තුවා
  • අවශ්‍ය නම් පුළුන් බෝල
  • මෘදු සබන් දියර වර්ගයක් (hypoallergenic වර්ගයක් නම් වඩාත් සුදුසුයි)
  • පිස දැමීමට අවශ් රෙදි
  • ඩයපර් සහ පිරිසිදු ඇඳුම්

 

ස්පොන්ජ් බාත් කරන්නේ කෙසේද?

 

දරුවා නැහැවීමට සුදුසු උෂ්ණත්වයකින් යුතු ජලය පුරවාගන්න. නැවතත් උෂ්ණත්වය පරීක්ෂා කරන්න. (ජලයේ උෂ්ණත්වය 90 ° F (32. 2 ° C) සිට 95 ° F (35 ° C වීම සුදුසුයි)

දරුවාගේ ඇඳුම් සහ ඩයපර් ඉවත් කර දරුවා තුවායක් වැනි පැතලි සහ සුවපහසු මතුපිටක තබන්න. (ඔබටත් දරුවාටත් සුවපහසු ඉරියව්වක් සහ ආරක්ෂාකාරී ස්ථානයක් තෝරාගන්න)

මුලින්ම දරුවාගේ මුහුණ සේදීමේ සිට නෑවීම ආරම්භ කළ යුතුයි. ස්පොන්ජය හෝ රෙදි කැබැල්ල ජලයේ පොගවා අතිරික්ත ජලය ඉවත් කර ඇස් ඇතුළත කෙළවරේ සිට කන් දෙසට කෙළවරට පිස දමන්න. ඇස් ආශ්රිත සම ඉතා සංවේදි බැවින් කපු පුළුන් බෝලද මෙයට භාවිතා කළ හැකියි

නැවත නැවතත් ස්පොන්ජය හෝ රෙදි කඩ තෙමා වතුර ඉවත් කරමින් කම්මුල්, නිකට, නළල, නාසයේ කොන් සහ කන් පිටුපස මෘදු ලෙස පිරිසිදු කරන්න. පිරිසිදු තුවායක් භාවිතයෙන් පිසදා ගන්න

දරුවාගේ ශරීරයේ අනෙකුත් කොටස්ද එසේ ජලයෙන් පිස, රෙදි කඩට හෝ ස්පොන්ජය මතට සබන් දියර ස්වල්පයක් දමා පෙණ පසු දරුවාගේ බෙල්ල, පපුව, උදරය, අත්, කකුල් සහ පිටුපස සේදුම් රෙද්දෙන් මෘදු ලෙස සම්භාහනය කරන්න. නැවතත් පිරිසිදු ජලය පොඟවා සබන් ඉවත්වන තෙක් පිස දමන්න

පිරිසිදු කිරීමේදි පෙකණි වැළ ආශ්රිත තෙමීමෙන් වැළකිය යුතු අතර යම් හෙයකින් එහි තෙතමනයක් ඇත්නම් එය රෙදි කඩකින් හොඳින් තෙතමාත්තු කළ යුතුයි

ඩයපර් ඉවත් කර දරුවාගේ තට්ටම් සහ ලිංගික ප්රදේශය පිරිසිදු කළ යුතු අතර ගැහැණු දරුවන්ගේ යෝනිය ඉදිරිපස සිට පසුපසට සෝදන්න. යෝනි මාර්ගයෙන් යම් ශ්රාවයක් පිටවීමක් ඇත්නම් එය මෘදු ලෙස පිරිසිදු කරන්න. පිරිමි දරුවන්ගේ ලිංගෙන්ද්රිය අවට මෘදු ලෙස පිරිමැද සෝදන්න

දරුවාට සීතල දැනීම අවම කිරීමට අවසානයට හිස සේදිය යුතුයි. ඔබගේ අත දරුවාගේ හිස පිටුපසින් දමා ඔබේ අතින් දරුවාගේ බෙල්ල ආධාරකයක් ලෙස තබා ගන්න. දරුවා මදක් ඇලකර ස්පොන්ජය හෝ රෙදි කඩ තෙත් කර හිස්කබල මෘදු ලෙස අතුල්ලන්න. මෙම වයසේ දරුවන්ගේ හිසට ෂැම්පු වර්ග දැමීම අවශ් නොවන අතර හොදින් හිස තෙත් කිරීමෙන් පසුව වියළි රෙදි කඩකින් හොඳින් පිස දා හිස වියළිය යුතුයි

වියළි පිරිසිදු මතුපිටක් මත දරුවා තබා හොඳින් පිසදා, අවශ් නම් මෘදු ළදරු මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කළ හැකිය. පසුව ඩයපර් හෝ නැපි අන්දා සුදුසු ඇඳුමක් ඇන්දවිය හැකියි. විශේෂයෙන් කාලගුණය අධික උණුසුම් හෝ සීතල නම් ආකාරයට සුදුසු ලෙස දරුවාට ඇඳුම් තෝරාගත යුතුයි

 

උණුසුම් නෑවීමකින් පසු ළදරුවන් හොඳින් නිදා ගැනීමට ප්රිය කරන බැවින් කුසගිනි වීම වැළැක්වීමට හොඳින් පෝෂණය කර තොටිල්ලේ තබන්න. පසුව ඔබ භාවිතා කළ තුවා සහ සෝදන රෙදි / ස්පොන්ජ් සෝදා හොඳින් වියළා ගන්න

 

ළදරුවෙකු ස්පොන්ජ්නෑවීම කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණා

  • දරුවාට සහ ඔබට පහසු පැතලි මතුපිටක් මත දරුවා තබන්න. දරුවාට වඩාත් සුවපහසු ආරක්ෂාකාරි ස්ථානයක් තෝරාගන්න
  • අවධානය ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ උස් ස්ථානයක තබා දරුවා නෑවීම කරනවා නම් ලිස්සා වැටීමට ඉඩ ඇති බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් වන්න
  • දරුවා නෑවීමට රැගෙන ඒමට පෙර අත්යවශ් සියළු දේ ළං කරගන්න. ඔබට යමක් අමතක වී හෝ දුරකතන ඇමතුමකට පිළිතුරු දීමට යනවා නම් හෝ දරුවා රැගෙන යන්න. නැතිනම් දරුවා වෙනත් වැඩිහිටියකු හට දෙන්න
  • දරුවාගේ මුහුණ ඉතා ප්රවේශමෙන් පිරිසිදු කළ යුතු අතර ඇස්, නාසය, මුඛය සහ කන් වලට ජලය ඇතුල් නොවන බවට වග බලා ගන්න
  • සම වියළී යා හැකි බැවින් දරුවාගේ මුහුණේ සබන් ආලේප කිරිමෙන් වළකින්න. ‍යන්තමින් හෝ සබන් දරුවාගේ ඇසේ තැවරුණහොත් ඉක්මනින් තෙත් රෙදි කැබැල්ලකින් පිස දමන්න

 

ස්පොන්ජ් බාත් යනු උපතින් පසු පළමු සති කිහිපය තුළ ඔබේ දරුවා පිරිසිදු කිරීමට යොදාගත හැකි ආරක්ෂිත මෘදු නෑවීම් ක්‍රමයක්. එමගින් දරුවාට වඩාත් සුවපහසුවක් සහ ආරක්ෂාවක් ගෙන දෙන නමුත් මවක ලෙස ඔබ ඉහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීම ඉතා වැදගත්. 

 

«

»