ස්වභාවික ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට දරුවන්ට උදවු කරන්නේ කෙසේද?

ස්වභාවික ආපදා තත්ත්වයක් ඕනෑම අවස්ථාවකදි ඇතිවීමේ අවදානමක් තිබෙන අතර එය ගංවතුරක්, නායයාමක්, දැඩි නියඟයක්, භූමිකම්පාවක්, ලැව්ගිනි ආදි ඕනෑම දෙයක් විය හැකියි. වැඩිහිටියන් ලෙස අප එයට කෙසේ හෝ මුහුණ දුන්නද දරුවන්ට එයට මුහුණ දීම සහ හුරුවීම ඉතා අපහසු වන අතර එමගින් දරුවාගේ ශාරීරික සහ මානසික සෞඛ්යයට මෙන්ම යහපැවැත්මට දැඩිලෙස බලපෑම් එල්ල කරනු ලබනවා. නමුත් ස්වභාවික ආපදා තත්ත්වයකට පෙර සහ ස්වභාවික ආපදා තත්ත්වය අතරතුරේ සහ පසුව ඔබ කුමක් කළයුතුදැයි අවබෝධයෙන් සිටීම මගින් ඔබට දරුවාට වඩාත් සාර්ථකව ආපදා තත්ත්වයට මුහුණ දෙන්න උපකාර කළ හැකියි

 

ස්වභාවික ආපදා තත්ත්වයකට සූදානම් වන ආකාරය

භූමිකම්පා, ලැව්ගිනි, ගංවතුර වැනි ස්වභාවික ආපදාවලදී බොහෝ විට ජීවිත සහ දේපල හානි සිදුවීමේ ඉඩ ඇති අතර ඔබ ජීවත්වන ප්රදේශයේ නිතර ගංවතුර, නායයෑම් හෝ වෙනත් ස්වභාවික ආපදා නිතර ඇතිවීමේ අවදානමක් සහිත නම් පවුලක් ලෙස එයට මුහුණදීමේ පෙර සූදානමක් තිබීම ඉතා වැදගත් වනවා. එය පවුලේ ස්වභාවික විපත් වලට මුහුණ දෙන හදිසි සැලැස්ම නැතිනම් family emergency plan ලෙස හැඳින්විය හැකියි

 

හදිසි සැලැස්මක් සකස් කරන ආකාරය

  1. සූදානම්ව සිටින්න -Get prepared

ඔබ ජීවත්වන ප්රදේශයේ හදිසියේ ඇතිවිය හැකි ස්වභාවික ආපදා තත්ත්වයන් මොනවාද? එයට ප්රතිචාර දක්වන සේවා සපයන්නන් කවුද? ඔබට තොරතුරු දැනගැනීමට හැකි ආයතන සහ හදිසි තත්ත්වයකදී සම්බන්ධ කරගත හැකි ස්ථාන ගැන දැනුවත්ව සිටින්න

 

  1. සම්බන්ධව සිටින්න – Get connected

ප්රජා කණ්ඩායම්, සමාජ ජාල, අසල්වැසියන් ආදි ආපදා තත්ත්වයකදී ආධාර පැතිය හැකි අය සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා

 

  1. සෑමවිටම සංවිධානය වී සිටින්න – Get organized

ආපදා තත්ත්වයක් අතරතුරදී සහ පසුව දරුවාගේ සෞඛ් කළමණාකරණය කරන්නේ කෙසේද සහ කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ප්රමාණවත් පරිදි දැනුවත්ව සිටිය යුතුයි. දරුවාටද ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ වැදගත් කරුණු කිහිපයක් හඳුනාගෙන ආපදා තත්ත්වය අතරතුර ඒවා ආරක්ෂා කරගන්නා ආකාරය ගැන කියාදෙන්න

 

