ළදරුවන් සඳහා හොඳම සුපිරි ආහාර 5ක්

වැඩිහිටියන් සඳහා “සුපිරි ආහාර” ගැන බොහෝ ලිපි වලින් කතාබහ කරනවා. උදාහරණයක් විදිහට දෙළුම් හා පොල්, මගින් අසාමාන්‍ය ලෙස සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙනවා. නමුත් මේවායින් බොහොමයක් ළදරුවන් සඳහා සුදුසු වන්නේ නැහැ. ආහාර අනුභව කරන්න ආරම්භ කරන පොඩ්ඩෝ සඳහා සුපිරි, පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර කිහිපයක්ද තිබෙනවා.

 

දරුවන්ට ආහර දෙන මුල් කාලයෙදි විටමින්, ඛණිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක සහ phytochemicals වලින් පොහොසත් වෙන්න ඕනෙ. ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදි ආහාර වලින් ආරම්භ කිරීම  වැදගත්. මේ ආහාර දරුවා සඳහා තේරීම හොඳ අදහසක්.

 

1. අලිගැට පේර

විටමින් K, B6, C, ෆෝලේට්, පොටෑසියම්  සහ තන්තු වලින් හොඳ ප්‍රභවයකි. අලිගැට පේර කියන්නේ රසවත් හා ප්‍රියතම ආහාරයක් වන බවට විශ්වාසයි. අලිගැට පේර මොනෝසැටරේටඩ් මේදයෙන් පිරී ඇත. මෙය ඔබේ දරුවාගේ හදවත නිරෝගීව තබා ගැනීමට උපකාරී වන අතර අලිගැට පේර පොඩි කර පොඩ්ඩට කවන්න.

 

2. බාර්ලි

බොහෝ ළදරුවන් ආහාර ආරම්භ කරන්නේ සහල් හෝ ඕට්ස් වලින් තමයි. හැමදාම බත් කලා පොඩ්ඩට එපා වෙලාත් ඇති. ඉතින් ඇයි බාර්ලි උත්සාහ කරන්නේ නැත්තේ? ඛනිජ ලවණ හා තන්තු යන දෙකම අඩංගු බාර්ලි සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියකට ඉතා වැදගත්. සාස්පානකට වතුර හා බාර්ලි ඇට දමා උතුරවාගන්න. විනාඩි 30 ක් අඩු ගින්දරේ පිස ගන්න. කැඳ ගතියට ආවිට දරුවාට පොවන්න.

 

3. බතල 

නිතරම ලබාගන්න පුළුවන් වඩාත්ම පෝෂ්‍යදායී එළවළු වලින් එකක් වන බතල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර විටමින් ඒ, සී සහ බී 6 මෙන්ම ෆයිබර්, පොටෑසියම් සහ යකඩ වලින් පොහොසත්. රෝස්ටඩ් බතල වඩාත්ම රසවත්ය. නැති නම් මෘදු වන තෙක් තම්බා ගත් බතල පොතු හැර කර පොඩි කර කවන්න. 

 

4. Plums

 

සාමාන්‍යයෙන් දරුවාට මාස 8 කට පමණ පසුව හඳුන්වා දෙන එක සුදුසුයි. Plums ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ මට්ටමක පවතියි. ඒවා තන්තු හා විටමින් සී, ඒ සහ බී 2 හොඳ ප්‍රභවයකි. 

 

5. ඖෂධ සහ කුළුබඩු

නැවුම් ඖෂධ පැළෑටි සහ (මෘදු) කුළුබඩු ඔබේ කුඩා දරුවාගේ ආහාර රසවත් කරනවා විතරක් නෙවෙයි, ඒවා සෞඛ්‍යමය වාසි රැසක් සපයයි. බොහෝ කොළ පැහැති ඖෂධ පැළෑටි වල ආරක්ෂිත ප්‍රතිඔක්සිකාරක සහ phytochemicals අඩංගු වන අතර සමහර කුළුබඩු වලට ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ගුණ පවා ඇත. දරුවාගේ ආහාරයට එනසාල්, ඉඟුරු, බේසිල් හෝ මිංචි එක්  කරන්න. කුරුඳු, අසාත්මික නොවේ නම් එක් කරන්න.