ඔබේ දරුවා වැඩෙද්දී උත්තේජන ලබා දෙන්න ඕනේ මෙහෙමයි

ඔබේ දරුවාගේ සංවේදීතාවයන්, හැකියාවන් උත්තේජනය කිරීම ආරම්භ කරන්න සුදුසුම වයස් ඛාණ්ඩය තමයි අවුරුදු 1 සිට 3 දක්වා කාලය. ඒක කිසිම වෙලාවක අනවශ්‍ය ඉක්මන් වීමක් නෙමෙයි. ඇත්තටම එහෙම ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්න එකෙන් ඔබේ දරුවා ඉගෙන ගැනීමට හා වේගයෙන් වර්ධනය වීමටත් දිරි ගන්වනවා. ඔබේ දරුවන්ගේ එම කුසලතා උත්තේජනය කිරීමට ඔබට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන උපදෙස් මෙන්න.

 

පන්දුවක් එක්ක සෙල්ලම් කරන්න 

මුලින්ම ඔබේ දරුවාගේ පැත්තට බෝලයක් රෝල් කරලා යවන්න. ඊට පස්සේ ආයි ඒක ඔබේ දෙසට පෙරළලා පෙන්නන්න. මේක දිගටම කරගෙන යන්න. නැවත බෝලය ඔබේ පැත්තට පෙරළන්න දරුවාව දිරිමත් කරන්න. වැඩි කාලයක් යන්න කලින් යන්න කලින් දරුවා ඉක්මණටම ඒකට හුරු වෙයි. ඊට පස්සේ ඔබටයි දරුවටයි ඉක්මණින්ම මේ සෙල්ලම ක්‍රීඩා කරන්න පුළුවන්. 

 

කතා කරන්න

 

ඔබේ දරුවා සමඟ නිරන්තරයෙන් කතා කරන්න. කතා කරද්දී දරුවාට වැඩිහිටියෙකු වගේ කතා කරන්න. ගායනා කරන ආකාරයෙන් කතා කරන්න එපා. ළමයින් එතකොට හරි විදිහට කතා කරන ආකාරය ඔබ තුළින් ඉගෙන ගන්නවා. කථා කිරීමට ඉගෙන ගන්නවා. දරුවා සාමාන්‍ය විදියට ඔබට කථා කළොත්, ඒ කියන්නේ දරුවා භාෂාව වේගයෙන් ඉගෙන ගන්නවා.

 

ඇවිදින්න

ඇඳ හෝ මේසය හෝ වෙනත් ගෘහ භාණ්ඩ අල්ලාගෙන හරි ඇයට ඇවිදින්න පටන් ගන්න ඉඩ දෙන්න. කැමතිම සෙල්ලම් බඩුවක් ඇඳ මත තියලා ඒක අත් දෙකෙන් අරගන්න ධෛර්යමත් කරන්න. මුලදී දරුවාට එක තැන ඉඳන්ම අරගන්න උත්සහ කරයි. ඒ නිසා ඒක ටිකක් දුරින් තබන්න. සෙමෙන් සෙමෙන් දරුවා සෙල්ලම් බඩුව වෙත යන්න පියවර තියයි.

ඔබේ දරුවා වෙහෙසට පත්ව සිටින බවක් පෙන්නුවොත් ඒක කරන්න බල කරන්න එපා. දරුවා තනිවම සිටගෙන ඉන්නකොට, ඔබම උත්සාහ කර ඇවිද්දවන්න උත්සහ කරනවා ඇති. නමුත් දරුවා බිමට වැටෙන මොහොතේ එහෙම වැටෙන්න ඇයට ඉඩ දෙන්න. දරුවන්ට අවශ්‍ය ඔබේ උත්තේජනය හා දිරිගැන්වීමයි. නමුත් බල කිරීමක් අවශ්‍ය නම් නෑ.

 

ආහාර

 

දැන් ඔබේ දරුවාට තනිවම කෑම ගන්න ධෛර්යමත් කරන්න. දරුවාට ආහාර දෙන්න කලින් ඔබ සමඟ මේසය මත හිඳ ගැනීමට ඉඩ දෙන්න. ඊට පස්සේ ආහාර බෙදා දීලා තනිවම කෑමට දරුවාව දිරිමත් කරන්න. මුලදී මෙය පහසු වෙන එකක් නෑ. මොකද දරුවන් ස්වභාවිකවම අන් සියල්ලටම වඩා ආහාර සමඟ සෙල්ලම් කිරීමට කැමතියි. ඒකටත් දරුවාට ඉඩ දෙන්න. ආහාර සමඟ සෙල්ලම් කිරීමත් දරුවන්ගේ අලුත් සොයා ගැනීමක්. බිබ් එක ආරක්ෂිත බව තහවුරු කර ගන්න. පත්තර කොළ කිහිපයක් පුටුවේ යටින් බිමට එළන්න. එතකොට ඔබට පිරිසිදු කටයුතු කරන්න ලේසියි. 

 

උණුසුම් හා සීතල

 

උණුසුම් හා සීතල යන සංකල්ප දෙක ඔබේ දරුවාට හඳුන්වා දෙන්න. උණුසුමේ තියන ආහාරයක්  මෘදු ලෙස ස්පර්ෂ කරන්න ඉඩ දීලා “උණුසුම” කියන්නේ ඒකටයි කියන්න. ඊට පස්සේ සීතල වතුර වීදුරුවක් ස්පර්ෂ කරන්නට ඉඩ දීලා “සීතල” කියන්නේ ඒකටයි කියලා දෙන්න. සෑම දිනකම සවස ඔබ ඔබේ දරුවා සමඟ ආහාර ගැනීමට වාඩි වුණාම ඒක කරන්න.