  1. අත්‍යවශ්‍ය දේ ඇසුරුම් කර තබාගන්න – Get packing

හදිසි ආපදාවකදී එයට මුහුණ දීමට අත්යවශ් දේ අසුරා තබාගන්න, අත්යවශ් ඖෂධ, ලියකියවිලි ආදිය පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයට අසුරා තබාගන්න. එමෙන්ම දරුවන්ගේ ප්රතිශක්තිකරණ වාර්තා, සහතික පත්, ගුවන් ගමන් බලපත් ආදියෙහි මුල් පිටපත් හැකිනම් නිවසින් පිටත සුරක්ෂිතාගාරයක තැන්පත් කර තබන්න. නැතිනම් ඩිජිටල් පිටපත් තබාගන්න

 

ඔබ ආපදා තත්ත්වයක දී එයට මුහුණ දෙන ආකාරය සහ පවුලේ සැලසුම් ගැන කතා කරන විට දරුවන්ද එයට සහභාගි කරවා ගන්න. එමගින් හදිසියේ ආපදා තත්ත්වයට මුහුණ දීමෙන් ඇතිවන කම්පනයෙන් දරුවන් මුදවා ගත හැකියි

 

ස්වභාවික ආපදා තත්ත්වයකදි ඇතිවිය හැකි මානසික තත්ත්වයන්

ස්වභාවික ආපදා තත්ත්වයකදී දරුවාපහත දැක්වෙන ආකාරයේ හැඟීම් ඇතිවිය හැකියි

 

  • පවුලේ සාමාජිකයින්, මිතුරන්, සුරතල් සතුන් හෝ ඔවුන්ගේ දේපල අහිමි වූවා නම් ගැන ශෝකය
  • ඇතැම් විට තම අසල්වැසියන් ස්වභාවික ව්යසනයෙන් මියයද්දි තමා ඇතුලු තම පවුල බේරුනා නම් දරුවා තුළ පසුතැවිලි සහගත බවක්, ලැජ්ජාවක් හෝ වරදකාරී හැගීමක් ඇතිවිය හැකියි
  • සිදුවන්නේ කුමක්ද යන්න ගැන භීතිය, කාංසාව හෝ අනාරක්ෂිතභාවය

 

ආපදා තත්ත්වයට මුහුණ දීමත් සමග දරුවා ඔබ අසලටම වී සිටීමට කැමති සහ ඉක්මණින් කෝපයට සහ නොසන්සුන් වන හැඟීම් පල කළ හැකියි. මෙය ආපදා තත්ත්වයකට මුහුණ දීමෙන් පසු ඇතිවන සාමාන් මානසික පීඩන තත්ත්වයක් වන අතර කාලයත් සමග එය මගහැරී යනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ඔබේ දරුවාගේ මානසික පීඩනය හා චිත්තවේගී හැඟීම් හේතුවෙන් යම් අසනීප ස්වභාවයන් ඇතිවිය හැකි අතර උදර වේදනාව සහ හිසරදය වැනි රෝග ලක්ෂණ පොදුවේ දැකිය හැකි වනවා

 

ස්වභාවික ආපදා තත්ත්වයක් සාර්ථකව කළමනාකරණය කරන ආකාරය

ස්වභාවික විපතකට සාර්ථකව මුහුණ දීමට දරුවාට ඔබගේ උදවු අවශ් වන අතර එය බොහෝවිට ඔබ නොසිතන ආකාරයෙන් සිදුකළ යුතුයි. ඇතැම් විට දරුවන් ඔබ බලාපොරොත්තු වෙනවාට වඩා එයට බිය විය හැකියි. ඇතැම් විට ඔබ බලාපොරොත්තු වෙනවාට වඩා ඔවුන් ඔවුන් තුළ වන බිය ප්රකාශ කළ හැකියි. ඒ නිසා පහත පියවර අනුගමනය කරමින් ආපදා තත්ත්වය මුහුණ දීමට දරුවාට සහය විය යුතුයි

 

