Search here...
TOP
එදිනෙදා ජීවිත​ය පෝෂණ​ය

බතල වලින් රසම රස බතල බොණ්ඩා හදමුද?

හැමදාම තම්බලම බතල කාලා පොඩ්ඩොන්ට බතල නම් එපා වෙලත් ඇති. හැබැයි බතල කියන්නෙ ඇඟ නිවන සිසිල්කාරක ගුණයෙන් යුක්ත ගුණදායක කෑමක්. ඉතින් ඔන්න බතල එපා වෙලා ඔන්න පොඩ්ඩොන්ට බතල කවන්න රස ක්‍රමයක් තමා අද අරන් ආවෙ.

බතල බොණ්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් බතල 3-4
  2. කඩල පිටි මේස හැඳි 2
  3. මිරිස්කුඩු තේ හැඳි 1
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. කෝන්ෆ්ලා තේ හැඳි 1
  6. බේකින් සෝඩා පින්ච් එකක්
  7. කහකුඩු පින්ච් එකක්
  8. තුනපහකුඩු පින්ච් එකක්

 

  • තම්බාගත් බතල වලට ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් දලා හොඳට පොඩි කරලා බෝල හදාගන්න.
  • කඩලපිටි, මිරිස්කුඩු, කහකුඩු, ලුණු, කෝන්ෆ්ලා, බේකින් පව්ඩර්, බේකින් සෝඩා හා තුනපහකුඩු දාලා කලවම් කරගන්න. මේකට වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න.
  • දැන් බතල බෝල මේ බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න.

«

»