දරුවා සොරකම් කරන්න පුරුදුවෙලා​ද? ඒක වළක්වා ගන්නේ මෙහෙමයි

පොඩ්ඩන්ට දකින දකින ආකර්ෂණිය දේවල් වලට හිත යනවා. දරුවා ඒවා වලට ආසයි කියලා සොරකම් කරන්න ඉඩ දෙන්න බැහැ. දරුවා කුඩා කාලයේ සිටම සොරකම් කිරීමට ඉගෙන ගැනීම ඉතාමත් විනාශකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. දරුවා අතින් වන වැරදි ඒ වෙලාවේම හරි ගැස්සුවේ නැති නම් අනාගතයට ලොකු පසුතැවිල්ලක් එකතු කර ගන්නවා. සොරකම් කිරීම වැරදියි සහ අන් අයගේ දේපළට ගරු කිරීමට දරුවාට උගන්වන්න ඕනේ. අද baby and me අපි ඔයාට දරුවා සොරකම් කරන්න පුරුදුවෙලා නම් ඒක වළක්වා ගන්න විදිහ ගැනයි කියන්න හිතුවේ.

 

ළමයින් සොරකම් කිරීමට හේතු 

 

  • ඔයාගේ දරුවාට ඔහුගේ/ ඇයගේ ක්‍රියාවන් පාලනය කිරීමට නොහැකි විය හැකි අතර දරුවා ඉදිරිපිට දකින ඕනෑම දෙයක් සොරකම් කරන්න පුළුවන්.
  • දරුවා ඔයාට මිලදී ගෙන දිය නොහැකි යැයි හැඟෙන මිල අධික දෙයක් සඳහා ආශාවෙන් සිටින විට, ඔහු සොරකම් කිරීමට නැඹුරු වෙනවා.
  • දරුවාගේ ළග සිටින කෙනා හෝ මිතුරන් සොරකම් කිරීමට අනුබල දෙන කෙනෙක් නම් දරුවා අන් අයගෙන් දේවල් සොරකම් කරනවා.
  • ඔයාගේ දරුවාට තම ගුරුවරයාගෙන් හෝ දෙමව්පියන්ගෙන් ප්‍රමාණවත් අවධානයක් නොලැබෙන බව දැනෙන විට, ඔයාගේ  අවධානය ලබා ගැනීම සඳහා සොරකම් කිරීම වැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවය ඔහුට/ ඇයට දැනෙනවා.
  • සොරකම් කිරීම වැරදි දෙයක් බව නොදැන දරුවා සොරකම් කළ හැක. ඔහු/ ඇය විනෝදය නිසා තමාට ප්‍රයෝජනවත් නොවන දේවල් පවා සොරකම් කරනවා.

 

දරුවා සොරකම් කරන්නේ නම් එය වළක්වා ගන්නේ කෙහොමද?

දරුවාට කිසි විටෙකත් චෝදනා කරන්න එපා: ඔයාගේ දරුවා සොරකම් කර ඇති බවක් හෝ ඔයාට විශ්වාසවන්ත කෙනෙක් ඒ ගැන කිව්වා වුනත් දරුවාට ඒ ගැන චෝදනා කරන්න එපා. සමහර විට දරුවා බොරු චෝදනාවලට හෝ වරදවා වටහා ගැනීමකට ගොදුරු වෙලා ඇති. 

ඔහු හෝ ඇය වැරදි දෙයක් කර ඇති බව පැහැදිලිව කියන්න: සොරකම් කිරීමේ ක්‍රියාව පිළිගත නොහැකි බව ළමයින්ට කියා දෙන්න. දරුවන් කළ මෙම ක්‍රියාව වැරදි ක්‍රියාවක් බවත් එමගින් ඔවුන්ට දඩුවම් ලැබෙන බවත් ඔවුන්ට පවසන්න.

ඔයාගේ කේන්තිය පාලනය කර ගන්න 

හයියෙන් කෑගහල බනින්න එපා. අවශ්‍යම වේලාවක දරුවාට සැර කරද්දී වේවැලක් භාවිතා කර බය ගන්වන්න.

දරුවා විසින් ඔහුගේ/ ඇයගේ වැරදි වැඩ අවබෝධ කර ගන්න ඕනේ. 

නමුත් ඔහු නැවත සොරකම් නොකරන බවට පැවසීමට බල කරන්න එපා. දරුවා වැරදි වටහා ගෙන තමන් විසින්ම යහපත් ළමයෙක් වේවි.

 

වැරදි නිවැරදි කිරීමට දරුවාගෙන් ඉල්ලා සිටින්න

සොරකම් කළ බව ඔයාගේ දරුවා පිළිගන්නවා නම්, සොරකම් කළ පුද්ගලයාගෙන් සමාව ඉල්ලීමට පුරුදු කරන්න. දැඩි හැඟීම් සමනය කිරීම සඳහා එම පුද්ගලයාට කුඩා තෑග්ගක් දෙන්න. මෙය ඔයාගේ දරුවාට ලැජ්ජාසහගත අත්දැකීමක් විය හැකි අතර, සොරකම් කිරීමෙන් ඈත්ව සිටීමට ඔහුට උපකාරී වනවා.

 

ඔයාගේ දරුවාට සමාව දෙන්න

දෙමව්පියන් වශයෙන් ඔයාට මුහුණ දීමට මෙය වේදනාකාරී කාරණයක් වුවද, ඔයා තවමත් ඔහුට ආදරය කරන බවත් ඔහුට සමාව දුන් බවත් දරුවාට පවසන්න. ඔයා දරුවාට වැළඳගැනීමක් හා හාදුවක් ලබා දිය හැකි අතර එය අවධානය ලබා ගැනීම සඳහා ඔහු එය කර ඇත්නම් නැවත එය කිරීමෙන් වළකිනවා.

 

දරුවාගේ අවංකකමට ප්‍රශංසා කරන්න

දරුවා අවංක වී කතා කරන සෑම අවස්ථාවකදීම හෝ සත්‍ය පවසන විට ඔහුව අගය කරන්න.

 

හිමිකාරිත්වය ගැන උගන්වන්න

නියම අයිතිය ගැන දැන ගැනීමට දරුවන්ට උගන්වන්න. ඔයාට නිවසේ දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින විට  සහෝදරයාගේ හෝ සහෝදරියගේ සෙල්ලම් බඩුවක් සමඟ සෙල්ලම් කිරීමට අවසර ඉල්ලීමට ඔබේ දරුවන්ට උගන්වන්න.

 

මිල අධික ගැජට් එකක් පවා සොරකම් කිරීම පිළිගත නොහැකි බව ඔයාගේ දරුවාට ඉතා පැහැදිලිව තේරුම් කර කියා දෙන්න. දෙමාපියෙකු වශයෙන්, ඔයා මෙම ගැටලුව සමඟ කටයුතු කරන අතරතුර සන්සුන්ව හා වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. ඔයා කේන්ති අරන් දරුවන්ට දඬුවම් කළහොත් දරුවාට ඔයා කෙරෙහි ඇති විශ්වාසය ඇති වී යනවා.