  • පවතින ආපදා තත්ත්වය ගැන අනවශ් දේ නොමැතිව සරළව දරුවාට පැහැදිලි කරන්න
  • දරුවාට ආපදාව ගැන හැඟෙන්නේ කෙසේද සහ ඔවුන් සිතන්නේ කුමක්දැයි දැනගැනීමට ප්රශ්න අසන්න. එවිට ඔබට දරුවාගේ හැඟීම් තේරුම් ගත හැකියි. එමෙන්ම ඔබේ හැඟීම්ද දරුවා සමග බෙදාගන්න
  • මානසික ආතතියෙන් සහ කම්පනයෙන් මුදවා ගැනීමට දරුවා සෙල්ලම් කිරීමට හෝ වෙනත් විනෝදජනක ක්රීඩා වලට යොමුකරන්න
  • දරුවාආරක්ෂාකාරි හැඟීමක් ඇතිවීමට දෛනික රටාවකට හුරු කරවන්න
  • ආපදා තත්ත්වයකදී සියල්ල ඉක්මණින් වෙනස් වන බැවින් එයට දරුවා හුරුකරන්න
  • සිත සැහැල්ලු කරන ව්යායාමයන් දරුවාට හුරුකරන්න. උදාහරණ ලෙස ගැඹුරින් හුස්ම ගැනීම, යෝග ක්රමයන් වැනි දේ යොදාගත හැකියි
  • හැකි සෑමවිටම නිසිපරිදි ආහාර ගැනීමට, විවේක ගැනීමට සහ නිදා ගැනීමට ඔබේ දරුවා දිරිමත් කරන්න

 

ආපදා තත්ත්වයකදී වඩාත් වැදගත් වන්නේ එයට සාර්ථක යහපත් මානසික තත්ත්වයකින් යුක්තව මුහුණ දීමට දරුවාට සහය වීමයි. දරුවා ව්යාකූල තත්ත්වයෙන් මුදවා ගත් විට ඔබටද දරුවාගේ සහය ලබාගත හැකියි

 

මාධ් වාර්තා වලට ප්රතිචාර දක්වන්නේ කෙසේද?

ස්වභාවික ආපදා තත්ත්වයකදී එම ස්වාභාවික විපත් ගැන මාධ් වාර්තා සහ රූප නිරන්තරයෙන් දැකමෙන් සහ ඇසීමෙන් දරුවා මානසික ව්යාකූලභාවයකට පත්වීමට, කලබල වීමට හෝ බිය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා හැකිතාක් දුරට ඒවා සීමා කළ යුතුයි. යම් හෙයකින් ඔවුන් නිරන්තරයෙන් එවැනි දේට නිරාවරණය වෙනවා නම් ඔවුන් අසනු ලබන ප්රශ්ණ වලට සැලකිල්ලෙන් යුතුව පිළිතුරු ලබාදීම කළ යුතුයි. නැතිනම් දරුවා හට එම පුවත් මගින් අහිතකර බලපෑම් එල්ල වියහැකියි. තවද ඒවා සීමා කිරීම මගින් ඔබට දරුවා නිරන්තරව අසන ප්රශ්ණවලට පිළිතුරු දීමෙන් වැළකීමටද හැකියාව ලැබෙනවා

 

ආපදා තත්ත්වයකින් පසුව දරුවායම් මානසික අවපීඩන තත්ත්වයක් හෝ රෝගී තත්ත්වයක් තිබෙනවා නම් දරුවා වෛද් ප්රතිකාර හෝ මනෝවෛද් උපදෙස් වලට යොමුකිරීම වැදගත් වනවා

 

ආපදා තත්ත්වයන් හදිසියේ ඇතිවන අතර බොහෝවිට වැඩිහිටි අපද ඉන් කලබලයට පත්වනවා. ඒ නිසා දරුවන් කලබලයට පත්වීම සහ නොසන්සුන් වීම ඉතා සාමාන් තත්ත්වයක්. ඒ නිසා වැඩිහිටියන් ලෙස අප ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට දරුවාට මූලික අවබෝධයක් ලබාදීම තුලින් දරුවා අනවශ් පීඩනයකට ලක්වීමෙන් වළක්වා ගත හැක.